ඔබට ගැලපෙන විලාසිතා තෝරා ගන්නේ කෙසේද?

0
6495
ඔබට ගැලපෙන විලාසිතා තෝරා ගන්නේ කෙසේද?

කාන්තාව සහ විලාසිතා අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්දයක් බව අපි දන්නවා. අද වෙන විට වයස් භේදයකින් තොරව විලාසිතා කිරීමට බොහෝ දෙනා යොමු වී සිටිනවා. බොහෝ කාන්තවන් විලාසිතා ඔස්සේ කැපී පෙනෙන චරිතයක් වීමට උත්සහා ගන්නවා. ඒ කොහොම උනත් තමන්ට ගැලපෙන අයුරින් විලාසිතා තෝරා ගැනීමට නොහැකි වුවහොත් ඔබගේ පවතින සුන්දරත්වය ද විලාසිතා මගින් නැති වී යාමට පුළුවනි. ඇත්තටම කාන්තාවක් වශයෙන් ඔබ විලාසිතා කිරීමේ දී මොනවා පිලිබදව ද  සැලකිය යුතු වන්නේ. එය ඉතාමත් වැදගත් කාරණාවක්.

  • ඔබේ සිරුරේ හැඩය (මහතා කෙනෙකුට වඩා කෙට්ටු කාන්තාවකට ගැලපෙන විලාසිතා වෙනස්ය)
  • සමේ පැහැය
  • අවස්තාවට උචිත බව
  • පවතින දේශගුණික තත්වයට ගැලපෙන ඇදුමක් වීම

විලාසිතා තෝරා ගැනීමේ දී එවැනි කරුණු වලට අවධානය යොමු කල යුතු අතර විලාසිතා සිදු කිරීමේ දී පහත කරුණු ද සලකා බැලිය යුතුය. මන්ද අද වන විට විලාසිතා ලෝකයක් පැමිණ ඇත. බොහෝ විට කාන්තා සිරුර නිරාවරණය වන විලාසිතා වැඩි ගණනක් පැමිණි ඇති නිසා කාන්තා අපචාර ද වැඩි වීමට මෙකි විලාසිතා බලපෑම් කරන බව බොහෝ අයගේ පිළිගැනීමයි.

01) සිරුර බොහෝ සේ නිරාවරණය වන ඇදුම් ඇදීමෙන් වලකින්න

කාන්තාවන් විලාසිතා කිරීම වරදක් නැත. නමුත් ඕනෑම විලාසිතාවක් තුළින් සුන්දරත්වය ඉස්මතු කරන්නා සේම විලි වසා ගැනීම ද අතිශයින් වැදගත්. නමුදු අද වන විට බොහෝ කාන්තාවන් විලාසිතා ලෙස කාන්තා අගපසග උලුප්පා පෙන්වීම, අඩ නිරුවත් ඇදුම් පැළදුම් ඇදීමට වැඩි ප්‍රවනතාවයක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. විලාසිතාවක් කිසි විටෙක තමාගෙන් අන් අයට හානි වන අයුරින් සිදු නොකරන්න.

02) චාම්, පිරිසිදු ඇදුම් අදින්න

අප සියල්ලටම උපත්තියෙන් ගෙනෙන ලස්සනක් තිබේ. ඇතැම් කාන්තාවන් වැඩි පුර විලාසිතා කිරීමට ගොස් මෙකි ලස්සන නැති කර ගනී. මේ නිසාම අප අදින කුමන ඇදුමක් වුවත් ඉතා පිරිසිදුව, චාම්ව ඇදීමට පුරුදු වීම ඉතා වැදගත්.

03) ඕනවට වඩා ආභරණ පලදින්න එපා

රූමත් බව වැඩි පුර කැපී පෙන්වීම උදෙසා ආභරණ ගණනාවක් පැලදීමෙන් ඔබ දෙස බලන ඇතැමුන්ට ඔබ තොරණක් මෙන් පෙනෙන්නට පුළුවනි. ඇදුමට ගැලපෙන ආභරණ තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. ඉතාමත් කැපී පෙනෙන මාලයක් ඔබේ කරට පලදින්නේ නම් නැවත එතරම් කැපී පෙනෙන ආභරණ කනට සුදුසු නොවීමට පුළුවනි. එම නිසා ඔබ විලාසිතා කරන විට බොහෝ සරල සමබර වන්න.

04) විවිධ වර්ණ ඇදුම් අදින්න එපා

ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන්ගේ පැහැය තලෙළු සමට හුරුය. එම නිසා මුහුණේ පැහැය අනුව ඇදුමේ වර්ණය තීරණය කිරීම ඉතා වැදගත්ය. තරමක් සමේ පැහැය අඩු නම් ලා පැහැති වර්ණ ගැලපේ.

05) ශරීර ප්‍රමාණයට වඩා ගොඩාක් ලොකු ඇදුම් මිලදී ගන්න එපා

මෙහිදී ඉතාමත් කෙට්ටු කාන්තාවන්ට තරමක් පිම්බුණු ස්වභාවයකින් යුතු ඇදුම් වඩාත් උචිතය. බොහෝ මහත කාන්තාවන්ට ඇදුම් ලොකුවට ගැනීමෙන් ඇගේ මහත තවත් කැපී පෙනෙන්නට පුළුවන. එසේම එය ශරීරය අවලස්සන කල හැකිය.

06) තද මේකප් දැමීම නොකරන්න

මේකප් කිරීමේදී කැපී පෙනෙන ලෙස මේකප් කිරීමෙන් වැළකිය යුතුය. එසේම වෙළද පොලේ ඇති මේකප් වල ගුණාත්මකභාවය පිලිබදවද සැලකිලිමත් වන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here