ස්වභාවික ක්‍රම වලින් කලු ලප හෙවත් blackheads ඉවත් කර ගන්නා ආකාර 8ක්

0
17154
ස්වභාවික ක්‍රම වලින් කලු ලප හෙවත් blackheads ඉවත් කර ගන්නා ආකාර 8ක්

ඔබටත් blackheads තිබෙනවානම් ඒවා ඉවත් කරන්නට යාමෙදි තද කිරීමෙන්, එබීමෙන් වලකින්න. සැර රසායකින ද්‍රව්ය වලින් නිෂ්පාදිත ක්‍රීම් වෙනුවෙට ස්වභාවික ක්‍රම වේද වලින් blackheads ඉවත් කිරීමේ සරල ආකර කිහිපයක් ඇත.තෙල් සහිත සම යනු blackheads ඇති වීම සඳහා බලපාන එකම සාධකය නොවේ. අයහපත් චර්ම සෞඛ්‍ය පුරුදු මේ සඳහා බලපෑ හැක. ඔබ දවසට දෙවරක්වත් මුහුණ සෝදන්නේ නැත්තම් හෝ සතියකට සැරයක්වත් එක්ස්ෆෝලියේටර් එකකින් හෝ මාස්ක් එකකින් මුහුණට ප්‍රතිකාරයක් ලබා නොදෙන්නේ නම් ඔබට චර්මය සම්බන්ධ ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් කුණු හා දූවිලි තුලින් මෙම කලු ලප හට නොගන්නා අතර පමණට වඩා මුහුණ එක්ස්ෆෝලියේට් කිරීමෙන් වලකින්න. පහත දැක්වෙන්නේ ඔබට නිවසේදීම අත් හදා බැලිය හැකි කලු ලප ඉවත් කරන ස්වභාවික ක්‍රම වේද කිහිපයකි.

මී පැණි හා කුරුඳු කුඩු

මෙම එකතුව විස්මිත ප්‍රතිඵල ලබා දේ. නිවසේදී සාදා ගන්නා ෆේශල් පැක් වර්ග, බේක් කල කෑම හා බීම සඳහා නිතරම මීපැණි හා කුරුඳු එකතු කල මිශ්‍රණය භාවිතා වේ. රුධිර සංසරණ වැඩි කිරීමටත්, දිදුලන සමක් සඳහාත්, කුරුඳු පොතු උපකාරි වේ. විෂබීජනාශකයක් ලෙස ප්‍රසිද්ධ මී පැණි වල කුරුලෑ හා කලු ලප ඇති කරන බැක්ටීරියා නැසීමේ කාරක වලින් සමන්විත වේ. මීපැණි හා කුරුඳු පොතු එකතුව හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මුලින්ම තුනී ස්තරයක් ලෙස එය ආලේප කල යුතුය. මිනිත්තු 4කට පසු පිරිසිදු පුළුන් කැබැල්ලකින් එය ඉවත් කර මුහුණ හොඳින් සෝදන්න. පසුව ඔබට සාමාන්‍ය මොයිෂ්චරයිසරයක් ආලේප කල හැකිය.

හුමාලය අල්ලන්න

අලුතින් කලු ලප ඇති වීම වැලැක්වීම සඳහා මෙන්ම දැනට මුහුණේ ඇති කලු ලප ඉවත් කිරීම සඳහා ඔබට හුමාලය ඇල්ලිය හැක. උණු කරගත් ජලය ඇති කල්දේරමක් ඉදිරියේ ඉඳගෙන තුවායකින් හිස පොරොවා මද වේලාවක් හුමාලය අල්ලන්න. විනාඩි 10කට වඩා එය නොකරන්න. උණු ජලය අසල සිටීමේදි ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සාමාන්‍යයෙන් මිනිත්තු 5ක් හුමාලය ඇල්ලීම ප්‍රමාණවතය. ඉන්පසු ඇල් වතුරෙන් මුහුණ සෝදා හරින්න. මෙහි සඳහන් පිලිවෙලට ඔබ හුමාලය ඇල්ලිය යුතුය. ඉන්පසු පිරිසිදු, සිනිඳු තුවායකින් මුහුණ තෙත මාත්තු කර පිසදා මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න. සතියකට දෙවතාවක් මෙය කර එහි අනර්ඝ ප්‍රතිඵල දකින්න. ඉන් පසු මසකට වරක් දක්වා අඩු කරන්න.

බේකින් සෝඩා

බේකින් සෝඩා වල රූපලාවන්‍ය සඳහා උපකාරි වන කාරක රැසක් ඇත. නමුත් මෙය එතරම් ප්‍රසිද්ධ නැත. නිවැරදිව භාවිතා කලහොත් ඔබට මුහුණේ ඇති කලු ලප සම්පූර්ණයෙන් ඉවත් කල හැකිය. තවද බේකින් සොඩා මෘදු එක්ස්ෆෝලියේටර් එකක් ලෙසද භාවිතා කල හැකිය. එයින් කුරුලෑ හා කලු ලප ඇති වීමේ අවදානම අඩුවේ. බේකින් සෝඩා හා වතුර මිශ්‍ර කර එම පේස්ට් එක මුහුණේ ආලේප කරන්න. ඉතා සෙමින් මසාජ් කර ඇල් වතුරෙන් සෝදා අරින්න. මෙය ඔබ සංයමයෙන් කල යුතු දෙයකි. තුවායකින් මුහුණ පිසදා මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න.

මැටි වලින් සමන්විත මාස්ක්

මැටි හා වතුර, හෝ මැටි හා ඇපල් සයිඩර් විනාකිරි, හෝ මැටි, වතුර සමඟ මී පැණි ටිකක් දමා මිශ්‍රණයක් සාදා ගන්න. ස්වභාවික මැටි වලින් සෑදූ මාස්ක් එක මුහුණේ කලු ලප ඉවත් කිරීම සඳහා උපකාරි වේ. අවහිර වූ විවරයින් පිරිසිදු කරන අතර රුධිර සංසරණය ද වැඩි කරයි. මෙහි ඇති වැදගත්ම ප්‍රයෝජනය වන්නේ ඉන් කුරුලෑ ඇති වීම වැලැක්වීමයි. ඔබට වඩාත් සුදුසුම මැටි මාස්ක් එක තෝරාගෙන සතියකට සැරයක් එය භාවිතා කරන්න. ඔබගේ මුහුණ මොයිශ්චරයිස් කරන්න අමතක කරන්න එපා. ඔබට ඇත්තේ සංවේදි සමක් නම් මැටි මාස්ක් එක බොහෝ වේලාවක් වියළෙන තුරු තැබීමෙන් වලකින්න.

බිත්තර සුදු මද වලින් සෑදූ මාස්ක් එක

බොහෝ කාන්තාවන් හිසකෙස් පෝෂණය කිරීම සඳහා බිත්තර සුදු මද භාවිතා කරයි. ඔබට මෙය ෆේස් මාස්ක් එකක් ලෙසද භාවිතා කල හැක. මෙය භාවිතා කිරිමේදි ඔබට යම් අපහසුතාවක් ඇති වුවද ඉන් ඔබට යහපත් ප්‍රතිඵල ලැබේ. කලු කප තියෙන ස්ථාන වල තුනී බිත්තර සුදු මද ස්තරයක් ආලේප කරන්න. මෙය සම්පූර්ණයෙන්ම වේලුණු පසු තව ස්තරයක් ආලේප කරන්න. ඉන්ස්පසු තවත් එකක් ලෙස ස්තර කිහිපයක් ආලේප කරන්න. මෙය කාලය ගත වන ක්‍රියාවලියක් වූවත් ඉන් ලැබෙන ප්‍රතිඵල ඔබව මවිතයකට පත් කරයි. ස්තර 4ක් ආලේප කල පසු උණු කර නිවා ගත් ජලයෙන් හා ඉන්පසු ඇල් වතුරෙන් සෝදා හරින්න. අවසාන වශයෙන් මොයිෂ්චරයිසරයක් ආලේප කර ක්‍රියාවලිය නිමා කරන්න.

නිවසේදීම සාදා ගත හැකි ටෝනරයක්

ටෝනරයක් පිලියෙල කර ගැනිම කල් ගතවන ක්‍රියාවලියකි. මෙහි අඩංගු වන්නේ 100% ස්වභාවික දේවල්ය. ඇපල් සයිඩර් විනාකිරි, සිහින්ව ලියා ගත් මින්චි කොල සමඟ මිශ්‍ර කොට වියළි ස්ථානයක සතියක් පමණ තබන්න. එය පෙරාගෙන තවත් වතුර එක් කර ශීතකරණයක තබන්න. දැන් ඔබේ ටෝනරය ඔබට සතියකට වරක් භාවිතා කල හැකිය. පුලුන් බෝල වලට ටෝනරෙය්න් ස්වල්පයක් ගෙන එයෙ මුහුණ මත ඇති කලු ලප මත් ආලේප කරන්න. රාත්‍රියේ පැය 6ක් පමණ එසේ තිබෙන්නට ඉඩ හැර හොඳින් සෝදා හරින්න. ඉන්පසු මොයිෂ්චරයිසරයක් භාවිතා කරන්න. ඇපල් සයිඩර් විනාකිරි කලු ලප ඉවත් කිරීම සඳහා උපකාරි වේ. නැවුම් මින්චි කොල මුහුණේ ඇති වන රතු පහ ගැන්වීම අවම කරයි. මින්චි කොල මුහුණට සිසිල් බවක්ද එක් කරයි.

සීනි වලින් සෑදූ ස්ක්‍රබ් එකක්

බොහෝ කාන්තාවන් සතියකට වරක්වත් ස්වභාවික එක්ස්ෆෝලියේටර් එකක් ලෙස සීනි ස්කරබ් එකක් භාවිතා කරයි. මෙයින් කලු ලපද ඉවත් කල හැක. සීනි සමඟ ඔබට පොල් තෙල් හෝ (ආමන්ඩ්, හොහෝබා, ඔලිව්, ග්‍රේප්සීඩ් වැනි තෙලක් වුවද භාවිතා කල හැක ) මෙම මිශ්‍රණය ඔබගේ මුහුණේ ගෝලාකාර ලෙස ආලේප කරමින් මසාජ් කරන්න. මුහුණ උණු කර නිවා ගත් වතුරෙන් සෝදා පසුව මද සීතල වතුරෙන් සෝදා හරින්න. පිරිසිදු තුවායකින් මුහුණ පිසදා මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න.

දිනපතා සිදුකල හැකි ප්‍රතිකාරයක්

ඉහත සඳහන් කල ක්‍රම ඔබ භාවිතා කල යුත්තේ සතියකට වරක් හෝ දෙවරක් පමණි. නමුත් කලු ලප ඉවත් කිරීම සඳහා ඔබට දිනපතා කල හැක්කේ මොනවාද? දවසකට දෙවරක් වත් ඇළ් වතුරෙන් මුහුණ සේදිමට පුරුදු වන්න. මැදියමෙන් පසු හා නින්දට පෙර ඔබට මෙය කල හැකිය. ඔබ රාත්‍රියේදි මාස්ක් එකක් භාවිතා කරන්නේ නම් උදෑසනද හොඬින් මුහුණ සේදිය යුතුය. මුහුණ සෝදා ඉවර වුණු විගසම මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න. ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු නොවන්න. එක් රැයකින් කලු ලප ඉවත් කල නොහැක. මෙහි සඳහන් කල සියලුම ප්‍රතිකාර එක වර, එක් දිනයක් තුල අත් හදා බැලීමෙන් වලකින්න. ඔබට වඩාත් සුදුසුම ක්‍රමය තෝරාගෙන එය සතියකට වරක් භාවිතා කරන්න. කලු ලප ඉවත් කිරීමේදි බොහෝ දෙනෙකු සිදු කරනු ලබන වැරැද්දක් වනුයේ ඕනෑවට වඩා එක්ස්ෆෝලියේට් කිරීමයි. ඉන් ඔබේ සමට හානියක් සිදුවේ. ඔබ දන්නා කලු ලප ඉවත් කිරීමේ ත්වත් ක්‍රම වේද තිබේද? නිවසේදීම භාවිතා කල හැකි ස්වභාවික ප්‍රතිකාර ඔබ දන්නවාද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here