3D Printing තාක්ෂණය සහ අද ලෝකය

0
3656
3D_printing

මොකක්ද 3D Printing කියන්නේ?

සරළවම 3D Printing කියන්නේ පරිගණකයේ ඇති යම් කිසි විශේෂ File එකක ඇති plan එකක් යොදාගෙන ත්‍රිමාණ වස්තුවක් නිර්මාණය කිරීමයි.

මේ File එක නිර්මාණය කරගැනීමට ත්‍රිමාණ නිර්මාණ කිරීමට භාවිතාකරන පරිගණක වැඩසටහනක් (3D Modelling Application) භාවිතා කිරීම හෝ 3D Print කිරීමට අවශ්‍ය වස්තුවේ ත්‍රිමාණ ආකෘතියක් 3D Scanner එකක් භාවිතා කර ලබාගැනීම සිදු කරයි.

ප්‍රසිද්ධ 3D Printer මාදිලීන්

අන්තර්ජාලයට අනුව දැනට ප්‍රසිද්ධම 3D මුද්‍රණ යන්ත්‍ර 5 පහත දැක්වේ.

cubepro

CubePro Trio – $4299

airwolf3D

AirWolf 3D HD2x – $3995

maker_bot_3D

MakerBot Replicator 3D Printer (5th Generation) – $2899

ultimaker2

Ultimaker 2 Go – $1450

bigbox

BigBox – $1300

3D Printing වල වාසි:

  1. ආකෘතීන් පහසුවෙන් වෙනස් කිරීමේ හැකියාව
    සාමාන්‍ය ආකාරයට විවිධ නිර්මාණ කිරීමේදී ඒවා වෙනස් කිරීමට තරමක් අපහසු වුවද 3D Printing වලදී එවැනි අපහසුතා බොහෝදුරට අඩු කරගත හැකිය.
  2. ආකෘතීන් ඉක්මනින් නිර්මාණය කිරීමේ හැකියාව
    3D printing තාක්ෂණය නිසා ආකෘතීන් සහ විශාල වස්තූන් වල කුඩා පරිමාණයේ නිර්මාණ පහසුවෙන් මුද්‍රණය කර ගත හැකි අතර මේ නිසා නිර්මාණය කිරීමට සැලසුම් කරන වස්තූන්වල දෝෂ සොයාගැනීමද පහසු වේ.
  3. ශරීරාංග මුද්‍රණය කිරීමේ හැකියාව
    මිනිස් සිරුරේ ඇති අවයව මුද්‍රණය කිරීමේ හැකියාව මේ 3D Printing තාක්ෂණය සතුවීම එහි වැදගත් වාසියක් ලෙස හැඳින්විය හැකිය. මේ නිසා විවිධ අවයව අහිමි වූ පුද්ගලයින්ට ඉතා පහුසවෙන් අවයවයන් නිර්මාණය කරගෙන බද්ධ කර ගත හැකිවේ.
  4. අඩු වියදම
    මෙහිදී ශ්‍රමය, අමුද්‍රව්‍ය සඳහා යන වියදම තරමක් අඩු කරගත හැකිය. එමෙන්ම 3D printing තාක්ෂණයේදී අවශ්‍ය වේලාවට පමණක් නිර්මාණ මුද්‍රණය කළ හැකි නිසා අමුද්‍රව්‍ය ආදිය ගබඩා කිරීමටද අමතර වියදමක් දැරීමට සිදුනොවේ.
  5. රැකියා ඉල්ලුම වැඩි වීම
    3D Printing තාක්ෂණය දියුණුවෙමින් පවතින තාක්ෂණයක් නිසා ත්‍රිමාණ නිර්මාණකරුවන්ට, සැලසුම්කරුවන්ට අධික ඉල්ලුමක් අනාගතයේදී ඇතිවිය හැකිය.

3D Printing වල අවාසි:

  1. අන්සතු දේපළ පිටපත් කළ හැකි වීම
    වෙනත් අය සාදන ලද විවිධ නිර්මාණ වල පිටපත් කිසිදු අවසරයකින් තොරව 3D Printing තාක්ෂණය භාවිතා කර පිටපත් කිරීමේ හැකියාවක් ඇති නිසා මෙම තාක්ෂණය භාවිතය යම් කිසි අවධානමකට ලක් කරයි.
  2. අනතුරුදායක භාණ්ඩ නිර්මාණය කිරීම
    ගිණි අවි ආදී අනතුරුදායක උපාංග අවසරයකින් තොරව නිර්මාණය කිරීම මෙහි ඇති අවාසිදායක තත්වයක් ලෙස හැඳින්විය හැකිය.
  3. මූලිකව දැරිය යුතු අධික වියදම
    3D printing තාක්ෂණය ඔස්සේ මුද්‍රණය කිරීමේදී ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර (3D Printers) සඳහා අධික වියදමක් දැරීමට සිදුවේ.
  4. යොදාගත හැකි අමුද්‍රව්‍ය වර්ග ප්‍රමාණය අඩු වීම
    3D මුද්‍රණ කටයුතු සඳහා යොදාගත හැකි අමුද්‍රව්‍ය වර්ග ප්‍රමාණය සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදගාන්නා අමුද්‍රව්‍ය වර්ග ප්‍රමාණයට වඩා විශාල වශයෙන් අඩු අගයක් ගනී
  5. නිරවද්‍යතාවය අඩුවීම
    තවමත් 3D printing තාක්ෂණය යොදාගන්නේ පර්යේෂකයින් වැනි පුද්ගලයින්ට සත්‍ය වස්තුවක පර්යේෂණ මට්ටමේ වස්තූන් නිර්මාණය කරගැනීමටයි. එම පර්යේෂණ වස්තූන් වලද මිනුම් දෝෂ තවමත් පවතින නිසා මුද්‍රණය කිරීමේදී තරමක් වැරදී පවතී.

-Photo Courtesy – Techradar.com-

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here