පවුල් ජීවිතයක සාර්ථකත්වය සඳහා ඔබ දෙපලම දැනගත යුතු කරුණු 6ක්

පවුල් ජීවිතයක සාර්ථකත්වය සඳහා ඔබ දෙපලම දැනගත යුතු කරුණු 6ක්

ඔබ දෙපලම වසර 5ක්, 10ක් හෝ විස්සකට අධික කාලයක් එකට ජීවත් වී ඇති නමුත් කෙමෙන් කෙමෙන් දෙදෙනා අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය පිරිහී යන බවක් ඔබට හැඟෙනවාද? ඔබ ඔහු සමඟ විවාහ වූයේ ජීවතුන් අතර සිටින් තාක් එකට ජීවත් වීමේ බන්ධනයක් සමඟිනි. නමුත් දැන් නම්, ඔබට ඔහු සමඟ වසරක් තියා සතියක් වත් එකට සිටිය නොහැකි තත්ත්වයක් උදා වී ඇත. අහිංසක ප්‍රේමයකින් ආරම්භ වූ ඔබ දෙපලගේ ආදර සම්බන්ධතාවය දැන් ප්‍රශ්න වැලකින් සමන්විත ව්‍යාකූල පවුල් ජීවිතයක් බවට පත් වී තිබේ. අඳුරු කාමරයකට ආලෝකය ලබා දුන් එළිය අද වන විට එක් සියලු දේ විනාශ කල හැකි එක් ගිනි සිළුවක් බවට පත් වී තිබේ.

ඔබගේ ජීවිතය පෙර තිබූ තත්ත්වයට ගෙන එන්නේ කෙසේද? මෙම සම්බන්ධතාවය සාර්ථක කරගැනීමට නම් මෙතෙක් ඔබ දෙපලටම අහිමි වූ දේවල් නැවත හරිගස්වමින් ජීවිතයට ආලෝකයක් ලබා දිය හැක්කේ කෙසේද?

මෙය ඔබ සිතන තරම් සංකීර්ණ දෙයක් නොවේ. පහත දක්වා ඇත්තේ සාර්ථක පවුල් ජීවිතයක පැවැත්ම සඳහා ඔබ දෙපළම අනුගමනය කල යුතු පුරුදු 6 කි.

සන්නිවේදනය. හැකි තරම් කතා බස් කරන්න
මෙහිදී ඔබ තම ස්වාමියාට හිරිහැරයක් වන අයුරින් නිකරුනේ ඕපා දූප කතා කිරීම හෝ ඔහුගේ වැරදි ඉස්මතු කරමින් නිතර බැන වැදීම මා අදහස් කලේ නැත. ඔබ දෙපල කතා කල යුත්තේ පෙර දින ඔබ ප්‍රේමයෙන් වෙලුණු කල කතා කල දේවල් ගැනය. ජීවිතය, විවාහෝත්සවය, දරුවන්, සිහින, වැනි දෑ පිළිබඳ අදහස් ඔබ බෙදා ගත්තේ කුලු පග මිතුරන් දෙදෙනෙකු ලෙසිනි. විනෝදජනක දේවල් ගැන කතා බස් කරන්න. අද රාත්‍රී කෑමට පිළියෙල කල යුත්තේ මොනවාද, එසේත් නැත්නම් අසල්වැසියන් ලඟකදී ඔවුන්ගේ නිවසට ගෙන ආ අලුත් ෆ්ලැට් ස්ක්‍රීන් TV එක ගැන කතා කරමින් වළකින්න.

අසල්වැසියන්, මිතුරන් හෝ ඥාතීන් සමඟ ඔබගේ ජීව්තය සැසඳීමෙන් වළකින්න
තවත් කෙනෙකු සමඟ ඔබේ ජීවිතය සැසඳීම ඔබගේ සම්බන්ධතාවයට අහිතකර බලපෑමක් ඇති කරයි. එයින් ඉඟි කරනු ලබන්නේ ඔබ ලද දෙයින් තෘප්තිමත් නොවන කෙනෙකු බවත් සහකරුට තමාට අවශ්‍ය දේ ලබා දීමට නොහැකි බවත් ය. ඔබට අල්ලපු ගෙදර මිස්ටර් පෙරේරාගේ පවුල සේ හැසිරිය නොහැකිය. ඔබ අන් අය කරන කියන දේ ගැන නොසිතමින් ජීවිතයේ තමා ලද දෙයින් තෘප්තිමත් වන්නට උත්සාහ ගත යුතුයි. ඔබ සැමවිටම අන් අය සමඟ සැසඳිමේ ක්‍රීඩාවක නියැලෙනවා නම් එයින් කියවෙන්නේ ඔබ කිසි දෙයකින් සතුටු නොවන, අන් අයට වඩා තම පහත් තත්ත්වයක සිටිනවා යැයි සිතන ඍණාත්මක පුද්ගලයෙකු බවය.

සැමවිටම ලද දෙයින් තෘප්තිමත් වන්න
මිස්ටර් පෙරේරාට ඔබට වඩා වෙනස් අන්දමේ ප්‍රශ්න තිබෙන්නට පුලුවන. ඔබට ලැබී ඇති ජීවිතය පිලිබඳ සතුටු වන්න.. ඔබට දායාද වී ඇති නීරෝගි ශරීර සෞඛ්‍යය හා දෙදෙනා අතර ඇති ආදරය, විශ්වාසය හා බැඳීම වෙනුවෙන් කෘතඥපූරක වන්න. එක පවුලක් සේ එක වහලක් යට ජීවත් විමේ වාසනාව හිමි වීම පිලිබඳ සතුටු වන්න. දෙදෙනා අතර ඇති සමබන්ධතාවය ශක්තිමත් කිරීමට හේතුවූ සියලුම දේ පිලිබඳ මෙනෙහි කරමින් දෙපලම තමාට ලැබි ඇති ජීවිතය පිලිබඳ තෘප්තියක් විඳින්න. දිනපතා, මිනිත්තු කිහිපයක් මේ සඳහා ඔබට වෙන් කල හැකිය. මෙයින් ඔබ දෙපල අතර ඇති බන්ධනය ශක්තිමත් වනවා පමණක් නොව ඔබගේ ජීවිතය සෞභාග්‍යමත් කිරීම සඳහ තව තවත් දායාද ඔබට හිමි වනු ඇත.

ඔබ වෙනුවෙන් යම් කාලයක් ගත කරන්න
එකිනාගෙන් මදකට වෙන්වී තමා වෙනුවෙන් යම් දෙයක් කිරීමට කාලය යොදා ගන්න. යහලුවන් සමඟ එක් වීම හෝ සති අන්තයේ විනෝද චාරිකාවක් යෑම ඔබට කල හැකිය. මෙසේ ස්වාධීනව තමා වෙනුවෙන් යමක් කිරීම්ට පෙළඹීම අනිවාර්ය වේ. එකිනෙකා මත යැපීම මානසික වශයෙන් ඔබට අසහනකාරි විය හැක. ඔබ මසකට වරක් තම සහකරුගෙන් වෙන්වී තනිව කාලය ගත කිරීමට ඉගෙන ගැනීමෙන් ඔහුගේ/ඇයගේ වටිනාකම තවත් අගය කරන්නට පෙළඹෙනු ඇත. ඔබට නිසැකයෙන්ම ඔවුන්ගේ අඩුව දැනෙනු ඇති අතර තම ජීවිතයේ ඔවුන් කෙතරක් වැදගත් ද යන්න ඔබට වැටහේ.
වාද කිරීමට නොපැකිලෙන්න
ඔබට කිසියම් දෙයක් නුරුසන්නේ නම් හෝ යම් දේකට එරෙහිව තම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් වාද කිරීමට නොපැකිලෙන්න. ඉඳ හිට වාද කිරීමෙහි කිසිදු වරදක් නැත. එහෙත් කුණු හරුපෙන් එකිනෙකාට අපහාස වන අයුරින් හැසිරීම අනුමත කල නොහැක. බොහෝ විවාහ උපදේෂකවරුන්ගේ මතයට අනුව දෙපල අතර වාද විවාද ඔවුන්ගේ සිත් තුල තැන්පත් වී ඇති හැඟීම් ප්‍රකාශ කිරීම සඳහ වෙන්වූ මාර්ගයකි. අපේ සිත් තුල ගැබ් වී ඇති හැඟීම් පිට කල විට අපට සහනයක් දැනේ. නමුත්, ඔබගේ මුවින් පිටවන සෑම වදනක්ම ප්‍රවේශමෙන් භාවිතා කරන්න.

අමනාපයකින් පසු ලිංගිකව එක්වීම
වාද විවාදයකින් පසු, ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ඔබ අතර ඇති අන්‍යෝන්‍ය අවබෝධය තවත් ත්‍රීව වෙයි. ඔබ දෙදෙනාම දුක බෙදා ගෙන ඇති අතර දැන් ඔබට එකිනාව මැනවින් තේරුම් ගත හැක. අමනාපයකින් පසු ලිංගික එක්විමෙන් ඔබ දෙපල තවත් සමීප වෙයි. දෙදෙනා අතර ඇති බන්ධනයේ වටිනාකම තවත් ඉහල යයි. නීරෝගි, සාර්ථක පවුල් ජීවිතයක පැවැත්ම සඳහා මෙවන් හැසිරීම් අත්‍යවශ්‍ය වේ.

පවුල් ජීවිතයක් සමන්විත වී ඇත්තේ රෝස මල් වලින් පමණක් නොවේ. එහි ඇති කටුක බව ඔබ සිතන තරම් අප්‍රසන්න ද නොවේ. තත්ත්වය පාලනය කල නොහැකි නම් ඔබ විවාහක උපදේෂකවරයකු හමු විය යුතුය. කෙසේ නමුත් අමනාපකම්, අඩ දබර මධ්‍යයේ ඔබට පහසුවෙන් පෙර තිබූ සුන්දර , ආදරය හා සෙනෙහසින් පිරුණු ජීවිතයකට නැවතත් ප්‍රවේශ විය හැක.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here