ගැහැනිය අසතුටට පත් කරන පිරිමියා නිතර භාවිතා කරන වදන්

0
5531
ගැහැනිය අසතුටට පත් කරන පිරිමියා නිතර භාවිතා කරන වදන්

ගැහැනිය පිරිමියා පිලිබදව වැඩියෙන්ම කියන වරදකි ඔහු ඇය කියන දෙයට ඇහුම්කම් නොදෙන බව.

“එයා මම කියන දෙයක් අහන්නේ නෑ”

“එයාට මම කියන දේවල් අහන්න වෙලාවක් නෑ”

“එයා මම කියන දේවල ගනන් ගන්නේ නෑ”

යනුවෙන් කියමින් කාන්තාවන් නිතරම මැසිවිලි නගයි.පිරිමියා ගැහැනිය කියන දෙය ටිකක් සවන් දි ඇය කියන දෙය සම්පුර්ණයෙන්ම කියා අවසන් කිරීමට පෙර තීරණයකට පැමිණ එයට විසදුමක් සපයනවා.ඇය කියන්නට හදන්නේ මෙන්න මේක යැයි ඔහු තීරණයකට පැමිණ ඔහුගේ විසදුම් ඇයට ඉදිරිපත් කරනවා.ඔහුට මෙය සතුටක්.ඔහුට මෙය සැහැල්ලුවක්.ඔහු ඇයගේ ප්‍රශ්න හදුනා ගෙන එයට විසදුමක් සපයනවා,එහෙත් පුදුමයකි.ඇය එයට කැමති නෑ.ඇය ඔහුගේ විසදුම් පිලි ගන්නා බවක් නොපනේ.ඇයට ඔහුගේ විසදුම් හරි යන බවක් නොපනේ.

ඔහුට මෙය ප්‍රහේලිකාවකි.ඔහු ඇයගේ පැනයට විසදුම් සැපයුවත් එම විසදුම් සාමාන්‍ය දැනීමෙන් ඉතාම සුදුසු විසදුම් බව පෙනුනත් ඇය එයට කැමති නැත.ඔහු ඇහුම්කම් නොදෙන බව ඇය පවසනවා.ඇය කොතරම් ඔහුට ඇහුම්කම් නොදෙන බව කිවත් ඔහුට එය තේරුම් නොයයි.තමා ඇයට ඇහුම්කම් දුන් බව ඔහුට ස්ථිරය.තමාට ඇය කියන දෙය පැහැදිලිව තේරුම් ගිය බව ඔහුට තෙරේ.එහෙත් ඇය මෙම විසදුම් වලට කැමති නැත.ඔහුගේ විසදුම් ඇසීමට ඇය කොතරම් අකමැත්තක් දැක්වුවත් ඔහු ඇයට විසදුම් සපයමින් තම ආදරය පෙන්වනවා.තම ලෙන්ගතුකම දක්වනවා.

ඔහු කෙතරම් විසදුම් ලබා දීමෙන් ආදරය පෙන් වුවත් ඔහුට ඇයගෙන් ආදරය නොලැබේ.මන්ද ඇය සොයන්නේ විසදුම් නොවේ.   ඇයට අවශ්‍ය තමා කියන දෙයට ඇහුම්කම් දීමයි.ඇයට ආදරය දැනෙන්නේ තමා කියන දෙයට පිරිමියා බාධා නොකර ඇහුම්කම් දීමෙනි.ඇයට විසදුම් අවශ්‍ය නොවේ.පිරිමින් මේ බව තේරුම් ගත යුතුය.

ගැහැනිය අසතුටට පත් කරන පිරිමියා භාවිතා කරන වදන් ගණනාවක් තිබේ.

01 “ඕවා ගණන් ගන්න එපා”

02 “එහෙනම් අපි ඕක අමතක කරමු”

03 “මොකද ඕකට ඔච්චර කල්පනා කරන්නේ”

04 “දවසෙන් දෙකෙන් ඕක ඇරිලා යයි”

05 “හැමෝටම ඔය ප්‍රශ්න තියෙනවා”

06 “ඉතිං ඔයා මොකක්ද කියන්න හදන්නේ”

07 “කියන්න තියෙන දෙය පැහැදිලිව කියන්න”

08 “මම කිවුවේ එක නෙමෙයි”

09 “මම දැන් වැඩක්.පස්සේ කතා කරමු”

10 “එහෙනම් ඔයා අද ඉදලා මේකත් කරන්න”

මෙවැනි දේ කීමෙන් පිරිමියා ගැහැනියගේ හැගීම් ප්‍රකාශ කිරිම නවත්තනවා.නැතිනම් ඇය කියන දේ ගනන් නොගන්නා බවක් අගවනවා.ඇයට කියන්න අවශ්‍ය දෙය කීමේ අවකාශය නැති කරනවා.මෙවෙනි දේ නොකියා ඇය කියන දේ අහගෙන සිටිමට පිරිමියාට පුරුදු විය හැකිය.ගැහැනිය කියන දේ හරිද වැරදි ද කියා තර්ක නොකර ඇයට කියන්න අවශ්‍ය දෙය කියන්න ඉඩ දිය යුතුය.ඇයට දුකක් නම් එය තේරුම් ගත යුතුය.ඇයට බියක් පවතී නම් ඔහුට එය තේරුම් යා යුතුය.තේරුනු දෙය ඇයට ඒත්තු ගැන්විය යුතුය.තමන්ගේ හැගීම් පිරිමියාට තේරුම් ගිය බව ඇයට හැගුනොත්,ඇයට සතුටක් දැනෙනවා.එයට විසදුමක් බොහෝ විට ඇයට අවශ්‍ය වන්නේ නැත.එවිට බොහෝ ගැටළු උත්ගත වීම නතර වෙනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here