ඔබ තවමත් තනිකඩ ද? – පිරිමින්ට විශේෂයි!

0
5176
ඔබ තවමත් තනිකඩ ද? - පිරිමින්ට විශේෂයි!

ආදරේ කියන්නේ සුන්දර දෙයක්. අපි කවුරුත් කැමතියි ආදරේ ගැන කතා කරන්න. සැබෑ ආදරේට වයස, ජාතිය, කුලය බලපානේ නැත. නමුත් කොතරම් ආදරේ සුන්දර වුනත් සැබෑ ආදරේ හැමෝටම ලැබෙන්නේ නෑ. ආදරේ ගැන කතා කරද්දී විවිධාකාර ආදරයන් තිබෙනවා. අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, යහළු යෙහෙලියන් අතර පවතින ආදරයන් එකිනෙකට වෙනස්. ඒ කොහොම වුනත් තරුණ කාලේ නම් පෙම්වතියකගේ, පෙම්වතෙක්ගේ ආදරේ නැතුවම බෑ. කොතරම් තරුණ අවධියේ ගත කලත් හැමෝටම පෙම්වතෙක් වෙන්න බෑ. ඒ නිසාම පෙම්වතෙක් වෙන්න සිහින මවන අපේ තරුණ කොල්ලන්ට පෙම්වතෙක් වෙන්නේ කොහොමද කියලා කියන්නයි සුදානම. සරලවම කියනවනම් කෙල්ලෙක් set  කර ගන්නේ කොහොමද කියලයි කියන්න හදන්නේ.

ඔබ අදින ඇදුම්

ඔබ දෙස බැලු සැනින් ඔබේ බාලකම හෝ උසස්කම කීමට තරුණියකට පුළුවනි. පිරිමින්ට වඩා නිරීක්ෂණ ශක්තියක් කාන්තාවන්ට උපතින්ම ලැබී ඇති බව මනෝවිද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. මෙහි දී තරුණියකගේ නැත්නම් පොදුවේ කාන්තාවකගේ සැලකිල්ල ඔබ වෙත යොමු කරවා ගැනීම සදහා ඔබේ ඇදුම ප්‍රධාන තැනක් ගන්න බව මතක තබා ගන්න. කලිසමට ගැලපෙන වර්ණයන්ගෙන් සුදුසු කමිසයක් අදින්න. ඇදුම් වල වර්ණ සංයෝජනය පිලිබදව ස්ත්‍රී පුරුෂ කවුරුත් දැන සිටීම හොදය. එකකට එකක් නොගැලපෙන වර්ණ වලින් නිම වූ ඇදුම් ඇදගෙන යාමෙන් වලකින්න. කමිසය දුර්වර්ණ වී කලිසම තද පාටින් නම් එය ද ගැලපෙන්නේ නැත. කෙනෙකුට දෙපාරක් ඔබ වෙත බැලීමට සිතන ආකාරයට අදින්න.

ඔබේ කොණ්ඩය

ඔබේ කොණ්ඩය පිරිසිදුව තබා ගන්න. හොදට පිරූ අවුල් නොවූ කොණ්ඩයක් තිබීම ඉතාම වැදගත්. සුවද වර්ග ඕනෑවට වඩා තවරන්න යන්න එපා. කලකට පෙර සෑම තරුණයෙක්ම ගමන යනවිට පනාවක්, කුඩා කණ්ණාඩියක් ද රැගෙන ගියේය. එහෙත් කොණ්ඩය අනෙක් අයට පෙනෙන්නට පිරිමි අවලස්සනය. නිතර කොණ්ඩය පිරිමැදීම ද එතරම් හොද නැත.

තරුණියන් නිතරම කෙනෙකු දිහා බලන විට මුලින්ම දෙකකුල් දෙස බලන්නීය. ඉන් පසු ඔලුව දෙස බලනවා ඔබ දැක ඇත. මේ නිසා ඔබේ හිසකේ ලස්සනට තබා ගන්න. ඇතැම් කාන්තාවන් රැවුල ඇති පිරිමින්ට කැමති නැත. බොහෝ දුරට පිරිසිදුවට රැවුලක් කැපු මුහුණකට සෑම තරුණියක්ම ප්‍රිය කරයි. සමහරවිට ඔබ කෙල්ලන්ට ඕන ඕන විදියට මම ඉන්නේ  මොකටද යන්න ඔබ සිතන්න පුළුවනි. කමිසයේ උඩ සාක්කුවේ පෑන්, මුදල් හෝ කඩදාසි තුන්ඩු ආදිය දමා නොගන්න.

ඔබේ ගමන

ඔබ ගමන් කළ යුත්තේ හමුදා භටයෙකු මෙනි. එයින් නියමිත පිරිමියෙක් පෙන්වයි. හමුදාවට බැදෙන ගම්බද තරුණයන් ගමේ දී ගමන් කළ තාලය  වෙනුවට එඩිතරව ඇදීමට පුහුණුව ලබති. කෙනෙකුගේ ගමන් විලාශය තම මානසික අවුල්භාවය හා හැදියාවන් නැතිකම පෙන්වයි. හිස පහත් නොකට නිකට පාරේ මට්ටමට තිබීම වැදගත්ය. ඔබේ නියම උස අඩුවක් නැතිව පෙනෙන්නේ එවිටය.

ඔබේ ඉරියව්‍

බොහෝ තරුණයන් වාඩිවීමට සහ නැගී සිටීමට දන්නේ නැත. සිටගෙන සිටිය යුත්තේ පැත්තකට ඇලවීමක් නැතිවය. යමකට හේත්තු වී සිටීම කැතය. එසේම තම අත් දෙක තබා ගැනීමට නොදන්නා ඇය අපමණය. අත් දෙකම හෝ එකක් සාක්කුවේ දමා ගෙන සිටින්න එපා.

ඔබේ කතාව

නිතරම බියෙන් හා සැකයෙන් පෙලෙන තරුණයන් විවහා වුවත් එය අසාර්ථක වන්නේය. සමහරු නිතරම සුදානමින් සිටින්නේ වරදක් අල්ලා ගෙන අමනාප වීමටය. හරි හැටි කතා කරන්න නොදත් අය, සවන් දීමට ඉස්පාසුවක් නැති අය අහන දෙයට පිළිතුරක් දීමට බැරි අය නිතරම රණ්ඩු කරයි. ආදරේ කරන්නට කෙනෙක් සොයා ගැනීමට පෙර කළ යුත්තේ තමන්ගේ ගති ගුණ අලුත් වැඩියා කර ගැනීමයි.

එමෙන්ම හදුනා ගත් සැනින්ම තමන් ගැන සියලු විස්තර කියන්න යන්න එපා. පිරිමින්ට වඩා ගැහැණු අය තම පෙම්වතා කියන දේවල් අකුරක් නෑර මතක තබා ගනී.

කාන්තාවන් සමග කතා කිරීමේ දී ඉතා උස් හඩින් කතා කිරීම හොද නැත. නොනවත්වාම කතා කිරීමද හොද නැත. නිතරම ඇයට කතා කරන්න ඉඩ දෙන්න.

ඔබ ලග මනුස්සකම ඇත්නම් ඔබට යහපත් කාන්තාවක් මුණ ගැසේවි. ඔබේ සිත තුළ ඇත්තේ යම් ප්‍රයෝජනයක් ගෙන තව අයෙකු අතරමං කර දැමීම නම් ඔබට එවැනි අයගෙන්ද අඩුවක් නැති වේවි. ඔබේ හැදියාව අනුව ඔබේ ප්‍රේමයට දිගාසිරි ලැබේවි. ඔබේ වංක බව අනුව ඔබේ ප්‍රේමයට අවසන් තිත වැටේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here