කසාද ජීවිතයේදී කිසිදා නොකියයුතු අනතුරුදායක වචන 3ක්

කසාද ජීවිතයක අනතුරුදායක වචන 3ක්

විවාහය පිළිබඳ මා වසර ගණනාවක් තිස්සේ කල පර්යේෂණ තුලින් හා විවාහක යුවල් ගණනාවක් අධ්‍යයනය කිරීම ඔස්සේ මා ලබා ගත් දැනුම හේතුවන් මට දැන් ඕනෑම විවාහක යුවලක් දෙස බැලීමෙන් ඔවුන්ගේ ජීවිතය කෙසේද යන්න යම් අවබෝධයක් ලබා ගත හැකි වේ.

සැමියා හා බිරිඳ අතර පැවැත්වෙන සංවාදයක, ඔවුන් එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගන්නා ආකාරය, එහි ගැබ්ව ඇති හැඟීම් හා ඔවුන් භාවිතා කරන වචන වලින් දෙදෙනා අතර ඇති සම්බන්ධතාවයේ සමීප බව මට වටහා ගත හැකි වේ. ගෞරවය, විශ්වාසය හා අන්‍යොන්‍ය අවබෝධයකින් යුක්තව විවාහක යුවලකට සාර්ථක ජිවිතයක් ගත කල හැකි වේ. පහත දැක්වෙන්නේ ඔබ විවාහ ජීවිතයේදි අනිවාර්යයෙන් නොපැවසිය යුතු වචන තුනකි.
මෙම වචන 3 ඔබගේ වාග් මාලාවෙන් ඉවත් කල හොත් දෙපලටම ඉතා සාර්ථක අනාගතයක් ලඟා කර ගත හැක.

1.”කවදාහරි”
මෙම වදන් පෙල සිතන තරම් හානිදායක නොවූවත්, “කවදහරි අපි දෙන්නට එකට ඉන්න වෙලාවක් හම්බ වෙයි, කවදහරි අපිට මේ කසාදයේ තියෙන ප්‍රශ්න විසඳන්න පුලුවන් වෙයි” යනුවෙන් පැවසීමෙන් කිසිදු ඵලදායි ප්‍රතිඵලයක් අපේක්ෂා කල නොහැක. ඔබ කවදහරි සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන සිහින සඳහා අද සිටන්ම වැඩ කරන්න. එවන් දේ කල් දැමීම ඔබගේ කසාද ජීවිතයට අහිතකර ලෙස බලපායි.

2. අපහාසාත්මක ලෙස පවසන ඕනෑම දෙයක්.
ඔබ සහකරුවා සමඟ කතා කිරීමේදි භාවිතා කරන වචන වගේම එහි විලාශය ද එක්ස සේ වැදගත් වේ. එය ඔබගේ විවහ ජීවිතයට තදින්ම බලපායි. ඔබ තම සැමියාට හෝ බිරිඳට කතා කිරීමේදි කාරුණික වන්න. අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව අදහස් හුවමාරු කර ගන්න. එයින් ඔබේ ජීවිතය තුල විශාල වෙනසක් සිදු වනු ඇත.

3. දික්කසාදය
මෙම වචනය ඔබ පාවිච්චි නොකල යුතුම වචනයකි. ඔබ දික්කසාදය තර්ජනයක් ලෙස භාවිතා කරන සෑම අවස්ථාවකම දෙදෙනා අතර ඇති විශ්වාසය බිඳ වැටේ. එය භාවිතා කරන අවස්ථාව වැඩි වත්ම කසාදයේ බන්ධනය ලිහිල් වේ. මුලදී ඔබට එහි බරපතලකම නොතේරුනත් අවසානයේදි එම තර්ජනය සැබෑ දික්කසාදයකින් කෙළවර විය හැක. එම නිසා හැකි තරම් වෙනත් මාර්ග වලින් ප්‍රශ්න විසඳා ගන්න බලන්න

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here