පුතුන් ඉන්න අම්මලට රත්තරන් වටිනා උපදෙස් නමයක්

0
12844
mother_and_son

මේ සිදුවීම වුනේ අවුරුද්දකට විතර කලින්. මාත් මගේ පුතාත් පුංචි අවන්හලකට ගොඩවැදුනා. පුතා මගෙත් එක්ක කතා කරන ගමන් ෆෝන් එකත් එක්ක ලොකු වැඩක. එක පාරටම පුතා මගෙන් ඇහුව දෙයින් මං විතරක් නෙවෙයි අපි වටේ හිටපු අයත් පුදුමෙන් වගේ අපි දිහා බැලුවා. පුතා මගෙන් ඇහුවේ “අම්මේ මං බලන්න ඕන නිල් චිත්‍රපටය මොකක්ද’ කියලා. ඔයාලටත් හිතාගන්න පුළුවන් නේද සෙනඟ පිරුණු අවන්හලක මගේම පුතා මෙහෙම අහද්දී මං කොයි තරම් නම් ලැජ්ජාවට පත් වෙන්න ඇත්ද කියලා.

ඇත්තෙන්ම මං ඔහුට පිළිතුරු දුන්නා.

පිරිමින්ට ඉතා ඉක්මනින් අමතක වෙනවා ඔවුන් කා සමඟද ඉන්නේ කියලා. අපි වටේ හිටපු ගැහැණු තමන්ගේ අකමැති බව පෙන්නුවේ මුනුනේ හැඟීම් වලින්. ඒත් මාත් මගේ පුතාත් අපේ නිල් චිත්‍රපට ගැන කතාව දිගටම කරගෙන ගියා.  එතකොට පුතාට වයස අවුරුදු දොළහයි. ඔහුට ගානක් නැහැ අපි වටේ ඉන්න කවුරු ඔහුගේ කතාවට  ඇහුම්කන් දෙනවද කියලා. පුතාගේ නිමාවක් නැති ප්‍රශ්න වලට මං පිළිතුරු දුන්නේ ඔහුව අපහසුතාවට පත් නොකර.

මං එයට කියන්නේ විශ්වාසය කියලා.

මගේ පුතා හැදුනේ වැඩුනේ මාත් එක්ක. එයාගේ තාත්තා නැතුව. මුල ඉඳන්ම මං තේරුම් ගත්ත දෙයක් තමයි අනිත් හැම අම්ම කෙනෙක්ටම වඩා මං විශේෂ වෙන්න ඕන කියලා. තාත්ත කෙනෙක් නැති පවුලක් අසම්පූර්ණයි කියන කතාව බොරුයි කියලා පෙන්වන්න මට ඕන වුනා. මට ඕන වුනා පුතාට විශ්වාසවන්ත අම්මා කෙනෙක් වෙන්න. එයා ඉපදුන දවසේ ඉඳන් අද වෙනතුරු මං වැඩ කරේ ඒ විශ්වාසය ඇති වෙන විදියට. පුංචි දෙයක් ඇති අවුරුදු ගානක් වෙහෙසිලා ඇති කර ගත්ත විශ්වාසය බිදෙන්න. අවුරුදු 14ක්‌ තිස්සේ පියෙකු නැති පවුලක අම්ම කෙනෙක් විදියට විශ්වාසය සම්බන්ධයෙන් මං ඔබට කියන පුංචි අවවාද කීපය තමා මේ.

  1. විහිලුවකට අරන් හිනා වෙන්න එපා
    පිරිමියෙක්ව විහිලුවකට අරන් සමච්චලයට හිනා වෙනවා කියන්නේ ඒ පිරිමියාට ඒ තරම් අප්‍රසන්න දෙයක් නැතුව ඇති මේ ලෝකේ. හිතන්න අම්මා කෙනෙක් තමන්ගේ පුතාට සමච්චලයට හිනා වෙනවා කියන්නේ දරුවා ජිවිත කාලයම ඒ දේ මතක තියාගනිවී.
  2. ඔහුගේ ප්‍රශ්න වලට නිතරම පිළිතුරු දෙන්න
    පුතාට වයස කීය වුනත් ඔහු අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්න. සමහර විට ඔබ ඒ අහන ප්‍රශ්න වලට උත්තර දන්නේ නැතුව ඇති. එතකොට කියන්න “පුතේ මං ඒකට නම් උත්තරේ දන්නේ නැහැ. මං ඒ ගැන හොයලා ඔයාට උත්තරේ කියන්නම්කො” කියලා.
  3. තීරණ ගනිද්දී පුතාවත් ඒ දේවල් වලට හවුල් කරගන්න
    සමහර විට ඔබ අවුරුද්ද පුරාම එක ප්‍රශ්නයක් ගැන හිතමින් එයට විසඳුම් සොයනවා ඇති. දරුවන් පුංචි වුනත් ඔබට නොසිතුනු හොඳ පිළිතුරක් දරුවන්ට සිතෙන්න පුළුවන්. ඉතින් දරුවත් තීරණ ගනිද්දී ඒවාට හවුල් කරගන්න. පුංචි පුතා ලොකු මිනිහෙක් වුන දවසට නිවැරදි තීරණ ගන්න පෙරහුරුවක්‌ ඒකෙන් ලැබෙනවා. ඊටත් වඩා පුතාත් ඔබත් අතර ඇති විස්වාසය ගරු කිරීම තවත් වැඩි වේවි.
  4. “ මං කලින් කිව්වා නේද ” මේ වචන ටික අමතකම කරලා දාන්න.
    ඔබ කොයි තරම් අවවාද කරත් ඔවුන් කියන දේ අහන්නේ නැහැ. ඒ දරුවන්ගේ හැටි. දරුවා සෙමින් අවබෝධ කර ගනීවි තමන් කරපු වැරදි ගැන වගේම අම්මා කියපු දේ හරි කියලා.
  5. ඔහුව අගයන්න
    හොදයි ඒත් තව මෙහෙම කරන්න කියලා උපදෙස් දෙනවාට වඩා දරුවා කරන හැම හොඳ වැඩක්ම අගය කරන්න.
  6. ඔහුගේ සිහින සැබෑ කරගන්න උදව් වෙන්න
    “අම්මේ මට ඕන පුරාවිද්‍යාඥයෙක් වෙන්න” ඔබේ පුතාත් මෙහෙම කියනවා ඇති. ඒ ගැන ලියවුන පොත් ඔහුට ගෙනත් දෙන්න. තව ටික කාලෙකින් ඔහු කියයි අම්මේ මට ඉංජිනේරුවෙක් වන්න ඕන කියල. ඉතින් ඒ ගැන ලියවුන පොත් පත් ගෙනත් දෙන්න.ඉතින් ඔහුගේ සිහින වලට යන්න උදව් කරන්න. දන්නවද දරුවෝ හරියටම තමන්ගේ අනාගතේ ගැන තීරණය කරන්නේ වයස විසි ගණන් වලදී.
  7. ඔහු අඩනවානම් …
    දරුවා අඩනවානම් කුමක් හෝ නරක දෙයක් සිදු වෙලා.සමහරවිට එය ඔබට සතුටු හිතෙන දෙයක් වෙන්න ඇති.ඒත් දරුවාගේ පැත්තෙන් එය ඔහු අකමැති දෙයක් වෙන්න පුළුවන්.( ළදරු පාසලේදී ඔහු කැමතිම කෑම වෙනුවට ඉහල පෝෂණ ගුණයෙන් යුතු කෑම දෙනවා වගේ දෙයක්‌ ) ඔහු කුඩා දරුවෙක් වුනත් වයසින් වැඩි දරුවෙක් වුනත් හඩද්දී ඔහුව සනසන්න.
  8. ඔහුට දේශන දෙන්න යන්න එපා
    අපි කවුරුත් අකමැතියි නේ අපිට වෙන කෙනෙක් දේශන දෙනවාට.දරුවනුත් එහෙමයි.
  9. දරුවා ලගින්ම සිටින්න.
    වචන වලින් විතරක් නෙවෙයි ඇත්තටම ඔබ දරුවා ලඟින්ම ඉන්න. සමහර විට පුතාගේ ගුරුතුමිය ඔහුගේ වැරැද්දකට පුතාට බනිනවා කියල හිතමු. ඔබත් ගුරුවරියගේ පැත්ත ගත්තොත් පුංචි පුතා අසරණ වෙනවා නේද? පවුලේ අනිත් අය ඉස්සරහ දරුවාට බනින්න එපා. අනිත් අය ඉස්සරහ හැම විටම මගේ පුතා හරි කියන මතේ ඉන්න.

මේ පුංචි උපදෙස් ටික පිළිපදින්න. දරුවා එයාගේ ලෝකේ එයාට තියෙන හැම ප්‍රශ්නයක්ම ඔබෙන් අහවි. මොකද දරුවා දන්නවා අම්මා එයාට බනින්නේ නෑ කියලා. පුතා ඔබව විශ්වාස කරයි. අම්ම කෙනෙක් විදියට ඔබටත් ඕන ඔබත් පුතාත් අතර නොබිදෙන විශ්වාසයක් සහ ආදරයක්‌ නේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here