ඔබට ගැලපෙනම සාරි විලාසිතාව තෝරා ගන්න

ඔබට ගැලපෙනම සාරි විලාසිතාව තෝරා ගන්න

අපි විලාසිතාවන් ගැන කතා කරද්දි එක එක විදියෙ මෝස්තර සහිත දේවල් වලට ගොඩක් ඇලුම් කරනවා. ඉතින් මේ අතර අපි අදින ඇදුම පැළදුමටත් විශේෂ තැනක් අද වන විට හිමි වෙලා තියෙනවා. ගමනක් බිමනක් යන්න ඕන වුනාම අපේ කාන්තාවන් සෑම දෙනාම කරන්නෙ ඇදුම් අල්මාරිය ඇරලා මොකක්ද හොඳ, මොකක්ද අද මම අදින්න කියලා ඇදුම් ටික දිහා බලා ගෙන කල්පනා කරන එක. ඉතින් මේ විලාසිතාවන් අතර ගවුම්, ත්‍රවුසර්, සාය හැට්ට, වගේම සාරිත් තියෙනවා. අපේ අය නම් ඔය මොනවා ඇන්දත් සාරිය නම් අදින්නෙ එහෙමත්ම විශේෂ අවස්ථාවකට නේ. සාමාන්‍යයෙන් ඔෆිස් යන්න, වෙඩින් එහෙකට යන්න, දරුවෙක්ගෙ ඉස්කෝලෙක උත්සවයකට වගේ  එහෙමත්ම කලාතුරකින් තමයි සාරියක් අදින්නෙ. ඉතින් මම හිතුවා දැන් තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක ඔයාට ගැලපෙන හොදම සාරි විලාසිතාව මොකද්ද කියලා ඔයාට තෝර ගන්න පහසු වෙන්න අද womanly.lk වෙතින් කතා කරන්න ඕන කියලා.

අපි හැමෝම දන්නවා සාරි කිව්වම නම් එක එක විදියෙ සාරි දැන් වෙලඳපොලේ තියෙනවා කියලා. ඒ අතර
ඉන්දියන් සාරි
බැංකොක් සාරි
ඔයිල් සාරි
දුහුල් තනි ප්ලේන්ට් සාරි 
පැච් වර්ක් සාරි
මෙන්න මේ වගේ අපි හොදින්ම දන්න සාරි වර්ගත් තියෙනවා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ” අනේ මේ සාරි කොහොමද වෙඩින් එහෙකට වත් අදින්නෙ, දැන් මේවාගේ  කාලේ ගිහින්, අද කාලේ හැටියට මේවා හරි මදි ” කියලා ඔයාට හිතෙන්න පුළුවන් නේද? එහෙනම් මේ සාරි අැරුණම දැන් කාලෙට වගේම ඔයාගෙ තාලෙටත් ගැලපෙන මෙන්න මේ සාරි ගැනත් දැන ගන්නකෝ.  හැමදාම හැම තැනටම අදින එකම ජාතියෙ   සාරි වර්ග ටිකට පොඩි නිදහසක්    දීලා ඔයත් මේ සාරි විලාසිතාවන් ඔයාට මැච් වෙනවද කියලා බලන්න කෝ..

  • Flared Skirt සාරිය.
    හැමදාමත් පට හත දාලා, අත දිගේ දාලා, සුපුරුදු රැළි සහිත සාරි විලාසිතාව ඔබට දැන් ඇඳලා අැති වෙලාද? ඒ නිසා ඔබ සොයන්නෙ අද කාලෙට නව තාලෙට ගැලපෙන ෆැෂනබල් අවුට් ෆිට් එකක් නම් මේ සාරි විලාසිතාව ඔයාට කදිමෙට මැච් වේවි. පුළුල්ව විහිදී ගිය රැලි සහිත සායක් සමඟින් එන මෙම සාරි විලාසිතාව ආකර්ෂණීය මොඩිෆයුව් සාරි වර්ගයක්. තරමක් උස සිහින් සිරුරින් යුත් ඔයාට නම් මේ සාරි විලාසිතාව කදිමයි. විවාහා උත්සව, ප්‍රිය සම්භාෂණ  නයිට් පාටි වලට වගේ නම් මේ සාරි විලාසිතාව කැපී පේනවා.
  • පල්ලුව සහිත ඉතා තුනී සාරි
    ඉතා තුනී ආකාරයේ මෙම සාරි වර්ගය නම් අද කාලෙට කියාපු විලාසිතාවක්. තනි උර පටි සහිත සාරි හැට්ටයක් හරි කොරල් එක දාපු කොට අත් තියෙන සාරි හැට්ටයකට හරි නැතිනම් ලේස් දාපු දිග අත් සහිත සාරි හැට්ටයකට හරි මේ සාරිය නියමටම ගැලපෙනවා. තුනී පල්ලුවකින් හෝ පෙයාඩ් සායකින් යුත් මේ සාරිය ග්රෑන්ඩ් ඔකේෂන්ස් වලට නම් නියමයි. උස,මහත, මිටි අයටත් මේ සාරිය හොදට මැච් වෙනවා.
  • Simple Siphon සාරි
    ඔයා හොයන්නේ වැඩි ආටෝප නැති ක්ලැසී පෙනුම තියෙන සාරි වර්ගයක් නම් මේ සාරිය ඔයාට කියාපුම ස්ටයිල් එකක්. අඩුවෙන් වැඩ දමා තනි වර්ණයෙන් අලංකාර කර ඇති මෙම සාරි විලාසිතාව වැඩි අලංකාර යොදා ඇති සාරි හැට්ටයකට නම් හොදට මැච් වෙනවා. මේ සාරි වර්ගය ඔයාට ඔෆිස් එකට අදින්න වුනත් කියාපු විලාසිතාවක්.
  • Work සාරි
    මේ සාරි නම් දරාගෙන ඉන්න ටිකක් අමාරුයි. එක එක විදියෙ වෙනස් මැටීරියල් වලින් අලංකාර වුන මෙම සාරි වර්ගය අද සමාජයේ කැපී පෙනුම අතින් ඉතා ඉහල තැනක් ලබා ගන්නවා. ඔෆිස් එකේ උත්සව වලට වෙඩින් වලට වගේ විශේෂ අවස්ථා වලට අදින්න නම් කියාපු සාරි විලාසිතාවක්.
  • වෙල්වට් බෝර්ඩර් සහිත සාරිය.
    අද කාලෙට කියාපු ට්‍රෙන්ඩ් එක මේ සාරිය කිව්වොත් නම් නිවැරදියි. මේ සාරි වර්ගය නම් ඕනැම තැනකට අදින්න පුළුවන්. දිග අත් හෝ කොරල් එක සහිත වෙල්වට් බ්ලවුස් නම් මේ සාරියට කැපී පේනවා.

ඉතින් හැමදාම අදින පට හතේ සාරියෙන් නිදහස් වෙලා ඔබත් අද කාලෙට හරි තැනට යන්න හරි විලාසිතාව තෝරා ගන්න. ලංකාවේ   කාන්තා අපට අපේ සංස්කෘතියට හරි යන දේ අපිත් තෝරා   ගනිමු.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here