ඔබත් Facebook ඇබ්බැහියෙක්ද?

0
2511
ඔබත් ෆේස්බුක් ඇබ්බැහියෙක්ද?

අප දැන් යන යන තැන ෆේස් බුක් චෙක් කරන්නට පුරුදු වී සිටිති. ස්මාට් ෆෝනයේ, ටැබ්ලට් එකේ, ලැප් ටොප් එකේ, රූපවාහිණියේ, මෙන්ම වෙනත් අවස්ථාවක වුවද අපේ මන්ස නිතරම ෆේස් බුක් හි ජීවත් වේ. ලෝකයේ වැඩියෙන් ව්‍යාප්ත වූ ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස් බුක් අද බොහෝ ඇබ්බැහියන් ගොදුරු කර ගෙන අවසානය.
පුවත් පත් වාර්තාවකට අනුව ෆේස් බුක් හි නිතරම පුවත් කියවන , ගේම් ගසන හා නව මිතුරන් මුණ ගැසීමට හා තම ජනප්‍රියතාව ඉහළ නැංවීම සඳහා විවිධ posts පල කරන පුද්ගලයින් මෙම ඇබ්බැහිවීමට ලක් වී සිටිති.
එම වාර්තාවට අනුව ඔවුන්ගේ ඇබ්බැහිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ක්ෂණික තොරතුරු හා විනෝදාශ්වාදය ලබා ගැනීමේ අරමුණයි. උදාහරණයක් හැටියට, “මෙම සති අන්තයේ කොළඹ පැවත්වෙන උත්සවයන් කුමක්ද?”

මෙය සිතන තරම් නරක දෙයක් නොවේ. සමහර පුද්ගලයින් ෆේස් බුක් භාවිතා කරන්නේ ඔවුන් පල කරන posts සඳහා ප්‍රතිචාර ලබා ගැනීමටය. එසේම එවන් සමාජ ජාලාවක් තුල ගැවසීමෙන් තමා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තැත් කරන උදවියද සිටිති. ඔවුන් තමා gym එකේ සිටින බව post කරයි. තමාගේ දේශපාලන මත හෝ ඉදිරියේදි මුහුණ දෙන්නට සිදුවන අභියෝගයක් ගැන ඔවුන් status  පල කරයි. තමා upload කරන posts වලට මිතුරන් දක්වන ප්‍රතිචාරය අනුව ඔවුන් තමා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්නා බව ෆෙරිස් පුවත් පත් සාක්ච්ඡාවකදී පැවසුවේය.
තමා ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න සමාජ ජාලා වල බෙදා ගනිමින් මිතුරන්ගේ අවවාද හා අදහස් තුලින් යම් අවබෝධයක් ලබා ගැනීමට සමහර උදවිය පුරුදු වී සිටියි. මෙහි නිරවද්‍යතාව සොයා ගැනීම සඳහා, වයස අවුරුදු 18 ත් 68 ත් අතර අඩුම තරමේ මාසයකට එක් වතාවක් වත් ෆේස් බුක් පාවිච්චි කරන පුද්ගලයින් සමීක්ෂණයකට භාජනය කරන ලදී. tතමාට යම් දැනීමක් ලබා ගැනීම සඳහාත්, නව මිතුරන් මුණ ගැසීමටත් ෆේස් බුක් භාවිතා කරන බව ඔවුහු පැවසූහ.
අධික ලෙස ෆේස් බුක් භාවිතය මෙම සමීක්ෂණ වලට මූලික වී ඇත. පෝලන්ඩ් හි කරන ලද සමීක්ෂණයකට අනුව අධික ලෙස ෆේස්බුක් හි කාලය ගත කිරීම මානසික ආතතියට හේතු වේ. මෙය ඇබ්බැහිවීමක් ලෙසද සැලකිය හැකි අතර පෙලක් අය පවසන්නේ මෙය ෆේස් බුක් හි බොහෝ වේලාවක් ගත කිරීම නිසා ඇති වන ප්‍රතිඵලයක් කියාය. රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට “අන්තර්ජාලයට ඇබ්බැහිවීම නිසා ආතතිය, තනිකම, ලිංගික අප්‍රාණිකත්වය සහ අනෙකුත් ඇබ්බැහිවීම ඇතිවන බව සමීක්ෂණයකින් සොයා ගෙන ඇත” මෙම අධ්‍යයනයේ මූලික පරමාර්ථය වූයේ ආතතිය සහ අන්තර්ජාල ඇබ්බැහීවමට ෆේස් බුක් බලපානවාදැයි සොයා බැලීමයි.

මෙය 100% සත්‍ය නොවේ. ඔබ ෆේස් බුක් භාවිතා කරන අන්දම ඔබගේ පෞර්ෂත්වය සමඟ වෙනස් වේ. උදාහරණයක් හැටියට Washington University School of Medicine in St. Louis හි වෛද්‍ය රොබට් ක්ලෝනිංග් මහතා රොයිටර් පුවත් සේවයට වාර්තා කල අන්දමට සමාජශීලි නොවට පුද්ගලයින් ලැජ්ජාශීලි බව නිසා ෆේස් බුක් ඇබ්බැහිවීමට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩි බවය.

“ඔබ එතරම් සමාජශීලි නොවේ නම් හා ලැජ්ජාශීලි නම් ඔබ්ගේ සමාජ සම්බන්ධතා එතරම් දියුණු තත්ත්වයක තිබිය නොහැකියි. එම නිසා අන්තර්ජාලය හරහා ඔබ වෙනස් පෞර්ෂත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ ගනියි. සැබෑ ජීවිතයේදි සමාජශීලි නොවන ඔබට එම ෆැන්ටසි ලෝකය ඔබට රිසි සේ මිතුරන් සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වේ.”
Medical Daily වාර්තා කරන අන්දමට ෆේස් බුක් ඔබගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරයි. තම අතීතය පිළිබඳ මතක් කරදීම සේම අනන්‍යතාවය සම්බන්ධ ප්‍රශ්න (Identity Crisis) මේ තුලින් හට ගනියි. University of Michigan හි කරන ලද සමීක්ෂණයකට අනුව ෆේස් බුක් භාවිතය සමහර පුද්ගලයින්ගේ මානසික මට්ටම පහත් තත්ත්වයකට ඇද දමයි. මිතුරන් සමඟ තම ජීවිතය සැසඳීමට යාමෙන් මෙවන් ඍණාත්මක, හීනමාන හැඟීම් හටගන්නා බව සොයා ගෙන ඇත. නමුත් මෙය සියලුම දෙනාට අදාල වන්නේ නැත. මෙහි තවත් පැතිකඩක් ඇත. සමහර පුද්ගලයින් තම අතීත ජයග්‍රහණ, මතකයින් අවදි කිරීම සඳහා ෆේස් බුක් භාවිතා කරයි. එයින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ඉහල යන බව ThinkProgress  වාර්තා කර ඇත.

2013 දී  University of Portsmouth හි කරන ලද සමීක්ෂණයකට අනුව බොහෝ ෆේස් බුක් වාසීන් ස්වයං හැඟීම් පාලයනක් සඳහා තම පරණ ස්ටේටස්, පින්තූර හා posts පිරික්සන බව වාර්තා කර ඇත. ” ෆේස් බුක් නිර්මාණය කර ඇත්තේ පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා බව මනෝ වෛද්‍ය ක්ලෑර් විල්සන් පවසා ඇත. කෙසේ වෙතත් බොහෝ අය ෆේස් බුක් භාවිතා කරන්නේ වර්තමාන මානසික මට්ටම පහත් වැටුණු අවස්ථා වල තම පරණ මතකයින්, ජයග්‍රහණ දෙස බලමින් තමාගේ ආතම විශ්වාසය ගොඩ නැගීම සඳහාය. මෙම පැරණි මතකයින් අපගේ ඍණාත්මක හැඟීම් පාලනය කිරීමට උපකාරි වේ.”

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here