සල්ලි දීලා ලෙඩ ගන්නවද ?

woman_at_supermarket

ඔබේ  ප්‍රියතම  ටින්  කෑම,පැකට් කල  කෑම   නැත්නම්  ටුනා  වල  හානිදායි  ආහාර සංරක්‍ෂක පවා අඩංගු  වන  බව ඔබ දන්නවද? ක්ෂණික  ආහාර  ඔබ  ආහාරයට  ගන්නා  අහිතකර  වර්ගයක් බව  ඔබ  දැන සිටියාද? ඔව්… ඒක ඇත්ත…ආහාර  නරක්  වීම,ආහාර  වල  බැක්ටීරියා වර්ධනය  වෙන  එක  වලක්වන්න  ආහාර  සංරක්ෂණය  කරන්නන් විවිධ  රසායන  ද්‍රව්‍යයන් ආහාර  වලට  එක්  කරනවා.නමුත්  බොහෝ  වෙලාවට  මේ  රසායන  ද්‍රව්‍ය  සිරුරට  විෂ වෙන්න  පුළුවන්  බව  ඔබ  දන්නවද?

ඔබ  දැන  සිටිය  යුතුම   විවිධ  අහිතකර  ආහාර  සංරක්ෂක  තිබෙනවා.ඒ  අතරින්  බොහෝ  අහිතකර  මෙන්ම පාරිභෝගික  අපි  කවුරුත්  දැන  සිටිය  යුතුම  සංරක්ෂක  10ක්  හා  ඒවායෙන්  ඇතිවන  ආබාධ  ගැනයි  womanly.lk  අපි  කියන්න හදන්නේ…

1.ප්රෝපයිල්  ගැලට්  (propyl gallet )

ප්රෝපයිල්  ගැලට්  සාමාන්‍යයෙන්  මාංශ  නිෂ්පාදන.චුවින්ග්  ගම්,අච්චාරු නිෂ්පාදන,සෝස් වර්ග  වල අඩංගු වෙනවා.එය  උත්පත්තියෙන්  සංකුලතා  ඇතිකළ  හැකි (ඉදිරි  දරුවන්ට),දිගුකාලීනව  අක්මාවට  හානි  එල්ල  කල හැකි ශ්වසන  ආබාධ  ඇතිකළ  හැකි  ද්‍රව්‍යයක්.බොහෝ  රටවල  මේ තත්වයන් මත  මෙවන්  නිෂ්පාදන පිරික්සා  බලා   තහනම්  කරන්නට  පවා  පෙළඹිලා  තියෙනවා…

2.සල්ෆයිට්ස්  (sulfites )

මෙම  සංයෝගය  සාමාන්‍යයෙන් වියළි පලතුරු, ටින්  කල  පලතුරු,සිරප්  වර්ග (බඩ  ඉරිඟු  සිරප්  වැනි),ගම්මිරිස් ,ටින් ඔලිවු,වයින් සහ  විනාකිරි  ආරක්ෂණය  කරන්න  භාවිතා  වෙනවා.මේ  නිසා  විවිධ අතුරු  ආබාධ  ඇතිවෙන අතර ඇදුම,අසාත්මිකතා (ඇලර්ජි) ඇතිවෙන්න  පුළුවන්.sulfites  සන්ධි  වේදනා,පිළිකා  තත්වයන් දිගු  කාලින  හිසරදයන් ඇතිකරන  බව  සොයාගෙන  තිබෙනවා.

3. බ්රෝමිනිකෘත  තෙල් (brominated oil)

මෙම  තෙල්  වර්ග  බෝතල් කල  යුෂ  වර්ග  දීර්ඝ  කාලයක්  තබාගැනීමට  භාවිතා  කරනවා.බ්රෝමිනිකරණ තෙල් අඩංගු   ලද  බෝතල්  කල  යුෂ  පුළුල්  ලෙස  අද  පරිභෝජනයට  ගන්නා  අතර මේ  නිසා  බොහෝ  අතුරු  ආබාධ ඇතිවෙලා  තිබෙනවා.තයිරොයිඩ්  ග්‍රන්ථිය  ඉදිමීම,අනවශ්‍ය  ලෙස  මේදය  තැන්පත්  වීම,හදවත්  රෝග,වකුගඩු  ආබාධ ඒ  අතර  වෙනවා.අක්මාවේ  මේද  තැන්පත්  වීම  ඉහල  යාම  සහ  ලිංගාශ්‍රිත  ආබාධයන්  ඇතිවීම  පවා  මින්  සිදුවිය හැකියි.

4.ප්රෝෆිලින් ග්ලයිකොල්  සහ  කබෝක්සිමෙතිල්සේලියුලොස් (propylin glycol and carboximethylcellulose)

මේ  සංයෝගයන්  නිතිපතා  අයිස්ක්‍රීම්  වලට  එකතු කරනවා.ප්රෝෆිලින්  ග්ලයිකොල්  සාමාන්‍යයෙන්  ජලයට  එක්  කරන්නේ  උෂ්ණත්වය  අඩු  මට්ටමක  තබාගන්නයි .එය  මේ  කල්තබාගැනීමේ සංයෝග  දෙක  අතුරෙන්  වඩාත්ම  හානිකර  සංයෝගය  වන  අතර  බොහෝ  රටවල  මෙය  තහනම්  කර  තිබෙනවා.මෙහි  සඳහන්  වන  අනෙක්  සංයෝගය  වන  කාබෝක්සිමෙතිල්සෙලියුලෝස්  යනු ස්ථායිකාරකයක්. එනම්..යම්  ස්ථාවර  මට්ටමකට නිෂ්පාදන  තබාගන්න  යොදන  සංයෝගයක්.සාමාන්යෙන්  එය  salad dressing, cheese spread සහ චොකලට් කිරි  වලට  භාවිතා වෙනවා.මීයන් යොදාගෙන  කල  පරීක්ෂණයකදී අනාවරණය  වී  ඇත්තේ කබෝක්සිමෙතිල්සේලියුලොස්  නිසා  සිරුර  අභ්‍යන්තරයේ  tumors ඇතිවන  හැකියාව  වැඩි  බවයි.මධ්‍ය ස්නායු  පද්ධතිය  ආශ්‍රිත  අවපීඩන තත්වයන්  පවා  ඇතිවෙන්න  හැකියාවක්  තිබෙනවා.

5.මොනො  ග්ලිසරයිඩ්ස්  සහ  ඩයි ග්ලිසරයිඩ්ස්  (mono glycerides and dy glycerides)

සාමාන්‍යයෙන්  රටකජු බටර්,පාන්,කුකීස්,පේස්ට්‍රි,කේක්  වැනි  ආහාර  කල්  තියාගන්න  මේ  සංයෝගයන් යොදාගන්නවා.මාර්ගරින්,අසුරන  ලද  එළවලු (පැකට්  කල), පැකට්  කල  බැදපු  ධාන්‍ය  වර්ග  වලත් මේවා  අඩංගු වෙනවා.මොනො ග්ලිසරයිඩ්ස් නිතිපතා  අහිතකර  ආහාර සංඝටක  වල  මුල්  තැනක්  ගන්නා  සංයෝගයක්.

6.සෝඩියම්  නයිට්රේට්  (sodium nitrate)

මස්  කල්තියාගන්න  භාවිතාවෙන  තවත්  අහිතකර  සංයෝගයක්  තමයි මේ.විවිධ මාංශ  ආහාර නිෂ්පාදන වන බේකන්,හැම්, සොසේජස්  ආදියේ   මෙය  අඩංගුයි.උදරයේ පිළිකා තත්වයන් ඇතිකරන්න මේ  නයිට්‍රස් අම්ලයට පුළුවන්.ආහාර කල් තබාගැනීමේ සංයෝගයක් ලෙස මෙය භාවිතා කිරීම නොර්වේ,ජර්මනිය වැනි  යුරෝපා රටවල තහනම් කර  තිබෙනවා.

7.මැලෙයික් හයිඩ්රසයිඩ්  

අසුරන  ලද  අල  වර්ග  වැවෙන  එක  වලක්වගන්න,වියලිව  තියාගන්න  මෙය  යොදනවා.මෙය  රසායනික  ප්‍රතික්‍රියා කාරකයක්  වන  අතර  ඉන්  පිළිකා  තත්වයන්  ඇතිවෙන්න  ඉඩකඩ  වැඩියි.

8.බ්රෝමෙට්ස් (bromates)

මෙය  සුදු  පිටි  වර්ග (පාන් පිටි  වැනි ),පාන්  වල  අඩංගු  වෙන  සංරක්ශකයක්. පෝෂ්‍ය පදාර්ථ විනාශ වීම,පාචනය වැනි  තත්වයන්  ඇතිකරනවා.

9.සිට්‍රික් අම්ලය (සල්ෆියුරික් අම්ලය භාවිතා කරමින් සාදන ) citric acid (made using by sulfuric acid) 

සිට්‍රික් අම්ලය දෙහි වැනි සිට්‍රික් ආහාර වල  අඩංගු අත්‍යවශ්‍ය පෝෂකයක්.කෙසේවෙතත් සිට්‍රික් අම්ලය,සල්ෆියුරික් අම්ලය භාවිතයෙන් සැදීම ඉතා අහිතකර තත්වයන්  ඇතිකරනවා.ඔබට ඇලර්ජි තිබෙනවානම් සිට්‍රික් අම්ලය යොදා කරනු ලබන නිෂ්පාදන ගැනීමේදී සැලකිලිමත් වෙන්න.ස්වභාවිකව සිට්‍රික් අම්ලය භාවිතා කරන්නට වගබලාගන්න.එය වඩා  සුදුසු ස්වභාවික ආරක්ෂණ විකල්පයක්.

10.බෙන්සොවේට් 

මෙය සාමාන්‍යයෙන් පලතුරු පියුරි,යුෂ,අච්චාරු,මාර්ගරින් වැනි නිෂ්පාදන වලට කල්තබාගන්න  භාවිතාවෙන සංයෝගයක්.බෙන්සොවේට් මොලයේ  ආබාධ  ඇතිකරන්නත්,විවිධ අසාත්මිකතා ඇතිකරන්නත්  හේතුවෙලා තිබෙනවා.

ෆුඩ් සිටි වල,සිල්ලර කඩවල රාක්ක වල වැඩිකලක් තියාගන්න මේ සංයෝග පාවිච්චි කලත් මානව සෞඛ්‍ය නම් වැඩි කලක් පවත්වාගන්න මේ  සංරක්ෂණ ආහාර එතරම් යහපතක් ගෙනදෙන්නේ නැතිබව දැන් පැහැදිලියි නේද?දැන් ඔබ දන්නවා ආහාර කල්තියාගන්න එකතුකරන රසායන සංයෝග වල නම් වගේම ඒවායින් ඇතිවෙන ආබාධ තත්වයන්. ඉතින් මීළඟ වතාවේ භාණ්ඩ මිලදී ගන්න ගියාම කල් ඉකුත්වෙන දිනය බලනවා වගේ ආහාරයට ඇතුලත්කර ඇති ද්‍රව්‍යයන් (ingredients) බලන්නත්  අමතක  කරන්න  එපා.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here