අඳුරු පැහැ වූ ඔබගේ දෙනෙත් වටා පැහැපත් කර ගැනීමට ඔබට කල හැකි පහසුම සත්කාර ක්‍රම 05 ක්.

0
11551
dark_sports

තරුණ වියෙහි පසුවන බොහොමයක් ගැහැණු ළමයිට වගේම අපේ කාන්තාවන් රැසකට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ දෑස් වටා අඳුරු පැහැ වීම. ඇත්තටම සුන්දරත්වය ගැන වද වෙන බොහෝමයක් ගැහැනු ළමයි සමේ පාට වගේම දෑස් වටා ඇති දීප්තිමත් බව ගැනත් ගොඩක් දුරට හිතනවා. ඉතින් අන්න ඒ නිසාම ඔබගේ ඒ ප්‍රශ්නයට විසදුමක් දෙන්න අද Womanly.lk තුලින් මම තීරණය කළා.
ගෙදර නිදහසේ ඉන්න වෙලාවට ඔයාටත් පුළුවන් මේ සත්කාරයන් අතුරින් ඔබට පහසුයි කියලා හිතෙන ඕනෙම ප්‍රතිකාර ක්‍රමයක් සතියකට දින 4ක්  වත් කර බලන්න.

පළමු සත්කාර ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • අයිස් වතුර ස්වල්පයක්
  • දෑස් ප්‍රමාණයට තුනීව සාදා ගත් කපු පුළුන් කැබලි 02ක්

කපු පුළුන් කැබලි දෙක අයිස් වතුරින් පොඟවා  දෑස් දෙකෙහි ප්‍රමාණයට සිටින සේ  හොඳින් දෑස් මත තබා උඩි අතට ඇල වී විනාඩි 15ක්  දෑස් මත අයිස් පෙඟවු කපු පුළුන් කැබලි දෙක තියා ගෙන සිටින්න.  පසුව විනාඩි 15ක් ගිය පසු පුළුන් කැබලි දෙක ඉවත් කර මුදුවට හොඳින් දෑස් යට විනාඩි 10ක් පමණ ස්පර්ශ කරන්න.
මේ ආකාරයට සතියට දින හතරක් වත් මෙම සත්කාර ක්‍රමය සිදු කිරීම තුලින් අවපැහැ වූ ඔබගේ දෑස් වටා පැහැපත් කර ගැනීමට ඔබට පුළුවන්.

දෙවන සත්කාර ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • මඳ රස්නය ඇතිව  තම්බා ගත් තේ කොළ මන්ඩි  ස්වල්පයක්

හොදින් සෝදාගත් ඔබගේ මුහුණ තෙතමනය නොරැඳෙන ලෙස පිහිදා ගන්න. පසුව මඳ රස්නය ඇති තම්බා ගත් තේ මන්ඩි ඔබගේ දෑස් වටා හොදින්  ගල්වන්න. දෑස් පියා ගනිමින් තේ කොළ මන්ඩි ගල්වා විනාඩි 20ක් පමණ සිටින්න. පසුව එම තේ කොළ මන්ඩි ඉවත් කර අයිස් වතුර ස්වල්පයක් ගෙන දෑස් වටා හොදින් සෝදා  එය වේලෙන්නට ඉඩ හරින්න.
මෙලෙසින් සතියකට තුන් වරක් වත් මෙම සත්කාර ක්‍රමය සිදු කර බලන්න. ඔබට අවශ්‍ය වු ප්‍රතිඵල නිසැකවම මෙමගින් ලබා ගැනීමට ඔබට පුළුවන්.

තුන් වන සත්කාර ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිපිඤ්ඤා  මඳය සහිත පිපිඤ්ඤා පෙති 02ක්

අඳුරු වූ ඔබගේ දෑස් වටා පැහැපත් කර ගැනීමට ඔබට ලෙහෙසියෙන්ම කළ හැකි තවත් ස්වභාවික සත්කාර ක්‍රමයක් තමයි පිපිඤ්ඤා සත්කාරය.  ඉතින් පිපිඤ්ඤා  මඳ සාරය සහිත පිපිඤ්ඤා පෙති දෙකක් ගෙන විනාඩි 20ක් පමණ ඔබගේ දෑස් මත තියාගෙන සිට පසුව එහි සාරය උරාගත් පසු පිපිඤ්ඤා පෙති දෙක ඉවත් කරන්න ඔබට පුළුවන්. මෙය    ස්වභාවික  ලෙහෙසියෙන්ම කල හැකි සත්කාරයක්.  මෙමගින් ඔබගේ දෑස් වටා අඳුරු වීම වලක්වා ගන්න ඔබට හැකියාව තිබෙනවා.

 හතර වන සත්කාර ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය :

  • මී පැණි හැන්දක්
  • සුදු හඳුන් කුඩු හැන්දක්
  • ඔලිව් ඔයිල් ස්වල්පයක්

මී පැණි හැන්දක් ගෙන එයට සුදු හදුන් කුඩු හා ඔලිව් ඔයිල් ස්වල්පයක් එක් කොට හොඳින් මිශ්‍ර කරන්න.
පසුව පිරිසිදු කර ගත් ඔබගේ දෑස් වටා සාදාගත් මිශ්‍රණය හොඳින් ආලේප කොට විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර අයිස් වතුරින් සෝදා හරින්න.  මෙය සතියකට දින තුනක් වත් සිදු කිරීමට ඔබට හැකි නම් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකිය.

පස්වන සත්කාර ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය  :

  • කෝමාරිකා  කැබලි දෙකක්

කෝමාරිකා කැබැලි දෙකක් ගෙන එය කෝමාරිකා මඳය ගත හැකි සේ සමානව කපා ගන්න. පසුව ඔබ කපා ගත් කෝමාරිකා කැබලි දෙක හොඳින් දෑස් දෙකම වැසෙන පරිදි කෝමාරිකා සාරය උරා ගන්නා සේ දෑස් මත තබා විනාඩි 20ක් පමණ සිටින්න. පසුව එම කෝමාරිකා කැබලි දෙක ඉවත් කර අයිස් වතුර ස්වල්පයක් ගෙන සෝදා හරින්න. මෙම සත්කාර ක්‍රමයද සතියකට තුන් වරක් වත් සිදු කිරීමට ඔබට හැකියි.

මේ පහසු සත්කාර ක්‍රමයන් මගින් ඔබටත් පුළුවන් ඔබගේ දෑස් වටා අඳුරු පැහැ වීම වලක්වා ගනිමින් ඔබගේ තරුණ පෙනුම තව දුරටත් ආරක්ෂා කර ගන්න.

   

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here