ජීවිතය විඳින්න. ඔබ තනිව සංචාරයේ යෙදිය යුත්තේ ඇයි?

0
3414
ජීවිතය විඳින්න. ඔබ තනිව සංචාරයේ යෙදිය යුත්තේ ඇයි?

තනිව සංචාරයේ යෙදීමෙ ප්‍රතිලාභ පිලිබඳ හරි හැටි නොදන්නා නිසා බොහෝ පුද්ගලයින් තනියෙන් සැරි සරන්නට බිය වෙයි. තනියෙන් දේශාටනයේ යෙදීම ඔබ ජීවිතයේ අනිවාර්යයෙන් විඳිය යුතු අත්දැකීමකි. තනියෙන් විදේශ සංචාරයක යෙදීමේ කිසි ජොලියක් නැත් බවත් එය අනතුරුදායක විය හැකි බවත් සිතීම මිත්‍යාවකි. ඔබ සංචාරය කරන රට හා ඔබගේ ආත්ම විශ්වාසය මත එය තීරණය වේ. තනිව සංචාරයේ යෙදෙන ඔබට නව මිතුරන් හමුවීමටත්, විවිධ සංස්කෘතීන් ගැන දැනුවත් වීමටත් තමා පිලිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබේ. දේශිය පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් සමඟ සංවාදයේ යෙදිමට ඔබට හැකි පමණ කාලය ලැබේ. ඔබට තනිවම කාලය ගත කල නොහැකි නිසා ඔබට කැමති ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබේ. ඔබ තුල තිබෙනෙ භිය දුරු කර දැන්මම තනිවම රටකට සංචාරය කරන්නට අදිටන් කර ගන්න. මම පහත දක්වා ඇති හේතූන් ඔබට වැදගත් වේ යැයි මා සිතමි. එයින් ඔබට තනිවම සංචාරය කිරීමේ ආසාවක් ඇති වේවා යැයි මම බලාපොරොත්තු වෙමි.

ඔබගේ සංචාරයේ අය වැය සැලසුම් කරන්න

බොහෝ දෙනා සිතන්නේ තනියම සංචාරයේ යෙදීම කණ්ඩායමක්  සමඟ යනවාට වඩා මිල අධික බවයි.නමුත් උදාහරණයක් ලෙස ඔබට තනිවම සාප්පු සවාරියේ යනවිට ඔබට වැඩියෙන් මුදල් වැයවෙන්නේ නැත. සාප්පු සවාරි යාම හා සංචාරයේ යාම විවිධ අවස්ථා දෙකකි. තනිවම සංචාරයේ යෙදෙන ඔබට හොස්ටල් වැකි කුඩා කාමර වල ලැඟුම් ගැනීමටත්, අඩුවෙන් සාප්පු සවාරිවල සා සාදවලට යාමටත් ලාහදායි ගුවන් ටිකක් ලබා ගැනීමටත් හැකියාව ලැබේ.ඔබගේ යහලුවන් කැමති ස්ථාන වලට ඔබත් යාමෙන් අනවශ්‍ය ලේස වැයවන මුදල ඔබට ඉතිරි කල හැක. ඔබට අවශ්‍ය ස්ථාන වලට පමණක් යන්න. මුලින්ම තමන්ගේ ආරක්ෂාව පිලිබඳ සැළකිලිමත් වන්න.

ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනකට යා හැක

ගමනට දින කිහිපයකට පෙර සියලු ගමන් සැලසුම් අත් හැරපු මිතුරන් මට සිටියේය. නමුත් අද ඔවුන් තනිවම සංචාරයේ යෙදෙන අතර සිතන තරම් එය භියජනක නොවන බව ඔවුන්ගේ මතයයි. මා මුලින්ම සංචාරය කරන විට මගේ හිත තුල යම් කුකුසක් ඇතිවිය. ගැට කපන්නන්ගෙන්, අලුත් භාෂාවන්ගෙන් හා ස්ථාන වලට වඩා මම තනිකම ගැන සිතමින් බියට පත් විණෙමි. නමුත් සංචාරයේ යෙදෙන විට එම බිය සහමුලින්ම පහව ගියේය. මගේ මිතුරා අන්තිම මොහොතේ ගමනට සහභාගි නොවීමට තීරණය කල අතර ඔහු මාගේ නිර්භීතකම ගැන මවිතයට පත් වුණේය. මා මගේ තීරණය පිලිබඳ ආඩම්බර වෙමි. අද මට ඕනෑම තැනකට තනිවම සංචාරය කල හැක. කිසිවක් ඒ සඳහා සහභාගි වන තෙක් මට බලා සිටින්නට අවශ්‍ය නැත.

ඔබට අවශ්‍ය ස්ථාන වලට පමණක් ඔබට යා හැක

කණ්ඩායමක් සමඟ යන විට ඔබට සමහරවිට තම මිතුරන් කැමති ස්ථාන වලට යන්නට සිදුවේ. ඔබට ඉස්තාන්බුල් යන්නට අවශ්‍ය වූවත් ඔබේ මිතුරා ලන්ඩන් නගරය ට කැමති විය හැක. එසේත් නැත්නම් ඔහු ඉස්තාන්බුල් නගරයට කලින් ගොස් ඇති නිසා ඔබට එහි සංචාරය කිරීමට ඇති අවස්ථාව අහිමි වේ. ඔබ තනිව ගමනක් යාමේදි ඔබේ අවශ්‍යතා වලට අනුව ඕනෑම වේලාවක ඕනෑම තැනකට ඔබට යා හැක. මැඩ්‍රිඩ්, බලින්, බැංකොක්? ඔබේ කැමැත්ත අනුව ඊලඟ ගමනාන්තය තෝරාගන්න.

ඔබේ කැමැත්තට අනුව ඕනෑම දෙයක් කල හැකිය

ඔබ තනිව සංචාරය කරන විට ඔබගේ මාර්ගෝපදේෂකයා හැරෙන්නට කුමක් කල යුතු දැයි කිසි කෙනෙකු පවසන්නේ නැත. ඔබට දවසම නගරයේ ඔබ මොබ ඇවිදමින්, දේශීය වාසින් සමඟ සංවාදයේ යෙදෙමින්, කලාගාර හා පුරාණ කෞතුකාගාර වලට යමින් බොහෝ දේ උගත හැකිය. කණ්ඩායමක් සමඟ යනවානම් සමහර මිතුරන්ට ඇවිදීමෙන් මහන්සියක් දැනිය හැක. සමහර අය මේ වගේ දේවල් වටලට අකමැත්තක් දක්වයි. ඔබට කිසි බාහිර බාධාවකින් තොරව නිස්කලංකව මුහුදු වෙරළේ යෝගා භාවනා වල නිරත විය හැකිය. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඔබට නිදහසක් ඇත. නිදහස යනු තනිව සංචාරයක යෙදීමෙන් ලැවෙන විශිෂ්ටතම වාසියයි.

අලුත් මිතුරන් ජීවිතයට එකතු වේ

කණ්ඩායමක් සමඟ හෝ තනිව ඔබ සංචාරයේ යෙදෙන විට ඔබට ලොවේ සෑම කොණකින් විවිධ පුද්ගලයින් මුණ ගැසීමේ අවස්ථාව හිමිවේ. නමුත් ඔබට තනිව සංචාරය කරන විට ඔබට අලුත් මිතුරන් එකතු කර ගැනීමේ අවස්ථාව හිමිවේ. වෙනත් රටවලින් මිතුරන් මුණ ගැසීම ඉතා විනෝදජනකය. ඔබට ඔවුන්ගේ සංස්කෘතිය, ජීවිතය සම්බන්ධ බොහෝ දේ ඉගෙන ගත හැකිය. ඔවුන්ගේ මාර්ගයෙන් තවත් බොහෝ ස්ථාන සංචාරය කිරීමටත් ඔබට අවස්ථාව හිමි වීමට ඉඩ ඇත.
මුලදී මෙය යම් තරමක අපහසුතාවක් එක් කරත් තනිවම සංචාරය කිරීම ඔබ ජීවිතයේ එක් වරක්වත් විඳ ගත යුතු අත්දැකීමකි. පිටරටක තනිවම සංචාරය කරන ඕනෑම පුද්ගලයෙකු මුලින්ම සලකා බැලිය යුත්තේ එහි සුරක්ෂිත බවයි. විවිධ රටවල් වල මෙම තත්ත්වය වෙනස් වේ. එම නිසා ගමනට පෙර ඒ පිලිබඳ නිසි අවබෝධයක් ලබා ගන්න. තනිව සංචාරයේ යෙදීම ජීවිතයේ ඔබ එක්වරක් වත් අත් විඳිය යුතු අත්දැකීමක් යැයි  ඔබත් සිතනවාද? ඔබ තනිවම සංචාරයේ යෙදී ඇත්ද? එසේ නම් අපත් සමඟ ඔබේ අත්දකීම් බෙදා හදා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here