අවුරුදු 30 ක කාන්තාවක් වද නොවිය යුතු දේවල් 10ක්

0
17853
අවුරුදු 30 ක කාන්තාවක් වද නොවිය යුතු දේවල් 10ක්

ඔබ තවමත් විසි වන වියේ පසුවන තරුණියන් සමඟ විනෝද වන වයසක නොසිටියි. අවුරුදු 40 ගැහැණුන් සමඟ ඔබට සතුටු සංවාදයේ යෙදීමද තරමක් අපහසුය. සාද වලට ගොස් මැදියම් රෑ නිවසට පැමිණෙන කාලයට නැවතීමේ තිතක් තබා කසාද ජීවිතයට තමා පිවිසිය යුතු යැයි ඔබට හැඟෙනවාද? ඔබ දැන් තම රැකියාවේ ඉහලම තැනක සිටිය යුතුයි ද? තිස් වන වියට පා තබන ඔබට ප්‍රශන රැසකට පිළිතුරු දෙන්නට සිදු වෙයි. ඒත් ඔබ මේ සියල්ල ගැන සිතමින් වද විය යුතුද?
එහෙත් ඔබ සමහර දේවල් පිලිබඳ සැලකිලිමත් විය යුතුය. තිස් වන වියේ කාන්තාවක් අනවශ්‍ය ලෙස වද නොවිය යුතු ප්‍රශන මොනාවාදැයි අපි දැන් බලමු.

1.ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් එකේ සිටින් මිතුරන් ගණන.

මෙය ඔබ කිසිසේත් වද විය යුතු කාරණයක් නොවේ. ඔබ follwers, friendsලා වැඩි ගණනක් එකතු කර ගැනීමේ තරඟයකට සහභාගි වනවාද? පිළිතුර නැහැ නම් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස වද වීම ඔබේ කාලය කා දමන ක්‍රියාවකි.

2.මට ක්‍රිස්මස් පාටි එකට යන්න කොල්ලෙක් හොයා ගන්න ඕනේ.

ඔබට තනිව මෙම සාදයට නොයන්නේ ඇයි? පෙම්වතෙක් නොමැතිව රාත්‍රී සාදයකට යාම මදිකමක් ලෙස ඔබ සලකනවාද? කාර්යාලයේ තවත් මිතුරකු සමඟ ඔබට මේ සඳහා සහභාගි විය නොහැක්කේ ඇයි?

3.ලස්සනම සෙල්ෆිය ගන්නට උත්සාහ කිරීම.
මා අන්තිමට සෙල්ෆී දහසක් පමණ ගෙන එයින් හොඳම එක තෝරා ගැනීම සම්බන්ධයෙන් වද වූයේ ඉගෙන ගන්නා කාලයේය. ෆේස් බුක් හි හොඳම සෙල්ෆිය අප්ලෝඩ් කිරීමට වද වන වාට වඩා තිස් වන වියේ සිටින ඔබට වඩා වැදගත් ප්‍රශ්න ඇත.

4.මාගේ පරණ පෙම්වතා දැන් මොනවා කරනවා ඇත්ද?
එයින් ඔබට ඵලක් සිදු නොවේ. ඔබ දෙදෙනා එකට සිටින කාලයේදි ඔබ මෙතරම් ඔහු ගැන සැලකිල්ලක් නොදැක්වූයේ නම් දැන් එසේ කිරීමේ අරමුණ කුමක්ද?

5.මා මේ රැකියාවේ විශ්‍රාම ගන්නා තෙක් නියැලෙනවාද?
ඔබ විශ්‍රාම ගැනීමට පෙර අඩුම තරමේ දෙවතාවක්වත් රැකියාවන් මාරු කිරීමේ ඉඩක් ඇත. දැනට ඔබේ රැකියාව හොඳින් කර ගෙන යන්න. නමුත් විකල්ප අවස්ථා කෙරෙහි අවධානය යොමු කරන්න.

6.මගේ බොස් මට කැමතිද?
මෙහි වඩාත් වැදගත් වන්නේ ඔබේ බොස් ඔබට කැමතීද යන්න නොව ඔබ කරන රාජකාරිය ඔහුව සෑහීමකට පත් කල හැකිද යන්නයි. මෙය ජනප්‍රිය සේවකයා තේරීමේ තරඟයක් නොවේ. හැකි පමණ ඔබේ උපරිමය රාජකාරිය සඳහා යොදවන්න.

7.අද ජිම් එකට අර ලස්සන කොල්ල එයිද දන්නැහැ.

ඔබ ජිම් එකට යා යුත්තේ පුද්ගලයින් සමඟ සතුටු සාමිචියේ යෙදීමට නොව තමන්ගේ කාය වර්ධනය ඉහල නැංවීම සඳහාය. තිස් වන වියට පා තබත්ම ඔබගේ ශරීරයේ බාහිර හා අභ්‍යන්තරය වෙනස්වීම් වලට ලක්වේ. මේ නිසා අනිත් අයට පෙන්වන්නට නොව තමන්ගේ උවමනාවට ජිම් එකට යන්න. කාය වර්ධන මධ්‍යස්ථානය ඔබේ ටියුෂන් පන්තිය නොවන බව මතක තබා ගන්න.

8.මගේ පෙනුම එන්න එන්නම වෙනස් වී ගෙන එනවා.
වයසට යාම ඔබට වැලැක්විය නොහැක. නමුත් ඔබ ඒ ගැන වද විය යුතු නැත. ඔබට 40, හෝ 50 ලබන විට තත්ත්වය තවත් සංකීර්ණ වේ. ඔබ දැන්මම මේ පිලිබඳව කල්පනා කරන්නට ගියොත් ඔබ මානසිකව තවත් වසර 10ක් වයසට යයි.

9.මං කරන්නේ මොකද්ද කියා මටම හරි හැටි අවබෝධයක් නැහැ.
අප බොහෝ දෙනා මේ ප්‍රශ්නයට මුහුණෙ දෙමින් සිටියි. ඔබ කැමති දේ කරමින් ජිවිතය විඳින්න. සති, දින ගතවත්ම ජීවිතයේ සැබෑ අරමුණ ඔබට වැටහේ. ඕනෑවටත් වඩා අනාගතය සැලසුම් කිරීමෙන් වලකින්න. මෙයින් කිසිදු ඵලක් සිදු නොවේ.

10.ඔබ තවමත් වටිනා බ්‍රෑන්ඩඩ් ඇඳුම් මිලදී ගන්නා කෙනෙක්ද?
මිනිසුන්ට පෙන්වීමට වටිනා ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමෙන් හෝ මිල අධික බ්‍රෑන්ඩඩ් දේවල් මිලදී ගැනීම ඔබ නැවැත්විය යුතුය. මින් ඔබට ඉතිරි කර ගත හැකි මුදල් ප්‍රමාණය ඔබ දන්නවානම් ඔබ ඉන් මවිතයකට පත්වේ. ලෝකය වටා සංචාරය කිරීම වැනි අර්ථවත් දේවල් සඳහා මුදල් ඉතිරි කරන්න.

අප ඉහත දක්වා ඇත්තේ ඔබ තිස්වන වියේදි ඕනෑවටත් වඩා වද නොවිය යුතු කරුණු කිහිපයකි. ඔබ තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙකු නම් හෝ ඔබ පවුල් ජීවිතයකට එකතු වන්නට අපේක්ෂා කරන්නේ නම් ඒ පිලිබඳ අවධානය යොමු කරන්න. මේ කාලයේ ඔබේ විශ්‍රාමික දිවිය ගැන සිතීම ඵලදායි නොවේ. මෙයා මාගේ පෞද්ගලික මතයයි. මෙම වයසේදි ඔබ ජීවිතය උපරික අන්දමින් විඳිය යුතුයි. අලුත් දේවල් ඉගෙන ගන්න. ඔබගේ සෞඛ්‍යය පිලිබඳ අවධානයක් යොමු කරන්න. මිනිසුන්ට කාරුණික වන්න. ලෝකය ලස්සන වන්නේ එවිටයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here