පිරිමියෙකුට කිසිදාකවත් නොකිය යුතු දේවල් 8ක්

පිරිමියෙකුට කිසිදාකවත් නොකිය යුතු දේවල් 8ක්

වචන කිහිපයකින් ආදර සම්බන්ධතාවක් බිඳ වැටිය හැක. ඔබ වසර ගණනාවක් එකට සිටියත් ඔබ කවදාවත් පිරිමියෙකුට නොකිය යුතු දෙයක් පැවසුවහොත්, සියල්ලම එක මොහොතකින් කඩා වැටිය හැක. සාමාන්‍යයෙන් කාන්තාවන් ඉතා සංවේදී පිරිසක් වූවත් ඉවසිලිවන්ත, නිර්භය පිරිමින් පවා යම් දේවල් වලට හැඟීම්බර විය හැක. සමහර පිරිමින් හැසිරෙන්නේ කුඩා දරුවන් මෙන් ජීවිතයේ සෑම දේ සැහැල්ලුවට ගනිමිනි. ඔබ මෙවන් කෙනෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වන්නේ නම් ඔවුන්ට ඔනෑවටත් වඩා හුරතලය ලබා දීමෙන් හා සමීප වීමෙන් වලින්න. ඔවුන්ට නුරුස්සන දෙයක් ඔබ පැවසූ විට ඉන් ඔවුන් බලාපොරොත්තු නොවූ පරිද්දෙන් ප්‍රතිචාර දැක්වීමට ඉඩ ඇත. පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ ඔබ පිරිමියෙකුට කිසිදාකවත් නොකිය යුතු දේවල් 8කි.

1.ඔයා අම්මගේ පදේට නටන පුතෙක්

මෙවැනි පිරිමින් සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම තරමක් අසීරුය. නමුත් ඔබ ඔහුට ආදරේ කරන්නේ නම් හා ඔහු සමඟ ජීවත් වීමට බලාපොරොත්තු වන්නේ නම්, කවදාකවත් මෙසේ නොපැවසිය යුතුය. ඔබ ඔහු සිටින තත්ත්වය තේරුම් ගත යුතු අතර කිසිම අයුරකින් ඔහුව වෙනස් කිරීමට උත්සාහ නොගත යුතුය. විසි පස් වන වියේ සිටින පිරිමියා තම මව සමඟ සමීප ඇසුරක් පවත්වන්නේ නම් ඔහු 40වන් වියේදි පවා එසේ සිදු කරයි. මෙය තේරුම් ගෙන ඔබගේ මවට වඩා ඔහුගේ මවව අගය කරන්න පුරුදු වන්න. මෙලෙස ඔබට ඔබගේ නැන්දම්මාගෙන් පමණක් නොව තම සැමියාගෙන් අසීමිත ආදරයක් ලබා ගත හැක. පෞද්ගලිකවම, මා මෙවන් සම්බන්ධතාවයකට පිවිසීමෙන් වැලකී සිටින්නෙමි. මන්ද ඔහුගේ මව ගැන එක් වැරදි ප්‍රකාශයක් ඔබ දෙපල අතර ඇති බන්ධනය විනාශ කල හැකි බැවිනි. මෙය මා අත්දැකීමෙන් පවසන දෙයකි.

2.ඔයාගේ කලින් girl friend ගැන තවත් මට කියන්න

පරණ දේවල් ඇවිස්සීමෙන් කිසිදු ඵලක් නැතත්, අපේ සහකරුගේ පෙර පෙම්වතිය පිලිබඳ විස්තර දැන ගැනීමට අපට දැඩි වුවමනාවක් තිබිය හැක. පෙර ආදරයේ අනවශ්‍ය දේවල් හාර ඇවිස්සීමෙන් වලකින්න. ඔබගේ සිත් ගත් කෙනෙකු ඔබට කැමති යන වඟ නොපෙන්වන්නේ නම් හෝ ඔහුට පෙම්වතියක් සිටින්නේ නම් කවදාකවත් ඔහු ඇයත් සමඟ එකට සංසර්ගයේ යෙදුනා දැයි අසන්නට එපා. මෙසේ ඔබට කිසිදාක පිරිමියෙකුගේ ආදරය දිනා ගත නොහැක. පෙර ආදරයේ තතු විමසීමෙන් ඔබේ වර්තමාන සම්බන්ධතාවයට කිසිදු යහපත් බලපෑමක් ඇති නොවන බව මතක තබා ගන්න.

3.අර කෙල්ල මාර ලස්සනයි නේ

මෙම වැකිය බොහෝ සම්බන්ධතා කඩා දැමීමට මඟ පාදයි. ඔබ යම් හෙයකින් රූමත් ගැහැනු ලමයකු දැක මෙසේ පැවසූ විට, ඔබේ පෙම්වතා ද ඊට එකඟ වෙමින් ‘ඔව්, එයා හරි ලස්සනයි තමයි” යන්න පැවසූවේ නම් ඔබ සමහර විය එයින් දුකට පත් වී ඊරිසියා සහගත් සිතිවිලි වලින් ඔහු සමඟ අඩ දබර කිරීමට පටන් ගනියි. ඔබ ඔහුගේ අදහස් දැනගැනීමට ඇති කුතුහලය නිසා එවැනි ප්‍රශ්න ඇසූවත් ඔහු ඊට “ඔව්” යැයි පිලිතුර දුන් විට ඔබ ආහ් එහෙනම් ඔයා මට වඩා එයාට කැමතියි, ඇයි එහෙනම්, ඒ වගේ ලස්සන කෙල්ලකට ආදරේ කරේ නැත්තේ” වැනි ප්‍රශ්න අසා අනවශ්‍ය වාදයකට පැටලෙනු ඇත. ඔහු යම් හෙයකින් “නෑ” යැයි පැවසූ විට ඔහු ඇත්ත වසං කරන අටියෙන් එසේ පවසන්නේ යැයි ඔබට සිතෙනු ඇත. මෙවැනි සැක කිරීම් කෙලවර වන්නේ අමිහිරි විපාක රැසක් ඇති කරමිනි. කාන්තාවනි, අනවශ්‍ය ලෙස සැක කිරීම හෝ ඔබගේ සැමියාගේ විශ්වාසනීය බව නිතරම පරික්ෂා කිරීම ඔබගේ ආත්ම විශ්වාසයේ අඩු බව විදහා පාන ලක්ෂණ කිහිපයක් බව මතක තබා ගන්න.

4.අයියෝ. ඔයාට ෆන් එකක්වත් ගන්න දන්නෑ නේ

ඔබේ සහකරු එතරම් සමාජශීලි නොවන කෙනෙකු නම්, ඔබ ඔහුගේ ගති පැවතුම්වල ස්වාභාවය තේරුම් ගෙන කටයුතු කල යුතුය. ඔබ සාද වලට ගොස් අන් අය සමඟ විනෝද වන්නට ප්‍රිය කෙනෙකු වූවත්, ඔබේ සහකරු ඊට හාත්පසින් වෙනස්, තනිවම සිටින්නට කැමති, ලැජ්ජාශීලි පුද්ගලයෙකු විය හැක. එයින් ඔහු විනෝදවීමට නොදන්න පුද්ගලයෙකු යැයි ඔබට පැවසිය නොහැක. එම නිසා “ඔයාට ෆන් එකක් ගනන් හැටි උගන්නන්න වෙනවා, මොකද්ද අනේ ඔයාගෙ කිසි ජොලියක් නෑ නේ” යනුවෙන් චෝදනා කිරීමට පෙර ඔබ දෙවරක් සිතිය යුතුය. එම ප්‍රකාශයේ බරපතල කෙතරම්ද කියනවානම් සමහර විට ඉන් පසු ඔහු තුල ඔබ කෙරෙහි ඇති ආදරයේද පවා වෙනස් විය හැක. තනිව සිටින්නට කැමති පුද්ගලයින් ඔවුන්ට කැමති අයුරින් විනෝද වේ. ඔවුන් නීති ගරුක වන අතර තම පෙම්වතියන්ට ඉමහත් සේ ආදරය කරයි. නමුත් විශාල පිරිසක් ඉදිරියේ ඔවුන් සංවේදී වීමට ඉඩ ඇත. බොහෝ නිශ්ශබ්ද, සමාජශීලි නොවන පිරිමින් ඉතා විශිෂ්ට සැමියන් වන බව සනාථ කර ඇත.

5.මං ලස්සනද?

ඔබගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට අවශ්‍ය නම් ඊට කරුණාකර ඔබේ සැමියා ඉවහල් කර ගැනීමෙන් වලකින්න. නමුත් කාන්තාවන්ට තමා කෙරෙහි ඇති විශ්වාසය ඉහල නැංවීමෙහි ලා සැමියාට ඉමහත් මෙහයක් ඉටු කල හැක. ඔබ කවදාකවත් සැමියාගෙන් තමා ලස්සනද යන්න නොඇසිය යුතුය. ඔහු ඔබට ඇත්තටම ආදරේ කරන්නේ නම් ප්‍රශ්න ඇසීමකින් තොරවම ඔහු ඔබගේ රූ සපුව අගය කරයි. ඔහු එසේ නොකරන්නේ නම් ඉන් ඔබ අවලස්සනයි යන්න නොහැඟේ. සමහරවිට ඔහු ඔබට කිසිසේත් ආදරය නොකරන කෙනෙකු විය හැක.

6.ඔයාට ෆැෂන් ගැන කිසි දැනීමක් නෑ

ඔබගේ සැමියා අඳින පලඳින ආකාරය ඔබ අකමැති නම් ඒ බව ඔහුට නොපවසන්න. ඒ වෙනුවට ඔහුගේ පරණ ඇඳුම් ඉවත් කොට අලුත් ඒවා අරං දෙන්න. සාප්පු සවාරි යන විට ඔහු සමඟ ගොස් ඔබට ඇඳුම් තෝරා ගැනීමට ඔහුට උදව් විය හැක. යම් හෙයකින් ඔබ ඔහුට ෆැෂන් පිලිබඳ කිසිදු දැනීමක් නැතැයි පැවසුවේ නම් ඔහුගේ හිත රිදිය හැක.

7.මට ඔයා ආපහු කෝල් කරන්නේ කවද්ද? ආය ඔයා කවද්ද එන්නේ?

ඔබගේ පලමු හමුවීමෙන් පසු, ඔබ ඊලඟට ඔහුව හමුවෙන්නේ කවදාද යැයි දැන ගැනීමට කුතුහලයකින් පසුවේ. නමුත් ඔබ එසේ අසා නිතර ඔහුට කරදර නොකල යුතුය. සමහර පිරිමින් එවැනි ගැහැණු ලමුන්ට කැමති නැත. නැවතත් හමුවන දිනය හා වේලාව ඔහු ඔබට පවසනු ඇත. එම නිසා ඔහුට කරදර නොකරන්න. මෙය ආඩම්බරකාරි හැසිරීමක් නොවේ. ඕනෑවටත් වඩා එකට ඇලී ගැලී සිටීමෙන් ඔබ ඉවත් විය යුතුය.

8.ඕක නිකං වැඩක් නේ

ඔබගේ සැමියා වෙහස මහන්සි වී රැකියාවේ නිරත වන්නකු නම්, රාජකාරියේදි ඔහුට මුහුණ දෙන්නට සිදුවන ආතතින් වලදී ඔහු මානසිකව කඩා වැටෙන්නට ඉඩ ඇත. කවදාකවත් ඊට “අයියෝ, ඕක නිකං වැඩක් නේ” යැයි ඔහුව අවතක්සේරු නොකරන්න. පිරිමින් තම රාජකාරිය වැදගත්කොට සලකයි. ඔවුන් ඒ වෙනුවෙන් තම ශ්‍රමය උපරිමයෙන් යොදවයි. ඔබට ඔහු මානසික අසහනයෙන් පෙලෙන විට, “ඊලඟ පාර ඔයාගේ බොස් කොහොම හරි ඕකට කැමති වෙයි, ඔව්ව ඔහොම තමයි, සමහර විට එදා බොස් ගේ මූඩ් එක හොඳ නැතිවෙන්නැති, ඔතනින් අත් අරින්නෙපා, අපි තව පාරක් බලමු” යනුවෙන් ඔහුව තවත් ධෛර්‍යමත් කල හැකිය. මට ඔයා ගැන විශ්වාසයි යන වදන් පෙල තුලින් ඔබට ඔහු තුල විශාල වෙනසක් ඇති කල හැකිය.

About The Author

Next articleපවුල් ජීවිතයක සාර්ථකත්වය සඳහා ඔබ දෙපලම දැනගත යුතු කරුණු 6ක්
මේ හිරුණි. පෙර පාසල් ගුරුවරියක් ලෙස පුහුණුව ලැබූවත්, තමාගේ සුරතල් දරු දෙදෙනා වෙනුවෙන් ගෘහණියක් වීමට ඇය තීරණය කළා. ඇගේ යෙහෙලියන් පවසන්නේ පවුල්, ආදර, සමාජ සබඳතා ගැන උපදෙස් ලබා ගන්න හොඳම පුද්ගලයා හිරුණි බවයි. කාට හෝ හිතේ දුකක් ඇති වුනාම දුක්ගන්නා රාල වගේ හොයාගෙන එන්නෙ හිරුණිව. ඇය පුදුමාකාර ලෙස හින්දි ච්ත්‍රපට වලට ඇබ්බැහි වූවෙක්. ශාරුක් කාන් ගේ හොඳ රසිකාවියක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here