ඔබේ ප්‍රියතම සංගීතය ඔබ ගැන කියන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රියතම සංගීතය ඔබ ගැන කියන්නේ මෙහෙමයි...

සංගීතය විශ්ව භාෂාවක්…. අපට ඇතැම්විට භාෂාව නොතේරුණත් සංගීතයට සහ තනුවට ඇති කැමැත්ත නිසාම අප ඇතැම් විට ගීතවලට ප්‍රියකරනවා …..ඔබ  මොනවගේ  සංගීතයකටද කැමති? …… ඔබගේ  ප්‍රියතම සංගීතය  ඔබ  ගැන  කියන්නේ  මෙහෙමයි…..

ඔයා HEAVY METAL  ෆෑන්  කෙනෙක්ද?

එහෙනම්  ඔයා  පරිත්‍යාගශීලියි  වගේම  නිර්මාණාත්මක  කෙනෙක්….සංගීතය  සහ  මානසික  විද්‍යාව  පිලිබඳ  මහාචාර්ය  Adrian North  36000  ක  සහභාගිත්වයෙන් කල සමීක්ෂණයකින්  හෙළිවී  තිබෙන්නේ  metal සංගීතය  ප්‍රියකරන්නන් හුදෙක්  සියුම්  සහ  සංවේදී  ඇත්තවුන් බවයි. ඔවුන්  ශාස්ත්‍රීය  සංගීතය  ප්‍රියකරන්නන්  සේම  නිහැඬියාව ද  ප්‍රියකරන  බව  සමීක්ෂණයෙන්  හෙළිව  තිබෙනවා.

ඔයා  ශාස්ත්‍රීය  සංගීතයටද  කැමති?

චින්තාපර බව  සහ සංකීර්ණ  බව ශාස්ත්‍රීය  සංගීතය සහ  එයට  සවන්දෙන්නන් පිළිබඳව  දිය  හැකි  කදිම පැහැදිලිකිරීමක්.North  ගේ  සමීක්ෂණයන්ට  අනුව  classic ප්‍රියකරන්නන් බුද්ධිමත්,මඳක්  ලැජ්ජාශීලි , සංවේදී වගේම  ආත්මාභිමානයෙන්ද  යුක්තයි. ඔවුන් ශාස්ත්‍රීය සංගීතයට සවන්දීම දකින්නේ න්‍යායාත්මක අත්දැකීමක් ලෙසටයි.ඒවගේම  metal  ප්‍රියකරන්නන් සමඟ  මිතුදම්  පවත්වන්නටත්  බොහෝ  කැමැත්තක්  දක්වන  බව  හඳුනාගෙන  තිබෙනවා….

ඔයා  ආස  Hip – Hop  වලටද?
එහෙනම්  ඔයා  සමාජශීලි  බවින්  තරමක්  වැඩියි. ඒවගේම  උද්යෝගිමත්,රිද්මයානුකුල කෙනෙක්.hip hop ප්‍රිය කරන ඇය සංගීතයේ සමාජමය පැතිවලට කැමැත්තක්  දක්වනවා….headphone  වලින්ම  තනිව  ගීත  වලට  සවන්දෙනවට  වඩා  ඔවුන්  කැමති  පිරිසක්  සමඟ  එක්වී  ගීත  ගායනයටයි. ඒවගේම  North  ට අනුව මොවුන්  වැඩි  ආත්ම  අභිමානයෙන්  යුක්තව  සිටිනවා…

Rock fan කෙනෙක්ද?

ක්ලැසික්  රොක්  වලට  කැමති  අය මහන්සිවී  වැඩකිරීමට  කැමතියි වගේම පහසුවෙන් ලද  දෙයින්  සතුටට  පත්වන පිරිසක්.එමෙන්ම  ඔවුන්  මඳක් ආත්මාර්ථයෙන්  යුක්තවනවා.එමෙන්ම  අලුත්  දේවල්   කරන්න , අත්හදා  බලන්නත්  වැඩියෙන්  කැමතියි. රොක්  සංගීතය  විවිධාකාරයි වගේම රොක්  ප්‍රියකරන්නන් ද ඒකාකාරී බවට එතරම් කැමැත්තක්  දක්වන්නේ  නැහැ….punk rock ප්‍රියකරන්නන් උද්යෝගිමත්,ශක්තිමත් වගේම සාමූහික බවින්  අඩුයැයි  සැලකෙනවා.

folk , jazz, blues සංගීතයට කැමති නම්….

එහෙනම්  ඔයා  ගැඹුරෙන්  දෙයක්  ගැන  සිතන කෙනෙක්…ශාස්ත්‍රීය ප්‍රියකරන්නන්  වගේම මොවුන්ද චින්තනයට බොහෝ  කැමතියි.විවෘත  මනසකින් යුක්තයි වගේම බොහෝ නිර්මාණශීලියි.ඔවුන් නිදහස් මතවාද දරන්නන්…ඔවුන් සංගීතය මොළයට සහ ශරීරයටද ව්‍යායාමයක් ලෙස  යොදාගන්නවා.

ඔයා  කැමති  country  music  වලටද?

එහෙනම් සංවෘත මනසකින් සහ මහන්සි වී වැඩකරන්න කැමති කෙනෙක් ඔබ. country ප්‍රියකරන්නන් හුදෙක් අව්‍යාජ වගේම සාමූහික බවිනුත් වැඩියි.ඔවුන් දැඩි මතදාරීන් නෙමේ… එනිසා  සාමූහික තීරණ ගැනීම්වලදී  පහසුවෙන් ඔවුන් හා කටයුතු කරන්නත් පුළුවන්… සමාජශිලියි…කැපවීමෙන් වැඩ කරන්නට කැමතියි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here