ඔබේ Facebook ගිණුම ආරක්ෂිතද ? හැකර්ස්ලගෙන් ඔබගේ Facebook ගිණුම ආරක්ෂා කර ගන්න මෙන්න හොඳම පියවර 08 ක්

0
3891
FB_hacking

බොහෝ දෙනෙක් Facebook සමාජ ජාල වෙබ් අඩවිය හරහා නොයෙකුත් කැළඹීම් කළ අවස්ථා කොතෙකුත් අසන්නට ලැබුනත් තම තමන්ගේ Facebook ගිණුම් ආරක්ෂා කර ගැනීමට තමා සතුව විශාල වගකීමක් ඇත. පසුගිය දින වල  අප රටේ ජනාධිපතිතුමන්ගේ Facebook  වෙබ් අඩවියට පවා ඇතුළු වී සටහන් තැබූ ශිෂ්‍යයකු පිළිබඳවද වාර්තා විය. රටේ ප්‍රධානියකුගේ  සමාජ ජාලා වෙබ් අඩවියක් පවා අනාරක්ෂිත වූ කල ඔබ අපගේ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව කවර කථාද ?  අද Womanly.lk තුලින් මා ඔබට කියන්නට යන්නේද ඔබගේ Facebook අඩවිය ආරක්ෂිත කර ගැනීම සඳහා ඔබට අනුගමනය කළ හැකි පියවර කිහිපයක් පිළිබඳවය.
එසේ නම් මෙම පියවර අනුව යමින් ඔබත් ඔබේ Facebook ගිණුම මෙන්ම ඔබේ නමද ආරක්ෂා කර ගැනීමට වග බලා ගන්න.

  • ආරක්ෂිත Password එකක්

Settings > General > Password 

ඔබ ඔබගේ facebook ගිණුමෙහි ආරක්ෂාව සඳහා වෙන් කරන ලද Password එක ශක්තිමත් වගේම ආරක්ෂාකාරී Password එකක් කර ගන්න වග බලා ගන්න. ඔබ යොදන Password එක සඳහා  අකුරු , අංක වගේම @,#,? වැනි සංකේතත් යොදා ගන්න. සමහර හැකර්ස්ලා facebook ගිණුමට ඇතුළු වෙන්න බැරි නම් ඔබගේ අනෙකුත් සයිට්  හැක් කරන්න මාන බලාවි. ඒ නිසා එකම password එක හැම සයිට් එකටම යොදා ගන්න එපා. ඒ විතරක් නෙමෙයි කිසිම විටෙක ඔබේ කිසිම සයිට් එකක password අන් අයට ලබා නොදී ඉන්න තරමට ඔබ වගේම ඔබේ හැම සයිට් එකක්ම ආරක්ෂාකාරී වේවි.

  • Login Alert On කරන්න

   Settings > Security > Login Alert > Text Message

ඔබ හැර ඔබේ Facebook ගිණුමට කවුරුන් හෝ ඇතුළු වුනොත් එය ඔබගේ ජංගම දුරකථන හරහා ඔබට කෙටි පණිවුඩයක් මගින් දන්වාවි. හැබැයි ඔයාට එහෙම දැන ගන්න පුළුවන් වෙන්නෙ මම ඉහත සඳහන් කල පියවර ඔස්සෙ Log Alert  සේවාව on කළොත් විතරයි. ඒ නිසා ඔබත් ඔබේ Facebook සයිට් එකේ Log Alert සේවාව දැන්ම ආරම්භ කරන්න. එය ඔබ අප කාටත් ඉතා ආරක්ෂාකාරී පියවරක් වේවි.

  • Login Approvals සේවාව On කරන්න

   More > Settings > Security >  Login Approvals >>> On

ඔයා ඔයාගෙ Facebook ගිණුමට ඇතුළු වන Device එක හැරුණු කොට අලුත් Device එකකින්  ඔයාගෙ ගිණුමට ලොග් වෙද්දි ඔයාගෙ Phone එකට  කෝඩ් එකක් එවාවි. ඔයාගෙ Phone එකෙන් හැර වෙන කිසිම Phone එකකින් ඔයාගෙ ගිණුමට ඇතුළු වෙන්න කාටවත් බෑ. ඒ නිසා ඔබත් දැන්ම Login Approvals On  කර ගන්න ඉහත පියවර අනුගමනය කරන්න.

  • Active Sessions බලා ගන්න

More > Settings > Security > Active Sessions 

මෙම සේවාව මගින් ඔයාට පුළුවන් ඔයාට හොරා ඔයාගෙ Facebook ගිණුමට වෙන කවුරුන් හෝ ඇතුළු වෙනවද ඒ ඇතුළු වෙන කෙනා ආවේ කොහෙන්ද කියලා බලා ගන්න. ටෙලිෆෝන් ටවර්  තියෙන තැන ඒකෙදි ඔයාට පෙන්වනවා. ඉතින් එහෙනම් හොරා කවුද කොහේ කෙනෙක්ද කියලා බලා ගන්න ඔයත් ඉහත කියූ ආකාරයට Active Sessions සේවාව On කර ගන්න.

  • Password අමතකද ?

More > Settings > Security > Trusted Contacts > Add Friends

බැරි වෙලාවත් ඔයාට ඔයාගෙ Account එකේ Password අමතක වුනොත් මොකද කරන්නෙ කියලා හිතුවද ?. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගෙ හොඳම යාලුවො කීප දෙනෙක් ඔයාගෙ උදව්වට තියා ගන්න. ඔයාගෙ ගිණුම  නැවත සක්‍රීය කර ගන්න මම ඉහල සඳහන් කර පියවර ඔස්සෙ ඔයාට    විශ්වාසවන්ත ඔයාගෙ හොඳම යාලුවො 3ක් ඒකට Add කර ගන්න.

• Link  Click  කරන්නෙ බලාගෙන

ඔයාට සමහර     වෙලාවට එක එක අය එක එක ඒවා කියලා Link  එවන්න පුළුවන්. ඒ Link Click කරන්න කලින් ටිකක් හොඳට බලන්න. මොකද හැකර්ස්ලා ඔයාගෙ Password උස්සන්නත් එක එක බොරු කියලා Link එවනවා. ඒ නිසා ඔය නාදුනන අය එවන කිසිම දෙයක් Click  කරන්න යන්න එපා. එහෙම වුනොත් ඒකෙන් අමාරුවේ වැටෙන්නෙ ඔයාම තමයි.

•  Fake  URL

සමහර සයිට් වල තියෙන Facebook Button එක හරහා යද්දි එයාලා හොර සයිට් එකකට යනවා. බැලූ බැල්මට Facebook සයිට් එක වගේමයි. URL එක www.facebook.com ද කියලා Log වෙන්න කලින් හොඳට බලන්න. මොකද එහෙම නොදැන Log වුනොත් ඔයාගෙ password පිට  යන්න පුළුවන්.

  • ගිණුමෙන් ඉවත් වෙද්දි Logout වෙන්න

ඔයා වෙන Computer එකකින් හරි Phone එකකින් හරි ඔයාගෙ Facebook ගිණුමට ලොග් වුනොත් අමතක නොකර එම ගිණුමෙන් logout වෙන්න. මොකද එහෙම නැති නම් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා.

ඉතින් මම මේ කියපු   පියවර අනුව ඔබත් ඔබගේ Facebook ගිණුම හැකර්ස්ලගෙන් ආරක්ෂා කර  ගැනීමට අවශ්‍ය ලෙස අදම සකස් කර ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here