නිවැරදිව මේකප් එකක් කරන්නේ කෙසේද ?

0
10753
නිවැරදිව මේකප් එකක් කරන්නේ කෙසේද ?

කාන්තාවන් වන අප සියලුම දෙනා ගොඩක් කැමතියි නේද ලස්සනට ඉන්න. මොන තරම් කාර්යබහුල ජීවන රටාවක කටයුතු කළත්,  එළියට යනකොට ලස්සනට ඇඳලා,  ලස්සන විදියට යන්න සියලුම කාන්තාවන් කැමතියි. ඉතින්  මොන විදියෙ සමාජ පරිසරයක ගැවසුනත්, කොතන ගියත් , අපේ කාන්තාවන් මේකප් කරන කටයුත්ත නම්  කිසිවිටෙකත් අමතක කරන්නෙ නෑ කියලා මම දන්නවා. අද සමාජය දිහා බැලුවොත් විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව මේකප් කරන මේ  දේට අබ්බැහි වෙලා වගේ ඉන්නෙ. මොකද කියනවා නම් පන්සලකට ගියත් සුළුවෙන් හරි මේකප් එකක් කරන් යන්න එයාල අමතක කරන්නේ නෑ.
ඉතින් මේ දේත් එක්ක මම හිතුවා හරි විදියට මේකප් එකක් කරගන්නෙ කොහොමද කියලා ඔයාලට කියන්න ඕන කියලා. අපි බලමු කොහොමද නියම විදියට මේකප් එකක් කර ගන්නෙ කියලා.

ප්‍රථමයෙන්ම  අපි අපේ මුහුණ සමඟ ගෙල ප්‍රදේශයත් හොඳින් පිරිසිදු කර ගන්න ඕන. අපි මූණ සෝදන්න,  නැතිනම් අපේ සම පිරිසිදු කර ගන්න අපේ සමට ගැලපෙන ෆේෂ් වොෂ් එකක් නිතර භාවිතා කරනවා නම් වඩාත් හොඳයි. ඔබේ සම තෙල් සහිත සමක් නම්,  එසේත් නැතිනම් වියළි සමක් නම්, මේ දෙකටම හොඳයි කියුකම්බර් ෆේෂ් වොෂ් එකක් භාවිතා කරන්න පුළුවන් නම්.

පිරිසිදු කර ගත් මුහුණේ තෙත් ගතිය ඉවත් කර ටෝන එකක් මුහුණට භාවිතා කරන්න. නැතිනම් තෙත පුළුන් කැබැල්ලක් හෝ ස්පොන්ච් එකක් ගෙන ටෝන තවරා මුහුණේ ආලේප කරන්න. ඔබ භාවිතා කරන ටෝන එක කෙමිකල් රහිත ටෝන එකක් නම් වඩාත් හොඳයි. එයට කියුකම්බර් ටෝන එකක් භාවිතා කරන්නේ නම් කදිමයි.

තුන් වන පියවර ලෙස ඔබගේ මුහුණේ  කැළැල්  තිබේ නම් පෑන් ස්ටික් එකක් යොදා ගෙන එමගින් මුහුණේ ඇති කැළැල්  වසා ගන්න.

ඉන් පසුව පෑන් කේක් එක තෙත ස්පොන්ච් එකක් ආධාරයෙන් මුහුණට හා බෙල්ල ප්‍රදේශයට ආලේප කර ගන්න. ඔබ පෑන් කේක් එකක්  තෝරා ගැනීමේදී  ඔබේ සමට ගැලපෙන සේ එය තෝරා ගත යුතු වෙනවා.

මෙම පියවරෙන් පසුව ටිෂූ එකක් ගෙන එයින් මුහුණ හා බෙල්ල  පෙදෙස තෙතමාත්තු කරන්න.  පසුව කම්පැක්ට් පවුඩර් ආලේප කිරීමේදී , බ්‍රෂ් එකක් ගෙන වැඩි පුර කම්පැක්ට් පවුඩර් ටිකක් එක් කර ,  පහලට  ආලේප කරන්න. කම්පැක්ට් පවුඩර් ආලේපනය තෝරා ගැනීමේදී  ඔබගේ සමට වඩා අඩු පාටක් තෝරා ගැනීම කළ යුතුය.

මෙම කාර්යෙන් පසුව ඇහි බැම සකස් කිරීම වැදගත් වන අතර,  මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ  මුහුණ පිරිසිදු  කිරීමට  ප්‍රථම  ඇහිබැම  වල  අනවශ්‍ය  රෝම ගලවා  සකස් කර ගැනීමයි.  ඇහිබැම  ඇඳීමේදි කෙටි ඉරි වලින් ඇඳ ගැනීම කල යුතුය.

ඉන් පසුව අයි ෂැඩෝ ගැල්වීම සිදු කල හැකිය. දැන් බොහෝ දෙනාගේ  විලාසිතා ක්‍රම අතර, ස්වාභාවික පාට ආලේප කිරීම සිදු කරයි. මෙයට බේජ් කලර්ස් බොහෝ විට යොදා ගනී. මුළු ඇසම ආවරණය වන පරිදි  ලයිට් බේජ්  කලර් එක ආලේප කිරීම  විලාසිතාවකී.  ඇස ඇරෙන තැනට පාට ටිකක් තද කල යුතුය. ඇතුළට මැද පාටක් ගැල්වීම හොඳය. ඇස් පිහාටු මත පාට විහිදී යන ලෙස සකස් කරගත යුුතුය.

තවද ඇස් යට හැඩ ගැන්වීමේදි යට ලයිනර් එක තද පාටින් කල යුතුය. එය අයිලයිනර් පෙන් එකකින් ඇඳ ගත යුතුය. ඒ වාගේම කාජල් එක භාවිතා  කිරීමේදී තෙල් ගතිය නැති කාජල් එකක් තෝරා ගත යුතුය. එය භාවිතා කිරීමේදී  ඉතා සීරුවට අයිලයිනර්  ඇඳ ගන්න.

අයි ලැෂ්ස් සඳහා මස්කාරා  භාවිතා  කරන අතර යට සිට උඩට ප්‍රවේශමෙන් ආලේප කරන්න.  මස්කාරා ආලේප කර වේලෙන තුරු මද වේලාවක්  ඇස් වසා ගෙන සිටිය යුතුය. දෑස් විවර කළ පසුව බ්ලෂර් ආලේප  කරන්න. දුඹුරු  හා තද රෝස වැනි වර්ණ  එයට එක් කල හැකිය.

මේ සියල්ලෙන්ම අනතුරුව ඔබට දෙතොල් වර්ණ ගැන්වීම සිදුකළ  හැකිය.  දෙතොල් ඉතා තද පැහැයෙන් යුතුව වර්ණ ගැන්වීම අද වන විට බෙහෝ සෙයින් විලාසිතාවක් බවට පත්ව ඇති අතර,  තවත් තද වර්ණයකින් දෙතොල වටා ඉරක් ඇදීම සමහරුන් සිදු කලත් එය ඒ තරම් තාත්ත්වික නෑ.  ලිප්ස්ටික් වර්ණයට සමාන වර්ණයකින් දෙතොල වටා ඇද  පසුව ලිප්ස්ටික් ආලේප කරන්න. රතු වර්ණය,   තද  රෝස පැහැය  වැනි වර්ණ  අද විලාසිතාවකී. නමුත් කාන්තා ඔබට වඩාත් ගැලපෙන්නේ  ඔරේන්ජ් වර්ණයයි.
නේල් පොලිෂ් සඳහාද ඔරේන්ජ්  වැනි බ්‍රයිට් වර්ණයක් විලාසිතාවට එක් කර ගැනීම අද කාලෙට වගේම අද තාලෙටත් ගැලපෙනවා. මෙහිදී තමන්ට ගැලපෙන වර්ණ තෝරා ගැනීම  ගොඩක් වැදගත්.
ඉතින් ඔන්න දැන් ඔයාලටත් පුළුවන්  හරි විදියට මේකප් එකක් දා ගන්න වගේම ලස්සනට ඉන්න.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here