කාන්තා ඔබත් නිතර නිතර මෙම වැරදි සිදු කරනවාද ? එසේ නම් එය ඔබගේ නීරෝගී පෙනුමට හානියක් සිදු කල හැකියි

beautiful_girl

කාන්තාවක් විදියට අපි කවුරුත් කැමතියි නීරෝගී ජීවිතයකට උරුමකම් කියන්න. ඉතින් අපේ නීරෝගී බවේ එක් පැත්තක් තමයි අපේ සුන්දරත්වය. ඒ සුන්දරත්වය රැක ගන්න නම් අපි අපේ සම නිසි ආකාරයෙන් පවත්වා ගන්න ඕන.  ඉතින් මම හිතුවා අපේ බොහෝමයක් කාන්තාවන් නිතර නිතර සිදු කරන මෙන්න මේ දේවල් ගැන අද Womanly.lk තුලින් කථා කරන්න ඕන කියලා. බලන්න ඔබත් මේ දේවල් ගැන වැඩි උවමනාවකින් නොබලන කෙනෙක්ද කියලා. එසේනම් අද පටන් මේ දේවල් ගැනත් මොහොතක් සිතන්න.

  • නාන විටදි හරි ඇඟ සෝදන විටදි හරි ඔබත්  කුණු ඇතිල්ලීමට  ගලක්, දැල් කැබැල්ලක්,  කොහු බුරුසුවක් පාවිච්චි කරනවාද ? එසේ නම් මේ දැන්ම ඒවා ඉවතට විසිකර  පියුමින් ස්ටෝන් එකක් හෝ සියුම් රෙදි කඩක් භාවිතයට ගන්න.  ඇත්තටම මැරුණ සෛල සම්පුර්ණයෙන් ඉවත් කිරීමට නම් මේ දෙකෙන් එකක් භාවිතා කර සතියකට තුන් වතාවක් වත් ඇඟ අතුල්ලන්න. ගල්, කොහු බුරුසුව වලින් ඔබේ ශරීරයේ අළුතින් හට ගන්නා අළුත් සෛල පවා විනාශ වී ඔබේ සම තුවාල වීමට ඉඩ තිබෙනවා.
  • කාන්තා අප මේකප් වලට හුරු වෙලා ඉන්නවා. ඇත්තටම ඔබ දන්නවාද මේකප් කියන්නේ වැඩි වෙලා මුහුණෙ තියන් ඉන්න හොඳ දෙයක් නෙමෙයි එමගින් සමේ අළුත් සෛල වැඩීම මන්දගාමී වෙන්න පුළුවන්  ඒ නිසා මේකප් කරලා පැය 4ක් ඇතුලත ඒවා හොදින් ඉවත් කිරීමට නිතරම වග බලා ගන්න ඕන.
  • ඔබ ශරීරයේ ගල්වන්න ගන්න ආලේපන වර්ග වල උපරිම කාලය අවුරුදු දෙකයි. ඒ නිසා වෙළද පොලෙන් ආලේපන මිලදී ගන්න විට ඒවායේ කල් ඉකුත්වීමේ දිනය බලලා ගන්න නම් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ලිෆ්ස්ටික්, කියුටෙක්ස් වගේ ඒවා නම් මාස 6කට වඩා භාවිතා කරන්න එපා. ඒවායේ උපරිම කාලය මාස 06යි.
  • ඔබ ශරීරය කෙට් කර ගන්න, නිය, හිස කෙස් වැවෙන්න ලස්සන වෙන්න කියලා ෆාමසි වලින් අලෙවි කරන විටමින් වර්ග බොන්න පුරුදු වුන කෙනෙක් නම් වහාම එය නතර කරන්න. මොකද ලස්සන වෙන්න ඕවා බිව්වා වගේ නෙමෙයි ඔය ඇතැම් නිෂ්පාදන පිළිකා වලට ඔබව ඇඳ දමාවි. ඒ විතරක් නෙමෙයි මව් පදවිය ලබන්න හෝ ලබා සිටින ඔබ මෙවැනි දේවල් පාවිච්චි කිරීම ඔබගේ මාතෘ භාවයටත් තර්ජනයක් වෙන්න ඉඩ තිබෙනවා.
  • ඔබගේ දත් මදින බුරුසුව මාස 2කට වරක් වත් මාරු කරන්න. දත් බුරුසුවක උපරිම කාලය මාස තුනක් වුනත් එහි කෙදි අඩු මට්ටමකට එන විටම අළුත් බුරුසුවක් ගන්න එක ඔබගේ මුඛ සෞඛ්‍යයට හොඳයි.
  • අපේ සමහර කාන්තාවන් නම් නිය පෙළ බොහෝම ලස්සනට තියා ගෙන ඒවා පාට පාටින් ආලේප කරලා ලස්සනට තියා ගෙන නම් ඉන්නවා. කාන්තාවක් වුනාම ඒවත් කරන්න ඕන නමුත් පමණට  වඩා නිය පොතු වැවීම ඔබ ලෙඩ රෝග වල‍ට මඟක් සොයා ගත්තා වගේ වෙනවා . මොකද නිය අතර කුණු විෂ බීජ රැදීම තුලින් ඒවා ඔබගේ ශරීරයට වගේම ඔබ හදලා දෙන කෑම කන අනිත් අයගෙ ශරීර තුලටත් ඇතුළු වෙන්න ඉඩ තියෙන නිසා  පිරිසිදු කරන්න පුළුවන්  කුණු හිර නොවන ප්‍රමාණයට නිය වැවීම සිදු කරන්න.
  • කාන්තාවන් කියන්ඩන සෑම අතින්ම කාර්ය බහුල උදවිය  ගෙදර දොර ළමයිගෙ වැඩ එක්ක තමන්ට තමන් ගැනවත් හිතන්න තරම් වත් වෙලාවක් අපේ සමහර කාන්තා උදවියට නම් නෑ කියලා මම හොදාකාරවම දන්නවා. ඒත් මොනවා වුනත් මුලින්ම ඔයා ඔයා ගැන හිතන්න ඕන නේද ? ඔයාට මොනවා හරි වුනොත් ඔයාගෙ දරු පවුලට මොකද වෙන්නෙ. ඒ නිසා කොච්චර වැඩ තිබුණත් දවසට පැය අටක් වත් හොඳ නින්දක් ලබා ගන්න. නින්ද  අඩු වෙනවා කියන්නෙ ඔයාගෙ මොළයේ සෛල වලට විවේකයක් නෑ කියන එක.
  • කාන්තා ඔබ අතේ තමයි ඔබේ පවුලේ සියලු සාමාජිකයන් ගෙ පැවැත්ම රදාපවතින්නෙ. ඉතින් නිතරම කෑම බීම හදද්දි වුනත් හොද සැලකිලිමත් භාවයක් තිබිය යුතුයි . රස කාරක සහිත තෙල් බැදුම් ආහාර ඔබ ඔබේ පවුලේ අයට ලබා දීමෙන්  වැලකී සිටීම තුලින් පවුලේ උදවියත් ගොඩක් ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගන්න ඔබට පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here