ඔබත් කාර්යබහුල කාන්තාවක් වුනත් ඔබගේ සැමියාව සතුටින් තියන්න මේ උපදෙස් පිළිපදින්න

ඔබත් කාර්යබහුල කාන්තාවක් වුනත් ඔබගේ සැමියාව සතුටින් තියන්න මේ උපදෙස් පිළිපදින්න

අපේ සමාජයේ දැන් සිටින බොහෝමයක් කාන්තාවන් රාජකාරි  වැඩ, දරුවන්ගේ කටයුතු හා ගෙදර දොර කටයුතු නිසාවෙන් ගොඩක් කාර්යබහුල තත්වයකට පත් වෙලා. ඉතින් මේ වැඩ රාජකාරිත් එක්ක ඔයාට ඔයාගෙ සැමියගෙ ඕන එපා කම්  බලන්නත් වෙලාවක් නැති වෙන්න පුළුවන්. එයත් උදේට වැඩට ගිහින් ඇවිත් රෑට ඔයා හදලා දෙන දෙයක් කාලා මහන්සියට ඇදට ගිහින් නිදාගන්නවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාගෙ කාර්යබහුල ජීවන රටාව නිසා ඔයාගෙ පවුල් ජීවිතය අවුලෙන් ගත වෙනවා වෙන්නත් පුළුවන්. මොකද ඔයාගෙන් ලැබෙන්න ඕන ආදරය සෙනෙහස ඔයාගෙ සැමියා ඔයා තුලින් දැන් නොදකින කොට එයා වෙන වෙන පවුල් ජීවිත හොයන් යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔයා මොන තරම් කාර්යබහුල ගෘහණියක් වුනත් ඔයාට පුළුවන් නේද එයා ගෙදර රැදීලා ඉන්න සුළු මොහොත වුනත් එයා වෙනුවෙන් කැප වෙන්න. දරුවන්ගේ කටයුතුයි ගෙදර දොරේ කටයුතුයි නිසා ඔයාට මහත්තයා ගැන හොයන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් ඒත් ඔයා කළමනාකරණය දන්න ගෘහණියක් නම් ඔයාගෙ මහත්තයා වෙනුවෙන් කාලයක් හොයා ගන්න බැරි කමක් නෑ නේද?.

අපේ සමහර කාන්තාවන් කියනවා එයා දැන් වෙනස් වෙලා, එයාට වෙන සම්බන්ධයක් තියෙනවා, එයා මම ගැන හොයන්නෙ නෑ, දැන් දැන් එයා ගෙදර එන්නෙත් නෑ,  . මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් අපේ සමහර කාන්තාවන්ට තියෙනවා.ඉතින් ඔයාම හිතන්න ඇයි එයා වෙනස් වුනේ.. ඇයි මම තරම් හොද කෙනෙක් ඉඳලත් එයා වෙන කෙනෙක්ගෙ සෙනෙහසක් පතන්නෙ කියලා. ඇත්තටම එයා වෙනස් වුනේ ඔයාගෙත් අඩු පාඩු නිසා නේද?.. හා.. කියන්න කෝ ඔය දෙන්නා මතක ඇති කාලෙක එකට ඉදගෙන කෑම වේලක් කෑවද?. එකට වාඩි වෙලා ගෙදර දොර ගැන කථා කලාද? . එකට ඉද ගෙන දරුවන්ගේ ඉස්කොලේ වැඩ ගැන කථා කලාද ?. වැඩියෙ ඕනෙ නෑ… ඔයා එයාට ආදරෙන් කතා කරලා එයා ළඟ ඉදගෙන එයාගෙ ඔෆිස් එකේ විස්තර එයා ගැන ඇහුවද?. නෑ නේද? ඉතින් එයා වෙනස් වෙන එකත් අහන්න දෙයක්ද?.  ඇත්තටම ඔයා හොද බිරිඳක් වෙන්න පුළුවන් ඒත් ඔයා මුලින්ම හොද බිරිඳක් වෙන්න ඕන ඔයාගෙ සැමියා වෙනුවෙන්. හිතන්න ඔයා එයා ගැන සොයන්නෙ බලන්නෙ නෑ කියන්නෙ එයා වෙන කෙනෙක් ගැන සොයන්න බලන්න කාලය යොදවනවා වෙන්න පුළුවන්. ඔයාට දරුවා ලැබුනට පස්සෙ මහත්තයා වෙනුවෙන් දීපු ආදරෙත් දරුවට දීලා නම් හරියන්නෙ නෑ ඔන්න. පවුල රැක ගන්න නම් අඩුවක් නැතිව බඳින්න කලින් වගේම දැනුත් ඔයා ඔයාගෙ මහත්තයාට ආදරේ කරන්න ඕන එයා ගැන හොයලා බලන්න ඕන.

ඔයාට පුළුවන් එයාට ඇහුම්කන් දෙන්න එයා වැඩට ගිහින් හවස් වෙලා ගෙද ආවාම හොඳ රසට ඉඟුරු දාලා තේ එකක් එහෙම හදලා දීලා එයා එක්න ටිකක් කතා කරන්න එදා දවස වුන දේවල් කරපු දේවල් එයාට කියන්න.එයාගෙනුත් අහන්න එයා ඇත්තටම ඔයාට තවත් ආදරේ කරාවි.
නිතරම එයාට කියන්න එයාව මතක් වෙන විත්තිය. ඔයා කන බොන වෙලාවට වුනත් පුළුවන් නම් එයාට  ඉන්න තැනකට call එකක් දීලා බලන්න එයා කාලද ඉන්නෙ මොකද කරන්නෙ කියලා. එයාට අමතක වුන එයාගෙ වැඩක් එහෙම තියෙයි නම් ඔයාට පුළුවන් කථා කරලා එයාට මතක් කරන්න.
එයා ගෙදර එද්දි එයා කන්න ආසම කෑම වේලක් හදලා එයා එක්ක එකට වාඩි වෙලා කෑම කන්න ඔයාටත් පුළුවන්. එයාට මහන්සි දවස් වලට කෑම අනලා ඔයා එයාට කවන්න. එයා ඔයාව නම් කවදාවත් තනි කරන එකක් නෑ මොකද ඒ වගේ ආදරයක් තමයි හැම සැමියෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ.
ඔයාට පුළුවන් එයාට නිවාඩු දවසක ගෙදර අය එක්ක පොඩි වෙනසකටත් එක්ක කොහේ හරි යන්න ප්ලෑන් කරන්න. ඒ මොහොත  ඔය දෙන්නටත් විශේෂ එකක් කර ගන්න ඔයාට පුළුවන්.

ඉතින් මෙන්න මේ වගේ ඔයාටත් පුළුවන් ඔයාගෙ පවුල් ජීවිතේ සතුටින් ගත කරන්න. ප්‍රීතිමත් පවුල් සබඳතාවක් සදහා ඔබත් වැඩි වැඩියෙන් ඔබේ සැමියාට ආදරය සෙනෙහස දක්වන්න. ඔහු පිළිබඳ නිතර නිතර සොයා බලන්න.එදාට  මේ ලෝකෙ තියෙන ලස්සන පවුල ඔයාගෙ වෙන්න පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here