රෙදි පිළි මිලදී ගැනීමේදී ඔබත් මේ දේවල් 05 ගැන සැලකිලිමත් වුවාද ?

රෙදි පිළි මිලදී ගැනීමේදී ඔබත් මේ දේවල් 05 ගැන සැලකිලිමත් වුවාද ?

අපි කාන්තාවන් විදියට මේ සමාජය තුල බොහෝ විට විවිධාකාර කූට උපක්‍රම වලට හසු වන අවස්ථා නම් එමටයි. ගෙදරට අවශ්‍ය කළමනාකරණ මිලදී ගන්න වෙළෙද පොලට ගියත්, වෙනත් දෙයක් මිලට ගැනීමට කඩයකට ගියත් ඇදුමක් පැළදුමක් ගන්න සාප්පුවලට ගියත් ඒවගෙ ඉන්න වෙලෙන්දො ගැහැනියක් නේ කියලා හිතලා අපව මුලා කරන වාර අනන්තයි. ඒ නිසාම අපි හොඳ සෝදිසියෙන්  හැම දෙයක් ගැනම හොදින් පරික්ෂාකාරීව තෝරා බේරා ගත යුතුයි. කාන්තා අපි ගොඩක් කැමති ඇදුම් පැළදුම් මිලදී ගන්න නේ. විශෙශ්ෂ ගමනක් බිමනක් නම් අනිවාර්යයෙන් අපි ඇදුමක් එහෙම ගන්නවාමයි නේද ?. ඉතින් මම හිතුවා ඇදුම් පැළදුම් මිලදී ගනිද්දි අපි මොන මොන දේවල් ගැන දැන ගෙන සිටිය යුතුද කියලා Womanly.lk වෙතින් අද ඔයාලව දැනුවත් කරන්න. ඔන්න එහෙනම් අද ඉඳන් ඇදුමක් එහෙම මිලට ගන්න ගියොත් මේ දේවල් ගැනත් හොඳින් හිතන්න.

  • සැලකිල්ල
    අපේ ගොඩක් කාන්තාවන් රෙදිපිළි මිලදී ගනිද්දි එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නෑ නේද?. මොකද අපි හැමෝම වගේ වගේ  ගන්න උනන්දු වෙන්නෙ ඒ සාප්පුවට තියෙන ලස්සනම ඇදුම. හැබැයි ලස්සන උනා කියලා ඒ ඇදුම ඔයාට ගැලපෙන එකක්ද කියලා ඔයා සැලකිල්ලෙන් බැලුවද?. අහුවුන ගමන්ම ඇඟට උඩින් ඇඳුම තියලා ආ මේක ලස්සනයි කියලා සල්ලි දීලා ඇඳුම් මිලදී ගන්න කෙනෙක්ද ඔයා.  දන්නවාද අපේ ජීවිතේට අපි ලං කර ගන්න අනිත් දේවල් වගේම ඇඳුමක් පැලඳුමක් ගනිද්දි වුනත් ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඒ ඇඳුම ගන්න කලින් බලන්න ඒකෙ ඩැමේජ් එහෙම තියෙනවද, අනිත් රෙදි සාප්පුවලට වඩා ගණන් වැඩිද, ඔයාගෙ වයසට, ඔයාට ගැලපෙනවද කියලා.
  • මිල
    ඔයත් ඔයාට හරි ඔයාගෙ ගෙදර වෙන කෙනෙක්ට හරි ඇඳුම් එහෙම මිලදී ගනිද්දි දකින ඕනම ලස්සනයි කියලා හිතෙන ඇඳුමක් අරන් සල්ලි ගෙවන කෙනෙක්ද?  දන්නවද අපේ සමහර රෙදිපිළි කඩවල තියෙන බිලට උඩින් වැඩි මිලක් සහිත බිල් අමුණනවා කියලා. ඔයා මිලදී ගන්න ඇදුම ඒ දාපු මිලට ගැලපෙන එකක්ද කියලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඇඳුම් මිලදී ගනිද්දි අනිවාර්යයෙන් බිල බලලා ගන්න. බිලක් එහෙම නැති මිල කීයද කියලා නොදන්නා ඇඳුම් එහෙම මිලදී ගන්න එපා. මොකද එහෙම උනොත් එහි වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ඔයාට දරන්න සිදු වේවි .
  • පාට
    ඔයා ඔයාගෙ ඇදුම් එහෙම තෝරා ගන්න විට ඔයාට ගැලපෙනවද කියලා හොඳට බලලා ගන්නවා නේද? . විශෙශ්ෂයෙන් කාන්තා අපි ඇදුමක් එහෙම ගනිද්දි ඇදුමෙ පාට ගැන එහෙම ගොඩක් හිතන්න ඕන. අපේ ඇගේ පාටට මැච් වෙන වර්ණ වලින් යුත් ඇදුම් එහෙම තෝරා  ගන්න නිතරම අපි සැලකිලිමත් වෙන්න ඕන.
  • සාප්පු කිහිපයක්
    තමන්ගෙ ලෙහෙසි පහසුවට ගිහිපු ගමන් එකම සාප්පුවකින් රෙදිපිළි තෝර ගන්න කවදාවත් හිතන්න එපා. ඔබ කාන්තාවක් විදියට නිතරම හරිම දේ ගන්න උනන්දු වෙන්න ඕන. ඒ නිසා ඔබට රෙදිපිළි මිලදී ගන්නවා නම් රෙදි සාප්පු කීපයකම ඇවිඳල‍ා බලලා ඔබට හරියන දේ මිලදී ගන්න. එතකොට ඔබෙන් වියදම් වෙන ගාන වුනත් ‍ ටිකක් අඩු කර ගන්න පුළුවන්. මොකද ඔබ රෙදිපිළි මිලදී ගන්න සාප්පුවට වඩා හොඳ මිලෙන් අඩු රෙදිපිළි අනෙක් සාප්පුවල තියෙන්න පුළුවන්.
  • ගුණාත්මකත්වය
    ගුණාත්මකවත්ය කියලා මම මෙතනදි කියන්නෙ ඔබ මිලදී ගන්නා රෙදිපිළි වල නිමාව, හැඩය, සායම් සේදීමට ලක් වෙනවාද නැතිද යන වග, රෙදිපිළි ඇසුරුම් කළ ඇති ආකාරය, නිසි දිග පළල වගේ දේවල් . රෙදිපිළි මිලදී ගනිද්දි මෙන්න මේ කියපු කරුණු ටික නම් අනිවාර්යයෙන් බැලිය යුතු වෙනවා. මොකද ගෙදර අරන් ඇවිත් දාලා බලද්දි ඔබේ ප්‍රමාණයට නැතිනම් ඔබ අහු වෙලා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මිලදී ගත් රෙදිපිළි වල ස්වභාවය ගැන හොදින් අවධානයට ලක් කරන්න. ඒ රෙදි වර්ග හොඳද නැද්ද ඉක්මනින්ම හානි වෙන    තත්වයේ රෙදිපිළි වර්ගයක් ද කියලා බලලා ගන්න. තවත් විදියකින්  කිව්වොත් ඔයා මිලදී ගන්න රෙදි එක පාර සෝදද්දි පාට ගිහින් පරණ වෙන ඒවාද කියලා හොඳට බලලා තෝර ගන්න.

මෙන්න මේ කියපු දේවල් හොදින් සිහියට අරගෙන ඔයත් හොඳම දේ අරගන්න පුරුදු වෙන්න. ඔබේ පළපුරුද්ද තුලින් රෙදි ‍ තෝරා ගන්න නිතරම උත්සහාවන්ත වෙන්න. ඒ වගේම මැහුම් පිළිබඳවත් හොඳ දැනුමක් තියෙන්න ඕන. නියම උසස් තත්වයේ ඇති ඔබ ගෙවන මිලට සරිලන රෙදිපිළි තෝරා ගැනීමට ඔබත් මෙතැන් සිට බුද්ධිමත් වෙන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here