ඔබේ ජංගම දුරකතනයේ හෝ ලැප්ටොප් එකේ බැටරි ආයුෂ දිගු කරගන්නේ මෙහෙමයි

ඔබේ ජංගම දුරකතනයේ හෝ ලැප්ටොප් එකේ බැටරි ආයුෂ දිගු කරගන්නේ මෙහෙමයි

” අනේ බලන්න මගේ  ලැප් එකෙයි ෆෝන් එකෙයි දෙකේම බැටරි බැහැලා නේ. මම දැන්නේ චාජ් කරලා අත ගත්තෙ”
ඔබත් මෙහෙම කියලා ලතවෙනවද? එහෙනම්  මෙන්න පිළියමක්.

ඔබගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දූරකථනය හරි විදියට චාජ් කර නොගැනීමෙන් ඒවායේ බැටරිය වැඩිදුරටත් ආරක්ෂා කර ගැනීමට ඔබට පුළුවන් කමක් නෑ. ඉතින් නූතන සමාජය දිහා බැලුවම මේ වෙද්දි ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක කියන්නෙ පාසල් දරුවාගෙ සිට රාජ්‍ය,පෞද්ගලික සේවකයන් දක්වා නැතිවාම බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා. බොහෝමයක් පෞද්ගලික අංශයේ සේවකයන් හා විශ්ව විද්‍යාල සිසුන් අතර නම් ලැප්ටොප් පරිගණක තමයි භාවිතයට ගන්නෙ. ඒ වගේම ජංගම දුරකථනය කියන්නෙ සියලුම දෙනා පාවිච්චි කරන ඒවගේම සියලුම දෙනාට අත්‍යවශ්‍ය උපකරණක්. කොහොම වුනත් ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මෙම උපකරණ දෙකේම ඉතා ඉක්මනින් බැටරි කාලය අඩපණ වෙන එක. ඒ කියන්නෙ  සාමාන්‍ය ලෙස ගත්තොත් ලංකාවෙ වෙළෙඳපොළ මිල ගණන් වලට අනුව මිලදී ගන්නා ලැප්ටොප් පරිගණක බැටරියේ කාල සීමාව වන්නෙ උපරිම පැය 4ක් නැතිනම් 6ක්. හැබැයි ලැප්ටොප් පරිගණක වැඩි වෙලා ඔන් එකේ වැඩ වල නිරත වෙනවා නම් එම කාල සීමාව පැය දෙක තුනකට සීමා වෙනවා. ඒ වගේම සමහර ජංගම දුරකථන චාජ් කරලා පැයෙන් දෙකෙන්ම ඕෆ් වෙලා යනවා.

අපි පාවිච්චි කරන ලැප්ටොප් පරිගණක බැටරියක් හා ජංගම දුරකථන බැටරියක්  සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු  දෙකක් වත් හරි විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ කියපු වොරන්ට් එක ඔයාලට තියා ගන්න නම් ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථන චාජ් කරද්දි එය හරි විදියට සිදු කරන්න ඕන.  නැතිනම් මෙම උපකරණ දෙකේම බැටරිය ඉක්මනින් සවුත්තු වෙලා යන්න පුළුවන්.  ඇත්තටම කිව්වොත් ඕනෑම දෙයක බැටරිය ඉක්මනින් සවුත්තු වෙන්න ප්‍රධානතම හේතුව තමයි වැඩි වෙලා  දිගටම චාජ් වෙන්න ගහලා තියෙන එක.
ඔබ දන්නවාද ඔබගේ ලැප්ටොප් පරිගණකයේ වගේම සමහර ජංගම දුරකථන වල බැටරිය ලිතියම් අයන පාවිච්චි වෙන බැටරියක් කියලා. ලිතියම් කියන්නෙ සැහැල්ලු  වැඩි ශක්ති ධාරිතාවක් තියෙන මූලද්‍රව්‍යයක්. වැඩි කාලයක් තියා ගැනීමට හැකි වන්නෙත් මෙන්න මේ කියාපු ලිතියම් අයන බැටරියක් තමයි. හැබැයි මේ මොන දේ උනත් මෙම බැටරි වල තියෙන දුර්වලකම තමයි      උණුසුම වැඩි උනාම ඉක්මනින් හානි වෙන්න බලන එක. ගිනිගෙන පුපුරන්න පවා ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ කියාපු ලිතියම් අයන බැටරියක් උනත් වෙනත් වර්ගයේ බැටරියක් උනත්  ඔබේ ලැප්ටොප් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ ඇත්නම් එය සම්පූර්ණ ලෙසම බහින්න දෙන එක, නැතිනම් 100%ක් වෙන තෙක් චාජ් කරන එක නම් ඒ තරම් සුදුසු නෑ. මොකද එහෙම උනොත් නම් ඔබේ ලැප්ටොප් පරිගණකයේ හා ජංගම දුරකථනයේ බැටරිය ඉතා ඉක්මනින් නරක් වෙන්න ඉඩ තියෙනවා.

ලැප්ටොප් වල වගේම දුරකථන වලත් බැටරි බලයෙන් ක්‍රියා කරද්දි අජු ශක්තියකින් ක්‍රියා කරන නිසා නිපදවන තාප ප්‍රමාණය අඩුයි. නමුත් චාජ් වෙන්න ගැහුවම නිදහසේ ක්‍රියා කරලා වැඩි තාපයක් නිකුත් කරනවා. එම නිසා  බැටරියේ කල් පැවැත්ම අඩු වෙන්න පුළුවන්.  කොහොම වෙතත් ඔබට මෙයට කරන්න තියෙන හොදම දේ තමයි ඔබ ඔබේ ලැප්ටොප් පරිගණක හා දුරකථනය චාජ් එකට ගැහු පසුව එය උපරිම 80%ක් වන තෙක් පමණක් චාජ් කර ගන්න.  එය නැවත 40%ක් දක්වා අඩු වෙද්දි චාජ් එකට ගහන්න මෙන්න මේ විදියට ඔබට පුරුදු වෙන්න හැකි නම් එය ඔබගේ උපකරණ වල බැටරියේ ආයු කාලය වැඩි කර ගැනීමට ඉවහල් වේවි. නමුත් ඔබ ගමනක් යන්න ඕන වුනාම එය 100%ක් දක්වා චාජ් කර ගන්න.

කොහොම වෙතත් ඔබේ බැටරි වල කාල සීමාව හොඳ තත්වයේ     පවත්වා ගෙන යෑමට 80%ක් වෙද්දි චාජ් කරන් චාජ් එක ඉවත් කරලා නැවත 40%ට බහිද්දි  එම   උපකරණ චාජ් වෙන්න ගහන්න. මෙය හැමදාම කරන්න අවශ්‍ය නැතත් ඔබට පුළුවන් හැම වේලාවේදීම මෙය අනුගමනය කරන්න. එයින් ඔබගේ බැටරි වැඩි කාලයක් පවත්වා ගන්න පුළුවන්.

ඉතින් ඔබට ප්‍රශ්ණයක් වෙලා තිබුණ ඉක්මනින් බැටරි බැසීමේ ගැටලුවට ඔබට හොද පිළිතුරක් මෙම ලිපිය මගින් ලැබෙන්න ඇතැයි අප විශ්වාස කරමි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here