ඔබත් පෙම්වතියක් ද ? එසේ නම් මේ ගැනත් සිතන්න

0
5487
ඔබත් පෙම්වතියක් ද ? එසේ නම් මේ ගැනත් සිතන්න

හොඳ පෙම්වතියක් බිරිදක් වීම සෑම ගැහැණු ළමයෙකුම තරුණ වියේ සිට දකින සිහිනයක්. මේ ලිපිය කියවන ඔබත් ආදරණිය පෙම්වතෙකුගේ ප්‍රේමවන්තියක් ලෙස සතුටින් ජීවිතය ගෙවනවා වන්නට පුළුවන්. යුවලක් අතර පුංචි පුංචි හිත් අමනාපකම් ඇතිවීම ස්වාභාවිකයි. එහෙත් ඒවා දුර දිග යෑමට නොදී ඔබ දෙදෙනා විසින්ම විසඳා ගත යුතුය.

ආදරණීය පෙම්වතියක් ලෙස ඔහුට තවත් ආදරණීය වන්නේ කෙසේදැයි ළෙන්ගතු වන්නේ කෙසේදැයි ඔබ සිතමින් සිටිනවානම් මෙම ලිපිය එයට මහගු අත්වැලක් වනු නොඅනුමානයි.

ඔබ මුලින්ම වටහා ගන්න ඔබගේත් ඔහුගේත් සිතුම් පැතුම් විවිධ වග. මොහොතක් සිතා බලන්න ඔබ දෙදෙනා අතර අන්තිමටම සිදු වුන සිත් අමනාපය ගැන. බොහෝ විට ඔබ අතර ගැටළු පැන නගින්නේ දෙදෙනා අතර හොඳ අවබෝධයක් නොමැතිකම නිසාය.

  • ඔහුට හොඳ මිතුරියක වන්න.

ඔහුව හොදින් වටහා ගැනීමට නම ඔහුට හොද මිතුරියක වන්න. ඔහුට වඩාත් සමීපව කටයුතු කරන්න. ඔබ දෙදෙනා නිතරම මුණ ගැසෙන්නේ නම් ඔබ අතර ඇතිවන ප්‍රශ්න ගැටළු අවම වේ. ඔබ නිරතුරු දුරකතනයෙන් ඔහු සමග කතා බස් කලද හැකි සෑම විටම ඔහු සමග කාලය ගත කරන්න. හොඳ මිත්‍රත්වයක් සාර්ථක පෙම් සබඳතාවයකට ආශිර්වාදයකි.

  • පමණට වඩා බලාපොරොත්තු තබා නොගන්න.

බොහෝ පෙම්වතියන් තම සහකරු ගැන පමණට වඩා බලාපොරොත්තු තබා ගනියි. උදාහරණයක් ලෙස ඔබගේ උපන් දිනයට ඔහු ඔබව මවිත කරවන තරු පහේ හෝටලයක උපන්දින සාදයක් සුදානම් කරාවියැයි ඔබ අපේක්ෂා කරයි. නමුත් ඔහුට හැකි පමණින් ඔබට මවිත කිරීමට ඔහු  කුඩා අවන්හලක සාදයක් සුදානම් කර ඇත්නම් ඔබ ඔහුව අගය කල යුතුය. මන්දයත් ඔහු ඔබ වෙනුවෙන් ඔහුට හැකි දේ සිදු කර ඇති බැවිනි. බොහෝ කාන්තාවන් තම අපේක්ෂා ඉටු නොවුන විට පෙම්වතා සමඟ අමනාප ඇති කර ගනී. මතක තබා ගන්න ඔහු ඔබ වෙනුවෙන් ඔහුට කල හැකි උපරිමය සිදු කරන වග.

  • ඔහුගේ සිතැඟි හදුනා ගන්න.

ඇතැම් පිරිමින් විලාසිතා කරන ගැහැණුන් කෙරේ වැඩි ඇල්මක් දක්වන අතර ඇතැමුන් චාම් විලාසිතා අනුගමනය කරන ගැහැණුන් කෙරේ ඇල්මක් දක්වයි. ‘මේ වගේ ඇඳුම් ඔයාට ලස්සනයි, පොඩි මේකප් එකක් දාන්නකෝ ‘ වැනි ඔහු ආදරණීයව කරන ඉල්ලීම් වලට සවන් දෙන්න. ඔහුටත් අවශ්‍ය  ඔබ ලස්සනට අනිත් අය අතරේ කැපී පෙනෙනවා දැකීමටයි. ඔහු චාම් විලාසිතා ප්‍රිය නොකරන කෙනෙක් නම් අනවශ්‍ය විලාසිතා වලට යොමු නොවී සිටීම ඔබ දෙනෙනා අතර හොඳ හිත පවත්වා ගෙන යන්න. ඔහුගේ සිතැඟි තේරුම් ගෙන ඒ අනුව ඔබේ ජීවිතය සකසා ගන්න. ‘මේ මගේ විදිය ,මං ඇයි එයාට ඕන විදියට වෙනස් වෙන්නේ, එයාට ඕනනම් මගේ විදියට වෙනස් වේවි ‘ යන සිතුවිල්ල ඔබේ සිතින් අතුගා දමන්න. ඔහුත් ඔබ සිතන ආකාරයටම සිතනවා නම් ඔබ දෙදෙනාට සාර්ථක ජිවිතයක් ගත කිරීම අපහසු වනු ඇත.

  • ඉවසන්න

බොහෝ පිරිමි ඉවසීමේ ගුණය අවම ඇත්තෝ වෙති. මදක් සිතන්න. ඔබ දෙදෙනා අතර කුඩා ආරවුලක් ඇති වූ විට ඔබත් ඔහු සමඟ එකට එක කීමට යාමෙන් රණ්ඩුව තවත් දුරදිග යෑම විනා එය විසඳීමක් සිදු වන්නේ නැත. ඔබ දෙදෙනා අතර කුඩා හෝ ආරවුලක් සිදු වූ විට ඒ පිළිබඳව තව දුරටත් වාද කිරීමට නොයන්න. මද වෙලාවකින් ඔහුට ආදරයෙන් කතා බස් කර වැරද්දක් ඇතිනම් එය පිළිගන්න. ඉවසීමේ ගුණයෙන් තොරව ඔබට සාර්ථක දිවියක් ගත කළ නොහැක.

ඔබේ ආදරණීය පෙම් කතාව සාර්ථක විවාහ ජිවිතයක් දක්වා ගෙන යාමට ඔහුට මෙන්ම ඔබටත් විශාල වගකීමක් ඇත.සෑම විටම සෙනෙහෙවන්ත මිතුරියක්‌, පෙම්වතියක් ,සහෝදරියක් ,මවක් මෙන් ඔහුට ජීවිතය සාර්ථක කර ගැනීමට සහය වන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here