එයා මට ආදරේ කලේ නැද්ද ?

0
4591
brakeup_girl

අපිට  කොහේ  හරි  වැරදුනාම  අපි  අතීත මතකයන්  ආවර්ජනය  කරලා  බලන්නේ  කොතනද වැරදුනේ?  ඇයි වැරදුනේ කියලයි.මේවගේ  අවස්ථාවලදී අපිට  ඇතිවෙන්නේ  දුකක්.. කලකිරීමක්  විතරයි.හුඟක්  ආදරයෙන්  ඉඳල  එකපාරටම  සිත්  බිඳීමක්  වුනාම  අපි  පුරුදුවෙලා  ඉන්නේ  එකිනෙකාට  බැනගන්න… නැත්නම්  තමන්ටම  වරද පටවාගන්න.. නැත්නම්  සැක  කරන්න.. නැත්නම්  “එයා  මට  ආදරේ  නැහැ”  කියල  හිතන්න. ඒත්  ඊට  කලින්  අපි  හිතනවද  වරදක්  වුනේ  ඇයි? ආපහු  ඒ  වරද  නොකර  ඉන්න  වගබලාගන්න  ඕනේ..අපෙන්  තව  කෙනෙක්ට  වරදක්  වුනාම  එයාට  ඒක  කොච්චර  දුකක්ද  කියලා? අපෙන්  බොහෝ  දෙනෙක්  මෙහෙම  හිතන්නේ නැහැ  නේද? ආදරේදී  අනෙකා නිසා  දුකක්  දැනෙන්නේ  තම  තමන්ගේම  වැරදි  නිසා  නේද  කියන  එක  හිතන්නේ  බොහොම  අතලොස්සක  පිරිසක්…
බැඳීමක්  බිඳිලා  ගියාම  අපේ  වරදක්  තිබුනත්  නැතත්  අපි  බලන්නේ  අනෙකා  මතම  වරද පටවන්නයි… මොකද  එය  වඩා  පහසු.. අපේ  ඇඟත්  බේරාගත  හැකි  ක්‍රමයක් නිසා.ඒත්  කෙනෙකු  ඔබ  අතහැර  යයි  නම්  ඔහු  හෝ  ඇය  තවත්  ඔබ  සමීපයේ  රඳවා  ගත  යුතු  නැති  බව  ඔබට  සිතෙන්නට  ඕනේ…එකවිටම  සිත  ශක්තිමත් කරගන්න අමාරුයි. නමුත්  කාලයක් අරගෙන  හෝ  මේ  ප්‍රශ්න ඔබේ  සිතෙන්  අසා ඔබේ සිතෙන්ම  පිළිතුරු  ලබාගෙන  නිදහස්  වීම  අත්‍යවශ්‍ය  දෙයක්…

ඔබට  වැරදුනාද ?

ඔබ කරන  ආදරය  තරම්  ඔබට  ආදරය  කල,ආදරයෙන්  සිටි  ඔහු  හෝ  ඇය  ඔබෙන්  ඈත්  වුනේ  ඔවුන්  ඔබ  ළඟ  සිටිය  යුතුයි  කියා ඔබ  ආත්මාර්ථයෙන්  සිතූ  නිසාද? එහෙම  නැතිනම්  අසීමිත  ලෙස  ඔබ  පමණක්  ආදරය  කල  නිසාද?ඇත්තටම  ඔබ  එහෙම  හිතුවොත්  ඔබට  හිතේවි  මෙපමණක් කල්  ආදරය  කර  ඇත්තේ  ඔබ  පමණක්  බව.එහෙත්  අප  සිතිය  යුතු  යමක්  තිබෙනවා.ආදරය  යනු  හුදෙක්  ආත්මාර්ථය  නොවේ.ඔහු  හෝ  ඇය  ඔබ  ළඟින්  සිටීම,ඔබ  හා  කතාකිරීම,ඔබ  ගැන  සොයා  බැලීම,ඔබේ  දුක  දරාගැනීම,ඔබේ  කේන්තිය,තරහව  ඉවසීම  ඔබ  දෙදෙනා  ආදරවන්තයන්  වූ  පමණින්  ම  කල  යුතුද? ඔවුන්ගේ  දුක,අසීරුතා,දුෂ්කරතා  ඔබ  සොයා  බලන්නේ  නැතිනම්…එසේ සොයා  බැලුවත්  එය  ඔවුන්  බලාපොරොත්තු  වන  ලෙසින්  සිදු  නොවේ  නම්…එතැන  ඇත්තේ  නොගැලපීමක්  නොවේද? මෙවැනි  නොගැලපීම්  ඔබට  කතාබහ  කොට  විසඳාගත  හැකියි. එහෙත්  එය  යම්  තාක්  දුරට  අසීරු  කාර්යයක්  විය  හැකියි.හේතුව  නම්  ඈත්  වෙන්නට  අවැසි  පුද්ගලයා  දාහක්  කරුණු  වෙන්වෙන්නට  සොයන  නිසාත්  ළඟ  සිටින්නට  අවශ්‍ය  පුද්ගලයාට   ඔබ හා  සිටීමට  එක  හේතුවක්  පමණක්  ප්‍රමාණවත්  වන  නිසාත්  ය.ඉතින්  එහෙම  ඔබේ  ආදරය  ඒක  පාර්ශවියයි  නම් හෝ  ඔබේ  ආදරය  ඔවුන් සොයනා  ආදරය  නොවේ  නම් ඔබ  ඔවුනට  යන්නට  දෙන්නේ  නැත්තේ ඇයි? සිතන්න…

එයා  මට  ඇත්තටම  ආදරේ  කළා  නම් ?…

ඔහු  හෝ  ඇය  ඔබෙන්  ඈත් වන්නේ  ආපසු  හැරෙන්නට  නොවේ… ඔබ  ගැන  සොයා  බලන්නට  නොවේ..ඔබෙන්  ඔවුනට  කිසිදු  වාසියක්  නැති  නිසා පමණි..නියම  ආදරයක්  නිසා  නොවේ..ආදරය  විරහවක්  වූ විට එය  සිතට  ගෙන දෙන්නේ  විශාල  කනස්සල්ලක්  බව  ඇත්ත.. එහෙත්  ඔබව  හැර  දමා  ඔවුන්  යන්නේ  ඒ  දුක  නොදැන  නොවේ.ඔවුන්  හැරයන්නේ  දුක  තුනී  කර  ඔබව  යම් තරමකින්  හෝ  දිරිමත්  කල  යුතුය  යන  හැඟීමකින් නොවේ… මේ  හේතු  නිසා  හෝ  අප  ඔවුන්  කෙරෙහි  කිසිදු  වෛරයක්  හෝ  ඇතිකරගත  යුතුද  නැත.මන්ද  වෛරයෙන්  අපට හෝ  ඔවුනට  හෝ  ලැබෙන  කිසිදු  යහපතක්  නොමැති නිසාය.ඇත්තටම  එයා  මට  ආදරේ  කළා  නම්  මෙහෙම  කරයිද? සිතා  බලන්න…

එයා  ගියා.. දැන්  හිනාවෙලා  ඉන්න  ඕනා  නේද? ඇයි  මම  ගිය  කෙනෙක්  ගැන  හිතන්නේ ?

ඔබෙන්  ඈත්  වූ  ඔහු  හෝ  ඇය  ඔබට  ලැබිය  යුතු  ඔබේ  ආදරයට  එක්කල  යුතු  ඒ  වටිනාකම  එක් කලේ  නැහැ.එසේනම්  ඵලක්  නැති  කරුණකට  දුක්වී  කිසිදු  ඵලක්  නැහැ නේද  යැයි  සිතන්න.සිනාසෙන්න,මන්ද  ඔබට  කල්තියාම  ඔවුන්  කල  මුලාව  හඳුනාගන්න  හැකිවුණු  නිසා.ඔබව විනාශ  කර  ඔබේ  ජීවිතය  අපායක්  නොවී  ඔය  ලෙසින්  ආරක්ෂා  වුනු  නිසා  සිනාවෙන්න,සිනාවෙන්න..මන්ද  ඔහු  ඔබට  ආදරේ  නැතැයි  ප්‍රත්‍යක්ෂ  කිරීමෙන්  ඔබ  ගියේ  මිරිඟුවක්  පසුපස  බව  ඔබට  වටහාගන්න  හැකිවෙච්ච නිසා.තමන්  ආදරය  කල  තැනැත්තා  මෙලෙස  තමන්  හැර  යාම  ජීවිතය මඳකට  නතර  වුවා  සේ  සිතා  දිවා  රෑ නොබලා  අඬන  දුක්වෙන  අය  අප  අතර  ඕනෑ  තරම්.ඒත්  ඉහත  කී  ලෙසින්  සිතුවහොත්  ඔබට  එසේ  කවදාවත්  දුකක්  දැනෙන  එකක්  නැතිවේවි.ඉතින්  සිනාවෙන්න…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here