මනාලියක ලෙස පතිකුලයට යන මංගල දිනයේදි සිදු කරන වත් පිළිවෙත්  හා ඒ හා බැදුන සමාජ සාධක

0
13019
මනාලියක ලෙස පතිකුලයට යන මංගල දිනයේදි සිදු කරන වත් පිළිවෙත් හා ඒ හා බැදුන සමාජ සාධක.

සියලුම කාන්තාවන්ගේ ප්‍රථම කුලුදුල් සිහිනය වන්නේ, කෙදිනක හෝ  තමන් සියලු දෙනා ඉදිරියේ ලස්සන මනාලියක්  වීමය. සියලුම නෑදෑ පිරිවර එක් කොට චරිතවත්  හා පිරිසිදු කෙනෙක් ලෙස මංගල ගමනට සැරසෙන්නට  ඕනෑම තරුණියක් පෙර සිට සූදානම් වේ.

කාන්තාවකගේ  පිරිසිදු බව එදා  සමාජය තුල බොහෝ සේ පිළිගැනුණ  අතර, අද වන විට වෛද්‍ය  පරීක්ෂණ  හා වෛද්‍ය  මත අනුව කාන්තාවකට තිබෙන පාරිශුද්ධ  බව පුරුෂ  සම්බන්ධයක් නොමැති වුවද  නැති වී යෑමට ඉඩ ඇති බව ද මතයකි.
අතීත සමාජය තුල කාන්තාවට හිමි වූයේ වහළියකගේ ස්ථානයයි. නමුත් එදා සමාජය කාන්තාව වටිනා කෙනෙක් ලෙස සලකනු ලැබුවේ කාන්තාවගේ  පිරිසිදුබව මතය.
කාන්තාවකගේ හා පුරුෂයකුගේ ශාරීරික ලක්ෂණ වෙනස්. සම්ප්‍රදාය, වත් පිළිවෙත් සියල්ල බැදී පවතින්නේ කාන්තාවත් සමඟය. එම නිස භාහිර සමාජය තුලින් කාන්තාවට එල්ල වන බලපෑම අති මහත්ය. වත් පිළිවෙත් ආරක්ෂා නොකරන කාන්තාව අතීතයේ ගණිකාවක් ලෙසට සමාජයෙන් හන්වඩු ගසනු ලැබීය. එම නිසා සියල්ලෙන්ම ආරක්ෂා වීමේ වැදගත්කම  ඇත්තේ කාන්තාවටය. මන්ද සබඳතාවක් අවසානයේ සියල්ලෙන්ම  අසරණ වන්නේ කාන්තාව බැවිනි. මෙවැනි සමාජ තත්වයක් මත කාන්තාවකගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා චාරිත්‍ර, වාරිත්‍ර වත් පිළිවෙත්  ඇඳහිලි සිදු කරනු ලබයි.

අතීතයේ අපේ ගෙවල් වල වැඩිහිටි උදවිය ගෙදර සිටින තරුණියන් දිය නෑමට තනිව තොටුපොළට පවා යැව්වේ නැත්තෙ මෙම හේතුන් නිසා. එවක සමාජය තුල කාන්තාවකට දැඩි විනයක් හා ආරක්ෂාවක් ලබා දුන්නේ ද කෙදිනක හෝ ඇය මනාලියක් ලෙස  ගෞරවයෙන් පිටත් කර යැවීම සිදු කිරීමට අවශ්‍ය වූ නිසාය.

කාන්තාවක් විවහා දිවියට පත් කර දීම සිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවන අතර, ඒ සඳහා චාරිත්‍ර  වාරිත්‍ර  රැසක් ඉටු කරනු ලබයි. ඒ අතර ප්‍රධානතම සාධකය  වන්නේ එම මනාලියගේ පාරිශුද්ධ බව ඔප්පු කිරීමය.
මනාලියකගේ හා මනාලයකුගේ ශුද්ධ තත්වයට පත්ව ඇති බව සනාථ කිරීම සඳහා මංගල පෝරුව  මත දෙදෙනා සිටු වීම සිදු කරනු ලබයි.  මංගල පෝරුව නිර්මාණය කිරීමට ඖෂධීය ගුණයෙන් යුත් ලී වර්ගයක් භාවිතා කරනු  ලබයි. එමෙන්ම මංගල පෝරුව තරමක් උස්ව සිටින අයුරින්  සකස් කරනු ලබයි.

මංගල දිනයේදි  පැමිණෙන සියලු දෙනා අතර කැපී පෙනෙන ලෙස මනාලිය  හැඩ ගැන්වේ. තමා සිටි නිවස අතහැර තම ස්වාමියාගේ නිවසට යෑමේදී එම නිවසට ශ්‍රියා කාන්තාව වඩිනවා යයි පැරැණි  සමාජයේ මතයක් වුවා ය. එම නිසා වෙන් මනාලිය දෙවඟනක් ලෙස සැරසීම සිදු කළහ. මනාලියක් මෙන්ම මනාලයකුද තම මංගල දිනයේදි උඩ රට ඇදුමින් සැරසෙන්නේ නම් ඒ සදහා ද කල යුතු වස් චාරිත්‍ර අප සමාජයේ ඇත. එහිදී මනාලියක් ලෙස හැඩ ගැන්වෙන කාන්තා ඔබගේ   ඇදුම් පැළදුම් අතරින් විශේෂ  තැනක් හිමි කර ගනු ලබන්නේ ඔබ පළදින මාල හතටය. එකකට එකක් විශාල වන පරිදි  සකස් වී ඇති මෙම මාල හතෙහි අවසාන මාලය  මනාලියගේ දෙපතුල දක්වා  දිගින් යුතුය. අද වන විට එය මනාලියගේ උස, මිටිභාවය අනුව සකස් කරනවා.

මනාලිය දරා ගෙන සිටින එම මාල හත 
පෙති මාලය
ගෙඩි මාලය
කිරිබෝ මාලය
පොල් මල් මාලය
අගස්ති මාලය
ගෙල පෙති මාලය
තවලම් මාලය  යන නම් වලින් හදුන් වනු ලබනවා. මෙම හැම මාලයක් අවසානයේ පදක්කමක් තිබෙනවා. මෙම  මාල හත පත්තිනි  මෑණියන්ගේ නම් වලින් ද හදුන්වනවා.

මෙම මංගල මාල හත වටිනා ලෝහ හා මැණික් වලින් ඔප දමා නිර්මාණය  කර ඇති අතර, ඒවා නිර්මාණය කර තිබෙන්නේ ස්වාභාවික ඖෂධ වන  අරළු, බුළු, කිරි බෝ  ඇට,  පොල් මල්, අගස්ති අැට, ආදී  බොහෝ සේ ඖෂධීය ගුණයෙන් යුත් ගෙඩි වල හැඩයන්ට අනුකූලවය.

මෙම වටිනා මාල හත මගින් පෙන්නුම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත් දෙනාගේ ගුණයයි. අතීතයේ සිට පැවත එව ජන වහරට අනුව අද දක්වාම අප විශ්වාසයෙන් හා හද පිරි භක්තියෙන්, ගෞරවයෙන්   යුතුව දේවත්වයෙන් වැදුම්  පිදුම් කරන එකම දේවතාවිය පත්තිනි මෑණියන්ය.  එනම් කාන්තාවකගේ පිරිසිදු බව සංකේතවත්   කරන නිසාවෙනි.

පත්තිනි  පාලඟ දෙදෙනා අතර සබඳතාව  කිසිදා නොබිදුන එකකි. ඇය තම ඉවසීමෙන්  පති භක්තිය රැකෙන අයුරින් නියමාකාරව සිටි කාන්තාවකී. පති භක්තිය ඇති කාන්තාවක් ලෙස  ඇය  පත්තිනි යන නාමයෙන් හැදින්වුණු අතර ඇයගේ ආත්ම   හතක  ගුණ  ස්මරණය සඳහා  මනාලියකට මාල හතක් පලඳවනු  ලබයි.

තම ආත්ම අභිමානය හා ගෞරවය රැක ගෙන පත්තිනියක  ලෙස  කුල ගෙට  යන මනාලිය මාල හත පලදා පෝරුව  මත චාරිත්‍ර  ඉටු කොට,  ඉන්  අනතුරුව මනාල  මහතාට  හා  එම    පවුලට ඇයව භාර  දෙනු   ලබන්නේ  අැයත්   පත්තිනි මෑණි  කෙනෙක් ලෙස   සලකන   නිසාවෙනි.

පතිකුලයට  යෑමට  මනාලියක්  ලෙස   සිහින   දකින කාන්තා ඔබත්  කුල  ගෙට පිවිසීමට පෙර   මෙම    ලිපිය කියවන්න.

(චායාරූපය උපුටා ගත්තේ චම්පි සිරිවර්ධන රූපලාවන්‍ය ශිල්පිනියගේ නිල වෙබ් අඩවියෙනි. 
ඇයගේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිස ඔබේ මංගල දිනයට ඇයගෙන් සේවා ලබා ගැනීම ගැන විමසන්න)

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here