ඔයා ඉගෙනගන්න දේවලුත් බර්මියුඩා ත්‍රිකෝණයේ දී වගේ ගිලිලා යනවද ?

girl_fedup_with_studies

ඔබ  ප්‍රමාද  වුණත්  කාලය  ප්‍රමාද  වෙන්නේ  නෑ” – බෙන්ජමින්  ෆ්‍රැන්ක්ලින්  කියා  තිබෙන  වටිනා  කියමනක්.

අපි  කවුරුත් ආස වේගයෙන් ඉගෙනගන්න…. හුඟක් දේ මතකේ තියාගන්න… දක්ෂයෝ වෙන්න…

සමහරවිට  එක දවසකට ගොඩක් පාඩම් කරන්න… මතකයේ තියාගන්න අපිට සිද්ධවෙන්න පුළුවන්… විභාග ලං වෙද්දී  සමහරු  කකුල් වතුරේ දාගෙන  කෝපි බොනගමන් පාඩම් කරන්නේ ඒකනේ ….. ඒත් ඇත්තටම පාඩම් කරන පැය ගණන නෙමේ වැදගත්…. වැදගත් වෙන්නේ ලැබෙන කාලයෙන් කොච්චර පාඩම් කරනවද කියන එකයි… මෙන්න  පාඩම් කරද්දී… අධ්‍යයනය කටයුතු කරන ඔබට හිතන්න යමක්…

පිරුණු කලේ දිය නොසැලේ …

පිරිච්ච කළයක්  සෙලවෙන්නේ  නෑ…. ඒ වගේ තමා අපි උත්සාහ ගන්නෙත් දැනුමෙන්  අපේ  මොළය පුරවගන්නයි. නමුත් ඔබ  දන්නවද? අපි පාඩම් කරන දේවල් වලින් මතකයේ ගබඩා වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. ටිකෙන් ටික  මතකයෙන් ගිලිහිලා යනවා… ඒ නිසා අපේ  දැනුම පිරුණු කළයක්  කරගන්න ඕනේ කියලා හිතනවට වඩා අපි කරන්න ඕනේ ලීක් වුන බාල්දියක වතුර රැකගන්නවා  වගේ කටයුතු කරන එකයි.

මේ විධියට හිතන එක ඔයාට සෘණාත්මකයි  කියලා හිතෙන්නත් පුළුවන්… ඒත් ටිකක් සිතුවොත්… අපේ මතකය හැදිලා තියෙන්නේ හැමදෙයක්ම රඳවා ගන්න පුළුවන් විධියට නෙමේ… එහෙනම්  ඔබට කැමරාවක්  වගේ වෙන්නත් තිබුණා. ඒත් අපට හැමදෙයක්ම මතක තියාගන්න බැරි නිසා අපි කරන්න ඕනේ මතකය අලුත් කරගැනීමෙන් කරුණු අමතක වී ගිලිහෙන්න නොදී  රඳවා තබා ගැනීමයි.

ඉගෙන  ගන්න දේවලින් 90%ක්  මතකයේ තියාගන්න  නම්…

එයට  තිබෙනවා  ඉගෙනීමේ පිරමිඩයක්… මෙය 1960 ගණන් වලදී  හඳුන්වා  දුන්  ක්‍රමයක්..

දේශනයකදී  සවන්  දීමෙන්  ඔබේ  මතකයේ  රැඳෙන්නේ  5% ක් වගේ  ප්‍රමාණයක්

ලේඛන, ලිපි, පොත්පත්  කියවීමෙන්  මතකයේ  රැඳෙන්නේ  10% ක් වගේ..

20%  ශ්‍රව්‍ය  සහ  දෘශ්‍ය  මාධ්‍ය  මඟීන්  මතකයේ  රඳවාගන්න  පුළුවන්.

තර්කනයෙන්  30% ක් මතකයේ  ගබඩා  කරගන්න පුළුවන්කම  තියෙනවා.

50% ක  ප්‍රමාණයක්  සමූහ  ලෙස  පාඩම්  කිරීමෙන්  සහ  සාකච්ඡා  කිරීමෙන්  මතකයේ  තියාගන්න  හැකියි.

75% ක්  ප්‍රයෝගික  අත්හදා  බැලීම්  වලින්  සහ  පුහුණුවෙන්  මතකයේ  තියාගන්න  වගේම 

90%  ක්  තමන්  ඉගෙන  ගත්  දේ  තවත්  කෙනෙක්ට  උගැන්වීමෙන්,  කියලා  දීමෙන්  මතකයේ  රඳවාගන්න  පුළුවන්  වෙනවා..

වැදගත්ම  දේ  තමා  අප  සතු  පහසුකම්, කාලය  කළමනාකරණය  කරගෙන  අධ්‍යයනය  කටයුතු  කිරීමයි …. තමා  ලත්  දැනුම කියලා  දෙන  එකෙන්  තවත්  කෙනෙක්ට  උදව්වක් වෙනවා වගේම  තමන්ගේ  මතකයත්  අලුත්  වෙනවනේ…

කාලයද  සල්ලිද?

කොහෙන්ද  අනේ  වෙලාවක්?  .. කොච්චර  වැඩ  තියෙනවද?  මෙහෙම  ගොඩක්  අය  කියනවා  නේද?

ඒත්   කොහේ  කොහොම  හිටියත්… මොනවා  කලත්…  අපිට  දවසකට තියෙන්නේ  පැය 24යි . ගතවෙන  හැම  මිනිත්තුවක්ම  වටිනවා…  ගතවෙන  කාලය  ආපහු  එන්නෙත්  නෑනේ. පැය  24  මදියි  කියද්දී  අපට  හිතෙන්න  ඕනේ  දෙය  තමයි  ලෝකය  ජයගත්තු  මිනිසුන් බින්දුවෙන්  ජීවිතය  පටන්ගෙන එතරම්  සාර්ථක  වුණේ  කොහොමද  කියන  එක. ඒ  ඔවුන්  තමන්ට  ලැබෙන  කාලයෙන්  උපරිමය  ප්‍රයෝජනයට  ගත්  නිසයි.

හිතමු  A  නම් පුද්ගලයා  පැයක්  පාඩම්  කර  90%  ක්  මතකයේ  තියාගන්නවා.  B නම්  පුද්ගලයා  පැය  9 ක්  පාඩම්  කර  මතකයේ  තබන්නේ  10% යි.  එනම්  සරලව  තේරුම්  ගත හැකි  දෙය  තමයි  B  පුද්ගලයා  A මෙන්  9 ගුණයක්  කාලය  වෙන්  කලත්  මතකයේ  තබාගෙන  ඇත්තේ  A  ට  වඩා  9  ගුණයක්  අඩුවෙන්.   එහෙනම්  ඔබට  පෙනෙනවා  නේද ? වැදගත්  වෙන්නේ  ගතකරන  කාලයේ  ප්‍රමාණය  නොවේ , පාඩම්  කරන  ආකාරය  සහ  ගුණාත්මක  බවයි.

ඉගෙනගද්දී  ඔබේ  මතකය  වැඩිපුර  රැඳෙන  විධිය   තෝරාගන්න… සමහර අය  පුහුණුවෙන්  මතකයේ  තියාගන්න  කැමතියි.  සමහරු  උගැන්වීමට  දක්ෂයි. සමහර  අයට ශ්‍රවණයෙන්  මතකයේ  තියාගන්න  පුළුවන්. සමහරු  තමන්ට  ඇසෙන්න  කියවීමෙන්  සහ  විස්තර  කිරීමෙන්  දේවල්  මතකයේ  තියාගන්නවා. ඒ කොහොම වුණත් ඔබ කැමති  සහ  වඩාත්  ශක්‍යතාවය  ඇති  ක්‍රමය  තෝරාගැනීම  ඉතාම  වැදගත්.

කාලය  ගලාගෙන  යනවා…. අද  ඔබ  බොහෝ  ශක්තිමත්… එහෙත්  ප්‍රශ්නය  එය  නොවේ… ඔබ  ඔබේ  හැකියාව  සහ  ශක්තිය  පවත්වාගෙන  යාමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here