ඔබේ ප්‍රියතම පාට වලින් භාණ්ඩ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ මෙන්න මේ නිසයි.

0
3584
girl_with_colors

පාට කියන දේ අපිට හරිම වැදගත්. භාණ්ඩයක්, ඇදුමක් තෝරා ගැනීමේදී අපි පාට ගැන සැලකිලිමත් වෙනවා. ඒ විතරක් නෙමේ අපි නිවසට සුදුසු වර්ණය තෝරාගැනීමේ දී වුව දැඩිව සැලකිලිමත් විය යුතුයි. වර්ණ හරහා කෙනෙක්ව ආකර්ෂණය කර ගන්න පුළුවන් වගේම මේ වර්ණ කෙනෙකුට රෝග හට ගන්නද බලපානවා. බොහෝ පිරිස් තමන්ගේ ප්‍රියතම වර්ණය අනුව භාණ්ඩ තෝරා ගන්නවා. හැමෝටම වගේ තමන් ප්‍රිය කරන වර්ණයක් තියෙන නිසාම මේ වර්ණ පිලිබදව කතා කිරීම වැදගත්.

රතු පාට

මෙම වර්ණය ඉතාමත් දීප්තිමත්, ආකර්ශනීය වර්ණයක්. ඒ වගේම තම මේ වර්ණය ප්‍රචණ්ඩයි. රතු පාට නිසා රුධිර පීඩනය වැඩි කරන බව අද වන විට පර්යේෂණ හරහා සොයා ගෙන තිබෙනවා. ඒ විතරක් නෙමේ හද ගැස්මද වැඩි කරන බව පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. එමෙන්ම රතු උණුසුම් වර්ණයක් මෙන්ම කෑම රුචිය වැඩි කරන බව පිලිගන්නවා. රතු පාට, මුළුතැන්ගෙයි කබඩ් වලට වගේම බිත්ති වලටත් යොදා ගන්න පුළුවන්. ඒ හරහා මුළුතැන්ගෙයට ජීවයක් මෙන්ම කැපී පෙනෙන බවක් එකතු වෙනවා. ඒ විතරක් නෙමේ රතු හරහා කෙනෙකුට සරාගී පෙනුමක් ලැබෙනවා. අනෙක් අයගේ බැල්ම තමා වෙතට ඉක්මනින් ඇද ගැනීමට මේ වර්ණය හේතු වෙනවා.

නිල් පාට

නිල් පාට මිට වඩා වෙනස් ලක්ෂණ ගන්නවා. මේ වර්ණය රුධිර පීඩනය පහත හෙලීමටත් නාඩි ස්පන්දන වේගය අඩු කිරීමටත් හේතු වෙන බව සොයා ගෙන තිබෙනවා. මේ වර්ණයද නිවසකට අලංකාරයක් ලබා දෙන වර්ණයකි. නිල් පාට නිවසකට භාවිතා කිරීමේදී එය කල යුත්තේ ලොබ ලෙස කියා සමහර අය පවසනවා. එසේ පවසන්නේ නිල් පාට වැඩියෙන් යොදා ගත් විට උවමනාවට වඩා කාමරය යටපත් කර ගත හැකි නිසයි.

කහ පාට

කහ වර්ණය ඉතාමත් දීප්තිමත් වර්ණයක්. සමස්තයක් හැටියට ගත්තාම කහ පාටට දක්වන ඇල්ම අඩුයි. නමුදු කහ වර්ණය යම් නිවසකට යොදා ගැනීමෙන් පුජනිය බවක් ඇති වෙනවා. මේ නිසාම බොහෝ පුජනිය ස්ථාන වලට මේ වර්ණය යොදා ගන්නවා. එසේම කාමරයක් ආලෝකමත් කරන්න මේ වර්ණය හේතු වෙනවා. එසේම මේ වර්ණය හරහා බඩගින්න ඇති කරන බවටත් විස්වාස කරනවා. විශාල කර සහ දීප්තිමත් කර පෙන්වන නිසා කුඩා ඉඩකඩක් ඇති මුළුතැන්ගෙයකට කහ මනාව ගැලපෙනවා.

සුදු පාට

වයසින් අඩු බවක් , එනම් ලපටි බවක් , හුරු බුහුටි බවක් , නැවුම් බවක් මේ වර්ණය හරහා පෙන්නුම් කරනු ලබනවා. සුදු වර්ණය ඉතාමත් හොද වර්ණයකි. මේ වර්ණය ඉතාමත් අහිංසක වර්ණයක් හැටියට තමා පිළිගනු ලබන්නේ. මුළුතැන්ගෙයට බොහෝ කාන්තාවන් මේ වර්ණය යොදා ගන්නවා. සම්පුර්ණයෙන්ම සුදු පාට මුළුතැන්ගෙයකට පය තැබූ විගසින් ඇත්තෙන්ම කෙනෙකු අවධි කිරීමක් වෙනවා. සුදු පාට ඉතාමත් අහිංසක වර්ණයක් හැටියට තමා පිළිගනු ලබන්නේ.

මේ වර්ණ ඉතාමත් ප්‍රබලය. තවත් කෙනෙකු නගා සිටුවීමට වගේම කඩා වැටීමට ද මෙම වර්ණ භාවිතා කල හැකිය. අද වන විට පර්යේෂණ හරහා සොයා ගෙන තිබෙන්නේ කර්මාන්ත වල භාණ්ඩ වල අලවිය ඉහල යෑමට මෙම වර්ණ බලපාන බවයි. ඊට හේතුව තමා මෙම භාණ්ඩ මිලදී ගනු ලබන පුද්ගලයන්ගේ ඇසට එම වර්ණය වෙහෙසකාරී නොවීම. ඒ නිසා ඇමරිකාව වැනි රටවල බොහෝ කාර්යයන් වලදී වර්ණ පිලිබදව ඉතාමත් සැලකිලිමත් වෙනවා.

මේ නිසා ඔබත් යම් භාණ්ඩයක්, ඇදුමක් මිලදී ගැනීමේදී මේ වර්ණ පිලිබදව සැලකිලිමත් වන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here