සන් ක්‍රිම් එකක් පාවිච්චි කරන්න ඕනමයි

0
7142
sun_cream

ලංකාව කියන්නේ සමකය ආශ්‍රිත රටක්. සමකය ළඟ රටවලට ගොඩක් තදින් හිරු එලිය වැටෙනවා. ඒ නිසාම පොඩ්ඩකට එලියට ගියත් ඉර එලියට අපේ හම පිච්චෙනවා. මේකට හොඳම විසඳුම තමයි සන් ක්‍රීම්. හැබැයි ලංකාවේ ගොඩක් දෙනෙක් සන් ක්‍රීම් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් වෙන රටවල් වල කාන්තා පිරිමි දෙපාර්ශවේම සන් ක්‍රීම් පාවිච්චි කරනවා.

සන් ක්‍රීම්, සන් බ්ලොක්, සන් ප්රෝටෙක්ෂන් සහ සන්ස්ක්‍රීන් ලෝෂන් ලෙස වෙලදපොලේ විවිධ වෙළද නාමයන් යටතේ ඔබට සන් ක්‍රීම් මිලට ගන්න පුළුවන්. ඒත් ඊට කලින් අපි හොයලා බලමු ඇයි සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕන කියලා.

  • අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කිරීමට
    ඕසෝන් ස්තරයට හානි වීම නිසා අපට ලැබෙන හිරු එළියේ ඇති අහිතකර UV කිරණ මගින් අපේ සම හානි වීමකට ලක් වෙනවා. ඉතින් ඔබ ගොඩක් වෙලා අව්වේ හිටියොත් මේ අහිතකර පාරජම්බුල කිරණට ඔබේ සම නිරාවරණය වෙලා සම කළු වෙනවා. ඔබ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් මේ අහිතකර හිරු කිරණ වලින් ඔබේ සම ආරක්ෂා වෙනවා.
  • සමේ පිළිකා ඇතිවීමේ අවධානම අවම කිරීම
    බොහෝ ආසියාතිකයන්ගේ සම දුඹුරු පාටයි. ඒ නිසා සුදු ජාතිකයන්ට වඩා අපේ සමේ පිළිකා සෑදීමේ අවධානම අවම බව මේ වන විට සොයා ගෙන පවතිනවා. ඒත් ඔබ දවසේ වැඩි වෙලාවක් හිරු එලියට නිරාවරණය වෙලා ඉන්නවා නම් සන් ක්‍රීම් එකක් පාවිච්චි කිරීම නුවනට හුරුයි. දිනපතා දහවල් කාලයේ එලියට යද්දී සන් ක්‍රීම් එකක් ආලේප කරනවා නම් සමේ පිළිකා සෑදීමේ අවධානම අවම වෙනවා.
  • සම වියපත් වීම වැලැක්වීම
    අපේ සම හිරු කිරණට නිරාවරණය වුනාම සම පිච්චෙනවා වගේම සම වියලීමත් සිදු වෙනවා. මේ වියලි සම අපේ තරුණ පෙනුම නැති කරනවා කිව්වොත් මම හරි. වීයලි, පිලිස්සුන සමක් නම් ඔබට තියෙන්නේ එයින් ඔබේ පෙනුමට වියපත් බවක් එක් කරනවා. බොහෝ සන් ක්‍රීම් තෙල් ගතියෙන් යුතුයි. මේ නිසා ඔබට ඇත්තේ වියලි සමක් නම් සම අව්වෙන් ආරක්ෂා වෙනවා වගේම සමේ වියලි බවත් නැතිවෙනවා.
  • සම කළු වීම අවම වීම
    අව්වේ ගියාම හම කළු වෙනවා. කළු වෙන්න අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් අව්වේ ගියාම හම කළු වෙන එක අවම කරගන්න නම් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම ඕන.

සන් ක්‍රීම් එකක් තෝරා ගනිද්දී එහි ඇති SPF අගය ගැන සැලකිලිමත් වන්න. SPF 15, 20,30 සහ ඊටත් ඉහල අගයන්ගෙන් යුතු සන් ක්‍රීම් වෙලදපොලේ විවිධ මිල ගණන් යටතේ පවතිනවා. එහෙත් ලංකාව වගේ රටක ජිවත් වන ඔබටත් මටත් ගැලපෙන්නේ SPF 30 හෝ ඊට වඩා වැඩි සන් ක්‍රීම් වර්ගයි. මේ SPF අගයෙන් කියවෙන්නේ සන් ප්රෝටෙක්ෂන් ෆැක්ටර් එක.ඒ කියන්නේ සම පිළිස්සීම අවම කරන අගය ගැන. SPF අගය වැඩි වන තරමට හොඳයි.

සන් ක්‍රීම් එක දිනපතාම අලේප කරන තරටම හොඳයි. හිරු එලියට යන්න පැය බාගයකට විතර කලින් මුහුණ අත් වගේම හිරු එලියට නිරාවරණය වන සමේ සෑම තැනකම සන් ක්‍රීම් ආලේප කරන්න.  ඔබට පුළුවන් සන් ක්‍රීම් එකට උඩින් ලයිට් මේකප් එකක් පාවිච්චි කරන්න. දවසෙම තද අව්වේ ඉන්න කෙනෙක් නම් උදේ විතරක් සන් ක්‍රීම් ගාන එක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා පැය 3- 4 කින් නැවත සන් ක්‍රීම් ආලේප කල යුතුයි.

අද වෙලදපොලේ ෆෙයානස් ක්‍රීම් වල මෙන්ම මොයිස්චරසින් ක්‍රීම් වලත් SPF  තිබෙනවා. මේ නිසා ක්‍රීම් එකක් මිලට ගන්න කලින් අසුරණය හොඳින් කියවලා බලන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here