සල්ලි දීලාවත් බලෙන් ලබා ගත නොහැකි ඔබේ ජීවිතයේ වටිනාම දේවල් 06ක්.

0
8606
happy_girl

ඇතැමුන් සිතා සිටිනුයේ  මෙලොව පවතින සියලුම දෑ තමන්ගේ බලයට, මුදල් වලට යටත් බවය. නමුත් කිසිම ආකාරයකින් කිසිවෙකුට මුදල් වලට වත් තම බලයට වත් ලබා ගත  නොහැකි බොහෝමයක් සිය ජීවිත තුල  පවතී. ඒ අයුරින් බලන කල මෙම සමාජය කිළිටි කරන ප්‍රධානතම පිළිලය බවට මුදල් පත්ව ඇත.  සමාජයේ වෙසෙන බොහෝමයක් දෙනා සිතා සිටිනු ලබන්නේ මුදල් ඇත්නම් ඕනම දෙයක් තම දෙපා මුලට ගත හැකි බවය. නමුත් මිනිසා තම ශ්‍රමයෙන් අනෙකාට උදව් උපකාර කරයිද, එය මුදල‍ට  පාවා දෙන සමාජයක් ඔබට මට හිමිව ඇත. මුදල් තණ්හාව නිසාවෙන් තම එක කුස උපන් සහෝදරයන් පවා මරණයට පත් කිරීමට තරම් මිනිසුන් සහාසිකයින් වී හමාරය. එවන් යුගයක මුදලට වත් තම මැර බලයටවත්  ලබා ගත නොහැකි වටිනා කාරණාවන් 06ක් පිළිබඳ අද Womanly.lk තුලින් අප ඔබට කියා දෙන්නෙමු.

  1. ආදරය
    ඔබ කොතරම් ධනවත් වත් පොහොසත්කම් වලින් යුතු අයෙක් වුවද ඔබට වත් මට වත් ආදරය යන නිර්මල වූ ඒ දෙය මුදලට වත් මැර බලයට වත් ලබා ගත නොහැක. මුදල් නිසා තම ජීවිත අකාලයේ බිල්ලට දෙන උදවිය මෙම සමාජයේදී අපට හමු වී ඇත. නමුත් කොතරම් මුදල් පෙන්නුවද ආදරයක් මුදලට ගත නොහැක. කෙනෙක් වෙනුවෙන් අනෙකාගේ සිතේ හට ගන්නා වූ නිර්මල බැඳීම මුදල් නිසා ඇති කර නොහැක.
  2. කරුණාව
    කෙනෙකුන් තවත් කෙනෙක් හට කරුණාවක් දක්වනු ලබන්නේ එම පුද්ගලයාගේ තරාතිරම මතය. ඔබ දැඩි රළු පරුෂ අයෙක් වී ද යම් හෝ අවස්ථාවක ඔබගේ අසරණ බව දැක ඔබට කරුණාව දක්වන්නන් මෙලොව සිටියද , එය ඔබගේ අසරණ බව නිසා ඔබට හෙලූ දෙයක් මිස ඔබට ඇති වත් පොහොසත්කම් වලට ලැබුණු දෙයක් නොවෙති. එම නිසා කිසිම දිනක ඔබට තවත් කෙනෙක්ගෙන් කරුණාව යන දෙය මුදලට ලබා ගැනීමට නොහැක.
  3. අවංකකම
    යම් හෙයින් ඔබගේ අඹු සැමියන්, දූ දරුවන් , නෑදෑ හිත මිතුරන් හා ඔබ යටතේ සේවය කරන සේවකයන් වෙත්ද ඔබ ඔවුනට සලකන ලෙසට ඔවුන් ඔබ හට ප්‍රතිචාර දක්වනු ලබයි. ඔබ ඒ සියල්ලන්ටම අවංක ලෙස ක්‍රියා කරන්නේද ඔවුන්ද ඔබට අවංක ලෙස සේවය කරනු ලබයි. එසේත් නොමැතිව ඔබගේ මුදල් බලයට අවංකකම කිසි දිනක මිලට ගත නොහැක
  4. ඉවසීම
    ” ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය ” මෙවන් වඳන් අතීතයේ සිට පැවත ආවද අද වන විට අළුත් පරපුර හැසිරෙනු ලබන්නේ මේවා නෑසුන ගානටය. නමුත් ඉවසීම නැති තැන මල ගෙයකි කියා කිව්වේද නිකමට නොවෙති. ඉවසීම ඔබ ඔබ තුලින්ම ප්‍රගුණ කළ යුතු ගුණාංගයක් වන අතර.එය මුදල් වලට කිසිදු කඩ සාප්පුවකින් මිලට ගැනීමට ඔබට මට නොහැක.
  5. හැසිරීම
    ඔබ මෙම සමාජයේ පිළිගත් අයෙක් බවට පත් වේද එයට ඉවහල් වන මූලික ලක්ෂණය වන්නේ ඔබේ හැසිරීමයි. ඔබේ හැසිරීම අන් අයට වෙහෙසකර වේ නම් සමාජය ඔබව හොඳ නැති අයෙක් ලෙසටම හන්වඩු ගසති. ගැහැනු පිරිමි භේදයකින් තොරව හොඳ හැසිරීමක් තිබිය යුතුය. ඔබ අන් අය ප්‍රිය කරන හෝ පිළිකුල් කරන අයෙක් වන්නේ ඔබගේ හැසිරීම මතය. එම නිසා හොඳින් හැසිරීම ඔබගේ චරිතයට කැළැලක් නොවන ලෙස ජීවත් වීම ඔබගේ වගකීමකි. හොඳ හැදියාවක් ඔබේ නමින් මිලට ගත නොහැක.
  6. ගෞරවය
    ඔබ සියලුම දෙනා සිදු කරන දෑ අනුව සමාජයෙන් ඔබට නිසි වටිනාකමක් දෙනු ලබයි. එය ගෞරවය නම් වූ රන් සම්මානයකි. ඔබේ ක්‍රියා කලාපය අනුව එම ගෞරවය නම් සම්මානය ඔබටත් ලබා ගැනීමට හැකි අතර. කවරදාකවත් ගෞරවයක් ඔබට මුදලට ගත නොහැක

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here