මේ නිවාඩු කාලයේ පවුලේ හැමෝමටම එකට එකතු වෙලා යන්න පුළුවන් ලංකාවේ හොඳම ගමනාන්ත 05ක්.

0
6090
travelling_srilanka

විදෙස් රටවල් වල විදේශිකයන් පවා අමන්දානන්දයට පත් කල ආසියාවේ තියෙන පුංචි රටක් තමයි ලංකාව කියන්නෙ. ලංකාව පුංචි රටක් වුනත් එහි තිබෙන සුන්දරත්වය නම් වෙනත් කිසිම රටකට දෙවෙනි වෙන්නෙ නෑ. ඉන්දියන් සාගරයෙන් වට වුන දූපතක් වෙන අපේ මේ මව් බිමේ සුන්දරත්වය විඳ ගන්න නොයෙක් රටවල් වලින් පවා විදේශිකයන් විශාල පිරිසක් අපේ රටට එනවා. ඉතින් මේ නිවාඩු කාලේ අපේ ගෙදර උදවිය එක්ක යන්න පුළුවන් ලස්සනම තැන් කිහිපයක් ගැන තමයි අද Womanly.lk වෙතින් මම ඔයාලට කියන්න හදන්නෙ. එහෙනම් මේ අගෝස්තු නිවාඩුවේ විනෝද වෙන්න යන්න ඔයාලත් හිතාගෙන ඉන්නවා නම් මේ ලිපිය කියලම බලන්න ඔබට යන්න හොඳම කොහෙද කියලා.

  • මිරිස්ස
    දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්ස සංචාරක කලාපයක්. ඇත්තටම කිව්වොත් දකුණු පළාතෙ තියෙන සුන්දරම වෙරළ තීරයන්ගෙන් එක තැනක් තමයි මිරිස්ස කියන්නෙ. විවේකී සතියන්තයක් ගත කරන්න කැමති ඔයාට වගේම මුහුදු සුළඟට ආදරේ කරන ඔයාටත් නිවාඩුව ගත කරන්න යන්න කියාපු අති සුන්දරම ස්ථානයක් විදියට මිරිස්ස මුහුදු තීරය හදුන්වන්න පුළුවන්. සංචාරක හෝටල් හා තානායම් රැසක් ඔබගේ පහසුව සඳහා මෙහි තනා ඇති අතර ඔබගේ අතේ ගාණට සරිලන සියලුම අවශ්‍යතා මෙහිදී ලබා ගැනීමට ඔබට හැකියි.
  • හැටන්
    සීතල දේශගුණය වගේම විවේකය තරම් මනසෙහි ප්‍රශ්න විසඳන දෙයක් නම් තවත් නෑ. ඇත්තටම හැටන් කියන්නෙත් අන්න ඒ කියපු සියල්ල පිරි සුන්දර විවේකයක් ගත කිරීමට හැකි ලස්සන ප්‍රදේශයක්. කොළඹ ඉඳන් පැය පහක පමණ වේලාවකින් ලඟාවිය හැකි හැටන් ප්‍රදේශය තේ වතු කඳු තැනිතලා වලින් පිරුණු නිස්කලංක සුන්දර ස්ථානයක්. ඉතින් නිදහස් විවේකයක් සඳහා trip එකක් යන්න සූදානම් වෙන ඔයාලට හැටන් කියන්නෙත් සුන්දරත්වය විඳගත හැකි තවත් එක් ප්‍රදේශයක්.
  • ගාලු කොටුව
    ලංකාවෙ පෞරාණික ස්ථාන අතර ගාලු කොටුවට හිමි වන්නෙ සුවිශේෂී ස්ථානයක්. ලංකාවේ තිබෙන බලකොටු අතරින් විදේශිකයන්ගේ පවා ආකර්ශනය දිනාගත් ගාලු බලකොටුව අපේ රටේ ඉතිහාසය මැනවින් විඳහාපාන යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පයන් පිරි පාරදීසයක් කිව්වොත් නම් මම නිවැරදියි. Stylish හෝටලය හා තවත් Restaurant , Cafes හා නවාතැන් පහසුකම් ලබා දෙන තානායම් කිහිපයක්ම මෙම ගාලු කොටුව පරිශ්‍රයේ ඔබ වෙනුවෙන්ම ඉදිකර ඇත. සුන්දර වෙරළ තීරය හා නිස්කලංක ගාලු පුරවරය සිත්සේ දැක බලා ගැනීමට නිවාඩුව සඳහා ගාල්ලට එන ඔබට පුළුවන්.
  • බණ්ඩාරවෙල
    හැටන් වගේම තවත් සීතල දේශගුණයක් හිමි බණ්ඩාරවෙල ප්‍රදේශය සුන්දර නිවාඩුවක් ගත කිරීමට නම් කියාපු place එකක්. තේ වතු වගේම තවත් කදු පන්ති රාශියකින් සුන්දර වුන බණ්ඩාරවෙල නගරය නිවාඩුව සඳහා එම ප්‍රදේශයට යන ඔබ වෙනුවෙන්ම නිවාඩු නිකේතන හා තවත් හෝටල් රාශියක් තිබෙන ලස්සන ප්‍රදේශයක්. ඒ අතර හොටෙල් පිණි දිය කියන්නෙත් එහේ සංචාරයට යන ඔබ වෙනුවෙන්ම ඉදිවුන සුන්දර හෝටලයක්. පාට පාට රෝස මල් වගාවන් වගේම ඔයා ගොඩක් ආස ස්ට්‍රෝබෙරි, චෙරි වගේ පලතුරුත් නැවුම් ලෙස ලබා ගැනීමට බණ්ඩාරවෙල යන ඔයාටත් පුළුවන්.
  • නුවර
    දළදා මාලිගය, පේරාදෙණිය මල් වත්ත, ගැටඹේ , අම්බුලුවාව වගේ තවත් නැරඹීය හැකි ස්ථාන ගණනාවක් ඇති මහනුවර නගරය නිවාඩුව ගත කිරීමට පවුල පිටින්ම යන්න පුළුවන් සුන්දර ප්‍රදේශයක්. ඔබේ දරුවන්ට පවා අධ්‍යාපන මට්ටමින් වැදගත් ස්ථාන රාශියක් මහනුවර නගරයට පැමිණෙන ඔබට දැක බලා ගත හැකිය. සුන්දර නිවාඩුව වැදගත් ලෙස දරුවන් සමඟ ගත කිරීමට ඔබට යා හැකි තවත් ස්ථානයක් ලෙස මහනුවර නගරය හැදින්විය හැකිය.

ඉතින් මේ අගොස්තු නිවාඩුව ඔබට අමතක නොවන  නිවාඩුවක් කර ගන්න මේ සුන්දරත්වය පිරුණු  අපේ රටේ ලස්සනම ස්ථාන බලා ගන්න ඔබටත් පුළුවන් වෙනසකටත් එක්ක මේ කියාපු තැන් වල  විවේකයක් ගත කරන්න යන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here