තේ මේසයට රසවත් සංග්‍රහයක්

0
11787
tea time

සවස තේ මේසය කියන්නේ පවුලේ හැමෝම එකතු වෙලා සතුටින් ගත කරන මොහොතක්. පුංචි පොඩිත්තෝ වගේම වැඩිහිටියොත් සවස තේ මේසයේ රසම රස කේක් එකක්, උණු උණු පැටිස් එකක් වගේ කෙටි කෑම වර්ග තිබේනම්  ඉතාමත් කැමති.ඒ නිසාම ඔබ ඒවා වෙළදපොලෙන්  මිලදී ගන්නවා වෙන්න පුලුවෙන්.එහෙත් බොහෝවිට කඩෙන් මිලදී ගන්න ඇතැම් ආහාර වර්ග කල් ඉකුත් වුන ඒවා වගේම  ඔබගේ සෞඛ්‍යයට අහිතකර ඒවා වෙන්නටත් පුළුවන්.

ඉතින් මුදලුත් වියදම් කර ලෙඩ වෙනවාට වඩා එම ආහාර පාන වර්ගම නිවසේදී සාදා ගන්නට ඔබට හැකිනම් මුදල් පසුම්බියට වගේම එය ඔබේ සෞඛ්‍යයටත් එය හිතකරයි. පවුලේ රසවත් කතා බහ අතරතුර තේ මේසය තවත් රසවත් කරන්න පුළුවන් කෑම වර්ග කිහිපයක් සාදා ගන්න ආකාරය මෙ‍ම ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් ඔබත් මෙම කෙටි කෑම වර්ග අත්හදා බලන්න.

බටර් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිටි ග්රෑම් 250
  • සීනි ග්රෑම් 250
  • බටර් හෝ මාගරින් ග්රෑම් 250
  • බිත්තර 4
  • වැනිලා තේ හැදී 2
  • බේකින් පවුඩර් තේ හැදී 2

සාදන ආකාරය :

පළමුව සීනි දියවන තුරු බටර් හා සීනි හොදින් මිශ්‍ර කරන්න.ඉන් පසුව එම මිශ්‍රරණයටම බිත්තර එකතු කරන්න.(වරකට එක බිත්තරයක් බැගින් ) ඉන් පසු බේකින් පවුඩර් සහ පිටි හොදීන් පෙනේරයකින් හලා ගන්න.හලා ගත් පිටි ටිකෙන් ටික බටර් මිශ්‍රණයට එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.අවසානයේ වැනිලා එකතු කර නැවත හොදින් කලවම් කරන්න.ඉන් පසු තැටියක් ගෙන එහි ඇතුලත බටර් ගා සාදා ගත් මිශ්‍රරණය එයට එකතු කරන්න.ඉන් පසු උෂ්ණත්වය 180 ’C වන අවන් එ‍කක විනාඩි 25 ක් පමණ බේක් කරගන්න.

පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි ග්රෑම් 500
  • මාගරින් ග්රෑම් 100
  • ශිතකල වතුර ස්වල්පයක්
  • බේකින් පවුඩර් තේ හැන්දක්
  • ලුණු ස්වල්පයක්
  • ගැඹුරු තෙලේ බැද ගැනීමට තෙල්

පිරවුම සදහා :

  • සැමන් ටින් පොඩි එකක්
  • තම්බා පොඩි කර ගත් අල ගෙඩි දෙකක්
  • සිහින්ව කපා ගත් ලූණු,අමුමිරිස් ,ඉගුරු,සුදු ලූණු
  • ලුණු අවශ්‍ය පමණ
  • රම්පෙ සහ කරපිංචා
  • ගම්මිරිස්

සාදන ආකාරය :

පිරවුම සෑදීම සඳහා

මුලින්ම තෙල් ස්වල්පයක් දැමු තාච්චිය ලිපේ තබා ලූණු,සුදු ලූණු,රම්පෙ, කරපිංචා,අමු මිරිස්  සහ ඉගුරු දමා බැදෙන්නට ඉඩ හරින්න.ඉන් පසුව එයට පොඩි කරගත් සැමන් සහ අල එක කරන්න.ටික වෙලාවක් මිශ්‍රණය තෙම්පරාදු කරගන්න.එයට ඇති පමණට ලුණු සහ ගම්මිරිස් යොදන්න.

පිටි,බේකින් පව්ඩර්,ලුණු සහ මාගරින් වතුර ස්වල්පය බැගින් දමා අතේ නොඇලෙන පදමට අනාගන්න.මෙම පිටි මිශ්‍රණය විනාඩි 30 ක් පමණ පිපෙන්නට තබා ඉන් පසුව මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණයක් ගෙන රෝලින් පින් එකකින් තුනී කරගන්න.ඉන් පසුව පැටිස් කටරයකින් හෝ රවුම් බෝතල් මුඩියකින් තුනී කරන ලද මිශ්‍රණයෙන් රවුම් කපා ගන්න.කලින් සාදන ලද පිරවුම රවුමේ මැදට තබා එය දෙකට නවාගන්න.පිරවුම පිටතට යාම වලක්වා ගන්න ගෑරුප්පුවක් ගෙන වටේට තද කරන්න.ඉන් පසු ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැද ගන්න.

ගැඹුරු තෙලේ බැද ගැනීම ඔබට අපහසු නම් සාදා ගන්නා ලද පැටිස් අවන් එකෙහි රන්වන් පැහැ වනතුරු බේක් කරගන්න.අවන් එකේ බේක් කරගන්න කලින් සාදා ගත් පැටිස් උඩින් බ්‍රෂ් එකකින් මාගරින් තවරගන්න.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here