ප‍්‍රශ්න නැත්තේ කාට ද ?

Shehani-Dineshika-womanly-2016-07-002

10 දෙනෙක් ගත්තොත් ඒ් 10 දෙනාට දස ආකාරයේ ප‍්‍රශ්න. ඒක විදිහකට බැලුවම ප‍්‍රශ්න කියන්නේ ජීවිතේ ම කොටසක් කියලා කියන්න පුළුවන්. මිනිස්සුන්ගේ ජීවිත ඒ් මේ අතට ගලා යන්නේ මේ ප‍්‍රශ්නත් ඒක්ක.

ඒ් ඒන ප්‍රශ්නවලට මිනිසුන් මුහුණ දෙන අාකාරය අනුව තමයි මිනිස්සුන්ගේ සැප දුක, සතුට සැනසීම වගේ දේවල් තීරණය වෙන්නේ. දුක් විඳපු නැති කෙනෙක් නෑ. ඒ වගේ ම සැප විඳපු නැති කෙනෙකුත් නෑ. කොයි මොහොතක හෝ මොනයම් හෝ සැපක් දුකක් විඳපු නැති මිනිස්සු නෑ.

සතුටින් හිටියොත් දුකින් ඉන්න වෙනවා කියලා දෙයක් මිනිස්සුන්ගේ හිත්වල පැල්පදියම් වෙලා තියෙනවා. ඒ් නිසා සමහර අය වැඩිපුර සතුටුවෙන ඒක හිතාමතා නතර කරලා දාලා පැත්තකට වෙන අවස්ථා ද තිබෙනවා.

ජීවිතේ හරියට විභාගයක් වගේ ඒ් විභාගයෙන් අහන ප්‍රශ්නවලට හරියට උත්තර දුන්නම තමයි සමත් අසමත් බව තීරණය වෙන්නේ. ඒක පාරක් දෙයක් වරදින කෙනා දෙතුන් පාරක් නැවත උත්සාහ කරලා‍, බොහෝවිට උත්සාහය අත්අරිනවා. ඒ්ත් ඒ් උත්සාහය අත්අරින්නේ නැතුව තව පාරක් උත්සාහ කළා නම් අැතැම්විට හිතන්නෙත් නැති අාකාරයකට ඒ් දේ විසඳෙන්න ඉඩකඩ තිබෙනවා. ඒහෙත් ඒ් වෙනකාෙට බහුතරයක් අදාල දේ අත්හැර දමා ගොස් අවසන් ය.

ගල් කැට 10ක් ගැහුවොත් එකක් හරි වදී කියන්නෙ කතාවට ම පමණක් නොවේ. ඔ්න ම දෙයක් එපා වෙන්න කලින් තීන්දු තීරණ ගන්න කලින් වැරදුනත් කමක් නෑ. තව පාරක් ට්‍රයි කරනවා කියලා හිතලා එ් දේ කරලා බලන්න පුළුවන් නම් හිතන සාර්ථකත්වයක් අත්කර ගන්න ඒක ලාකු දෙයක් නෙවෙයි.

ගොඩක් මිනිස්සු බාහිරින් ප්‍රශ්න දිහා බලලා, එක්කෝ තවත් කෙනක් එ් සම්බන්ධයෙන් කියන දෙයක් අහලා තීරණ ගන්නවා. එ්ත් මේ තාවකාලික ලෝකේ තම තමන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගන්න වෙර දරණ අාත්මාර්ථකාමී මිනිස්සු ජීවත්වෙන සමාජේ එ් අය කටින් වචනයක් පිට කළත් එ්ක ඔවුන්ගේ සුබ සිද්ධිය උදෙසා බව කියන කාරණය එ් දේවල් අහන අයට තේරුම් ගන්න බෑ.

මොක ද කෙනෙක් යම් දෙයක් කියන්නෙ තමන්ට එ් සම්බන්ධයෙන් තියෙන අත්දැකීම් ටික අනුව…. මොක ද කාසාද බැඳලා පවුල් ජීවිතේ ඉහිරුණු කෙනෙක් බඳින්න ඉන්න කෙනෙක්ට කියන්නේ අම්මෝ බඳින්න නම් එපා., කසාදෙ කියන්නේ මහ කටුක අත්දැකීමක් කියලා කියන්නේ ඒයාගේ අත්දැකීම් ටික අනුව. ඒ්ත් ඊට හාත්පසින් වෙනස් ජීවිතයක් ගත කරන කෙනෙක් තමන් විඳින අත්දැකීම අනුව තව කෙනෙක්ට ඒ් ගැන පවසන්නේ සමහර විට හොඳ පැතිකඩ වෙන්න පුළුවන්.

ජීවිතේ කවුරුත් කියන දේවල් අහන්න ගියොත් නම් මහ විනාසයක් තමයි වෙන්නේ. ඒ්ත් තමන් ලබන අත්දැකීම්වලින් ජීවිතේ ඉදිරියට යනවා නම් දිනුම අත ළඟයි. රැවටීම් නෑ, මුලාවීම් නෑ. කඩා වැටීම් තියේවි නමුත් ඒ් දේවල් ම දවසක ඔබේ දිනුමට හේතුවක් වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here