ඔබට අවශ්‍ය ද තවත් අයෙකු අවනත කර ගන්න. එහෙනම් මෙය කියවන්න.

0
5466
woman_listen_others

මනා ලෙස ඔහුට ඇහුම්කම් දෙන්න

සමහර පිරිස් තමන්ට අවනත කර ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. ලේසියෙන් ඔබට ඔවුන් ඇහුම්කම් දෙන්නේ නැතුව ඇති. ඔබ යම් ස්ථානයක් සේවයේ යෙදෙනවානම් ඔබ ප්‍රධානියා ඔබට සවන් දෙන්නෙක් නොවේද? එවැනි පිරිස් අවනත කර ගන්න පුළුවනි. මෙහි දී ඔබ මතක තබා ගත යුතු ප්‍රධාන කාරණය නම් මනා සවන් දෙන්නෙකු වීමයි. ඔබේ මිතුරෙකු ඔහුගේ යම් ගැටළුවක් ගැන පවසනවා යැයි සිතන්න. ඇතැම් පිරිස් කතා කරන්නට පටන් ගතහොත් එහි කෙළවරක් නැත. නමුදු ඔබ ඔහුගේ කතාව කොතරම් නීරස උනත් අසා සිටින්න සිදු වෙනවා. ඔබ කිසි විටෙක ඔහුගේ කතාවට හරස් කපන්න එපා. ඔබ හදිස්සියේ හරි ඔහුගේ කතාවට හරස් කැපුවහොත් ඔහු මෙසේ සිතනවා. “ මොහුට මට ඇහුම්කම් දෙන්න කිසිම උවමනාවක් නෑ. මම කියන දේ ඔහුට වැඩක් නෑ. “ එම නිසා තවත් අයෙකු කියන දෙයකට සවන් දීමට සිදු වන විට ඔබ මෙසේ සිදු කරන්න. ඔහු කියන දෙයට උනන්දුවෙන් ඇහුම්කම් දෙන්න. ඔහු කතාව අවසන් කරන්න යන බව ඔබට තේරුණු විට ඔහුගේ කතාව ඇසීමට තමා ප්‍රිය කරන බව ඔහුට අගවා තව දුරටත් ඔහුව දිරිමත් කරන්න. නැවත නැවත ඒ පිලිබදව විමසන්න. මේ ආකාරයට ඔබ ඇහුම්කම් දෙන විට ඔහුට ඔබ පිලිබදව පැහැදීමක් ඇති වනු ඇත. ඔබ මෙහිදී තර්ක ඉදිරිපත් කරන්න යන්න එපා. ඔහුට අවවාද ලබා දෙන්න එපා. ඔබ එසේ සිදු කිරීමෙන් ඔහු කියන්නට යන ඒ ඔබට මග හැරි යා හැකිය. ඔබ මෙලෙස සවන් දුන්නහොත් පසුව ඔබ කියන දෙයට ඔහු අවනත වන විදිය ඔබට දැක ගන්න පුළුවනි.

ඔබ යමක් ඒත්තු ගන්වන විට ඒත්තු ගැන්විය යුත්තේ ඔහුට නොහැගෙන ආකාරයටය

ඔබ ආයතනයේ ප්‍රධානියා ඔබ කියන දේවල් වලට ඇහුම්කම් නොදෙන්නේ නම් ඔබ කතා කරන විලාශය වෙනස් කරන්න. තමාට අවනත නොවන කෙනෙකුට කරුණු ඒත්තු ගැන්විය යුත්තේ ඔහුට තමා ඒත්තු ගන්වන බවක් නොහැගෙන ආකාරයටය. එසේම ඔබ එම අදහස ඉදිරිපත් කලයුත්තේ ඔහු ඒ පිළිබදව නොදන්නා බව ප්‍රකාශ කිරිමෙන් නොව. විශේෂයෙන්ම අවනත නොවන පිරිස් කිසි විටෙක තමන් දන්නා නැති බවක අගවන්නේ නැත. ඔවුන් එසේ කියනවාටද කැමති නැත. එම නිසා ඔහුට තම අදහස ඉදිරිපත් කල යුත්තේ ඔහු ඒ පිලිබදව දන්නවා. නමුත් ඔහුට ඒ පිලිබදව අමතක වී ඇති අදහසක් බව හගවමිනි.

ඔබට අවනත නොවන පුද්ගලයා සමග මනා ලෙස සිනහා සෙන්න

සිනහාවෙන් කල නොහැකි දෙයක් නැත. ඔබට අවනත නොවන පුද්ගලයා සමග නිතර සිනහාසෙන්න. එය හදවතින්ම එන සිනහාවක් විය යුතුය. සිනහාව යනු තවත් අයෙකු ආකර්ෂණය කර ගත හැකි වටිනාම වස්තුවකි. එතරම්ම සිනහවට බලයක් තිබේ. කොතරම් අකමැති පුද්ගලයෙක් සමග වුව නිතර සිනාසෙන්න. එවිට ඔහු ඔබ ප්‍රිය කරන කෙනෙකු බවට පත් වේවි.

ඔබට අවනත නොවන පුද්ගලයාට ගරු කරන්න

ඔබ කියන දේ නොඅසන, ඔබට අවනත නොවන පුද්ගලයාට මනා ලෙස ගරු කරන්න. ඔබ එසේ ගරු කළහොත් පෙරලා ඔබට ඔහු ගරු කරනු ඇත. ඇතැම් විට මෙයට කලක් ගත වේවි. එසේ වුවත් ඔබ ගරු කරනවා යනු ඔබට ඔහුව ඔබ වෙත නම්මවා ගැනීමට ඉතාමත් පහසු වේ. අද වන විට බොහෝ පුද්ගලයන් අනෙක් අයට ගරු නොකරමින් තමන්ට ඔවුන්ගෙන් ගරුත්වයක් බලාපොරොත්තු වේ. නමුදු එය සාර්ථක නොවේ. ඔබ අනෙක් අයට ගරු කළහොත් ඔවුන් ඉබේටම ඔබට ගරු කරනු ඇත.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here