ඔයාව අවුල් වෙද්දී ඔයාගෙන්ම අහන්න ප්‍රශ්න 5ක් මෙන්න….

0
4260
worried_about_him

ඔයා  ආදරය  කරන අයට  හරි  වැරැද්ද  ඔප්පු  කරන්න  ඔයාට  සිද්ධවුන  අන්තිම  වතාව  මතකද?  “මම  කිසිම  වැඩකට  නැති  නරක  කෙනෙක්”  කියල  තමන්ට  හිතුන  වෙලාවල්  තිබිල  තියෙනවද?  “මම  අනික්  අය  ගැන  හිතන්නේ  නැති  ආත්මාර්තකාමියෙක්” කියල  හිතුනද? ඒත්  කොයි  යම්  මොහොතකදී  හරි  “ඔයා  නම්  නියමයි” good  job  කියලත්  අහන්න  ලැබිල  ඇති  නේද?

“මම  වැඩකට  නැති  කෙනෙක්” කියල  හිතෙද්දි  ඔයා  කරන්නේ  තමන්ව  අවතක්සේරු  කරගැනීමක්.ඔයාගෙත්  මගෙත්  ජීවිතවල  කොච්චර  බාධක  වෙනවද?  ඒත්  ඒ  හැම  දෙයක්ම  අපි  විසඳාගත්තේ  නැත්නම්  එහෙම  ජීවිතය  ගිනිගොඩකට  අහුවුනා  වගේ  තමයි. මගේ  ජිවිතේදීත්  මෙහෙම  ව්‍යාකුලතා  ඇතිවුනා. ඒ  හැම  වෙලාවකම  මම  මෙහෙම  හිතන්න පුරුදුවුනා…

1. මේ  මම ගැනමද ?  

සමහර  වෙලාවට  අපේ  ජීවිතේදී  අපිට  හමුවෙන  පුද්ගලයන්  එක්ක  ගනුදෙනු  කරද්දී  තරහ , අමනාපකම්  එහෙම  ඇතිවෙන්න  පුළුවන්.අපේ  වැරදි  නිසා  නැත්නම්  නොදැනුවත්ව  හරි  මෙහෙම  ගැටළු  ඇතිවෙනවා.එවිට  ඔවුන්  කතාකරන,කතාවෙන  හැම  දෙයක්ම  ඔයාගේ  පිටම  පටවාගන්න..ඔයා මේ  දේවල්වලට  මුල  කියල  මනසට  අතුල්කරගන්න  උත්සාහ  කරනවා.කාන්තාරයේ  වතුර  රැඳෙන්නේ  නැහැ  වගේම  ඔයාව  අගය  කරන  අය  ඔයාව  විවේචනය  නොකර  ඉන්නෙත්  නැහැ.. හැබැයි  මතක  තියාගන්න…”එයාලා  හැමතිස්සෙම  කතාකරන්නේ  නම්  ඔයා  ගැන  නෙමේ” අනික  එයාල  කියන  කරන  දේවල්  ඔලුවට  දාගෙන  අනවශ්‍ය  පීඩනයක්  ඇතිකරගන්නෙත්  මොකටද?

2.  මම  හිතන්න  ඕනේ  මට  තියෙන  දේ  ගැනද?  මට  නැති වුන  දේ  ගැනද ? 

අපි ආදරය කරන අයගෙන්ම අපිත් ඒ ආදරයම බලාපොරොත්තු වෙන්න ඕනෙද? සමහර අය එයාලට ආදරයක් නොලැබුන නිසා අනික් අයටත් ආදරය අවශ්‍ය මොකටද කියලා හිතනවා… සමහර අයට ආදරය ලැබිල තියෙන්නේ අඩුවෙන් නිසා ඒවගේ අය ආදරය කරන්නේ වෙනස් විධියකටයි.හැම කෙනාම ආදරය කරන විධිය එකවගේ නැහැ.සමහරු දුකේදී ඔබව දිරිමත් කරන්නේ “ඕවා ගණන් ගන්න එපා” කියලයි. ඒ ඔවුන් ඔවුන්ගේ ආදරය අවධානය දෙන ස්වභාවික විධිය වෙන්න පුළුවන්.
එක එක අය ආදරය ප්‍රකාශ කරන විධිය වෙනස්..සමහරු හිතනවා අනික් අයව දිරිමත් කරන එක “නලවනවා” වගේ දෙයක් කියල..ඒත් එයාල ආදරය දෙන විධිය වෙනස්…එයාලගේ ආදරය කියන ඩික්ෂනරි එකේ තියෙන්නේ වෙනස් ප්‍රකාශන වෙන්න පුළුවන්…. ඒ කොහොම වුනත් හිතන්න ඕනේ දේ තමයි ඔයා හිතන පතන විධියටම හැමෝම හිතන්නේ නැහැ කියලයි..

3.අනික්  අයගෙන්  මට  අවධානයක්, ආදරයක්  ලැබෙන්න  ඕනෙද ?

අවධානය,කැමැත්ත,ආකර්ෂණය  කියන  දේවල්  බලෙන්  ලබාගන්න  අමාරුයි  තමයි. ඒත් බලාපොරොත්තු නැතුව  අනික්  අයට  අපි  දෙන  ආදරයෙන්  අප  වටා  ඉබේම  මිනිසුන්  ගොඩනැගෙනවා… එහෙත්  අපි  ඉන්න  ඕනේ  හැමකෙනෙක්  ගැනම  අවබෝධයකින්. අවස්ථාවාදීන්  ඉන්නත්  පුළුවන්.. ඔබේ  දුකෙන්  ප්‍රයෝජනය  ගන්න  මාන  බලන.. ඒ  නිසා  ඔයාට  ලැබෙන්න  ඕනේ  ආදරය  අනික් අයගෙන්  ඒ  විධියටම  බලාපොරොත්තු  වෙන  එක  නම්  එච්චර  හොඳ  දෙයක්  නෙමේ..අනික්  අය  හිටියත්  නැතත්  ස්වශක්තියෙන්  නැඟී  ඉන්න  ඔයාට  පුළුවන්  කියන  එක  හිතන්න…

4.මට  ඕනේ  දේ  වෙලාවට  මට  ලැබෙයි  කියල  හිතන්න  පුලුවන්ද ?

මම  අනුගමනය  කරන්නේ  මගේ  හෘද  සාක්ෂියයි… මම  දන්නවා  ඔබත්  අනුගමනය  කරන්නේ  ඔබේ  හෘදසාක්ෂිය  බව.ඇත්තටම  මගේ  ජිවිතේ  මට  ලැබෙන්න  ඕනේ  දේවල්ද  මේ  ලැබෙන්නේ  කියල  හෘද  සාක්ෂියෙන්  ප්‍රශ්න  කලොත්  “වැපුරුව  තරමටයි  අස්වැන්න “  කියන  පිළිතුර  මට  ලැබෙනවා..ඉතින්  මට  ඕනේ  දේ  ඕනේ  වෙලාවට  ලැබෙන්න  නම්  මම  කරන්න  ඕනේ ඒ  වෙනුවෙන්  කැපවෙන  එකයි… ඒත් අපි  යම්  නරක  දෙයක්  හිතුවොත්  එහෙම  කොච්චර  කැපවුනත්  අපට  තබා  කාටවත්  ඉන්  යහපත්  ප්‍රතිඵලයක්  ලැබෙන්නේ  නැහැ.ඒ  නිසා  හෘද  සාක්ෂියෙන්  අහන්න… මට  ඕනේ  දේ  මට  ඕනේ  වෙලාවට  ලැබෙන්න  ඕනේ  කියලා  හිතන්න  කලින්  මට  අවශ්‍ය  දේ  හොඳ  දෙයක්ද? නරක  දෙයක්ද?  හොඳ  දෙයක්  නම්  ලැබෙන්න  කරන්න  ඕනේ  මොනවද?  නරක  දෙයක්  නම්  ඇයි මට  එහෙම  හිතුනේ… ඇයි මම  එහෙම  තත්වෙකට  පත්වෙන්නේ  කියන  ප්‍රශ්න  අහන්න..

5.මම  ජිවත්  වෙනවද?  මගේ  ජීවිතය  හදාගන්නවද ? 

ජිවත්  වෙන්න  ඕනෙම  කෙනෙක්ට  පුළුවන්… ඒත් ජීවිතය  හදාගන්න… හරි  විධියට  හදාගන්න එක   ලෙහෙසි  දෙයක්  නෙමේ..ප්‍රශ්න  ඇතිවෙද්දී  හිතෙනවා  මේවා  සේරගෙන්ම  ඈත්  වෙන්න  තිබ්බනම් කියල.. ඒත් ඒ ප්‍රශ්න  ම  තමයි  අපිව  ජිවත්  කරවන්නේ  කියන  එක  හිතුවොත්  ඕනෙම  ගැටළුවක්  විසඳගන්න  අමාරු  වෙන්නේ  නැහැ. ඒ  වගේම  එතුලින්  සිද්ධවෙන්නේ  ටිකෙන්  ටික  ඔයා  ඔයාගේ  ජිවිතේ  හදාගන්න  පටන්ගන්න  එකයි.ප්‍රශ්න  වලට  ශක්තිමත්ව  මුණ  දෙන්න… එයයි  සැබෑවටම  ඔබ  ජිවිතේ  හදාගන්නවා… ජිවත්  වෙනවා කියන්නේ…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here