ජ්‍යොතිෂයට අනුව දරුවන්ට අකුරු කියවීමේදී සිදු කළ යුත්තේ මොනවාද ?

0
29584
ජ්‍යොතිෂයට අනුව දරුවන්ට අකුරු කියවීමේදී සිදු කළ යුත්තේ මොනවාද ?

බොහොමයක් මාපියන්ගේ එකම පරමාර්ථය තම දරුවන් හට ඉහල අධ්‍යාපනයක් ලබා දීම හා තම දරුවන් සමාජයේ ඉහලම තත්වයකට රැගෙන යෑමය. එයට අඩිතාලම දමනු ලබන්නේ දරුවකුට අකුරු කියවන එම සුභ මොහොතය. අද සමාජය වන විට ඇතැම් දෙමාපියන් මෙම අවස්ථාව මඟ හැර යන ස්වභාවයක් පවතී.  නමුත් අපගේ සංස්කෘතියට අනුව නිසි වයස එළඹි කල දරුවන් හට නැකත් බලා අකුරු කියවීම සිදු කල යුතුය. පෙර කල සිට පැවත එන මෙම චාරිත්‍රානුකූල කටයුත්ත   අද සමාජයේද  සිදු කරනු ලබන දෙමාපියන් අප අතර සිටිති. තම දරුවා වෙනුවෙන් සිදු කරනු ලබන මෙම චාරිත්‍ර කටයුත්ත සිදු කිරීමේදී  ඔබද මෙම දේවල්  පිළිපැදීම අත්‍යවශ්‍ය වේ.

අකුරු කියවීමට නිසි වයස


ඇත්තටම දරුවෙක් හට අකුරු කියවන්න සුදුසු කාල සීමාවක් තියෙනවා.ඉපැරැණි  ජ්‍යෝතිෂයට අනුව නම් දරුවෙක් හට අකුරු කියවන්න සුදුසුම වයස් සීමාව වෙන්නෙ දරුවාට වයස අවුරුදු තුනේදි. ඒ කියන්නෙ දරුවාට වයස අවුරුදු හතර ලබන්නට පෙර වගේම වයස අවුරුදු තුනේ සීමාව පසු කරන්නට පෙර දරුවා හට අකුරු කියවිය යුතුයි. මොකද පෙර පාසල් අධ්‍යාපනය සාමාන්‍ය ලෙස දරුවෙක් හට ලබා දෙන්නෙ අවුරුදු හතරෙ පටන්. ඒ නිසා දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබන්න මත්තෙන් දරුවාට අකුරු කියවිය යුතු වෙනවා.

සුභ හෝරාව


අපේ රටේ සිරිත් විරිත් අනුව අපි ඕනෑම හොඳ දෙයක් කරන්න සුබ නැකතක පිහිට පතනවා. ඉතින් අපි දරුවන්ට අකුරු කියවන්න කලින් ඒකට සුභ හෝරාවක් වෙන් කර ගත යුතුයි. දරුවාගේ හඳහනට අනුව දරුවාට අකුරු කියවීමට සුභ මොහොතක් බලා පසුව එම සුභ කටයුත්තට සූදානම් වීම ගොඩක් දුරට හොඳයි.

අකුරු කියවීමේදී සිදු කල යුතු වත්පිළිවෙත් 


අපි හැමදේකදිම වගේම මුලින් සිදු කරන්නෙ ආගම සිහිකිරීම. ඉතින් මේ කටයුත්තෙදිත් අපි ප්‍රථමයෙන් ආගම සිහි කල යුුතුයි. මෙහිදි අකුරු කියවීමට යෝජිත දරුවා ද එ් සඳහා සහභාගි කර ගැනීමත් අනිවාර්ය වෙනවා.  ආගම සිහි කිරීමෙන් අනතුරුව සරස්වතී මෑණියන්ට හා ගණ දෙවියන් උදෙසා පූජා පැවැත්විය යුතුයි.

දෙවියන් උදෙසා පවත්වන පූජාවන්ට පූජා භාණ්ඩ සහිතව පූජා වට්ටියක් ඒ ඒ අදාල දෙවියන් උදෙසා  පූජා කල යුතුයි.  එහිදී ගිතෙල් සහිත පහනක් දැල්වීම වඩාත් යෝග්‍යයයි.

පූජා වට්ටිය සහිත පූජාව පිළිගැන්වීමේදී එක සිත් ඇතිව තම දරුවාගේ අධ්‍යාපන සාර්ථක කොට දරුවාට නුවණ ලබා දී, ශිල්පය පිහිටුවීමට ශක්තිය, ධෛර්ය ලබා දෙන ලෙස ප්‍රාර්ථනා කල යුතුය.

පූජාව සඳහා තැබිය යුතු පූජා ද්‍රව්‍ය


තල, උක් හකුරු , වී පොරි, මී පැණි, උදු හා තල මිශ්‍ර කැවිලි වර්ග 07ක්, හබලපෙති  අඹ, කළු උක්ගස් ඇතුළුව පළතුරු වර්ග 07ක් පළතුරු පූජාව සඳහා තැබිය යුතුය.  තවද  කපුරු , පැන් කලයක්, පඬුරු , නෙළුම් මල්, ඇතුළුව පාට හතකින් මල් වර්ග සපයා ගත යුතුය. පූජා වට්ටියේ වටේට ක්‍රමානුකූලව බුලත් කොළ අතුරා ඒ මත පූජාව සකස් කල යුතුය.
මෙහිදී ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන් උදෙසා වෙන වෙනම පූජාව තැන්පත් කල යුතුය.
ඇතැම් උදවියගේ හඳහනට අනුව තැබිය යුතු පූජාව තීරණය කරනු ලබයි.  කෙසේ වෙතත් හරි විදියට ඉහත සඳහන් කල අයුරින් නොඅඩුව පූජාව සකස් කල  යුතුය.

දරුවාට අකුරු කියවිය යුත්තේ කවුරුන්ද ? 


බොහෝමයක් දෙනා තම දරුවන්ට අකුරු කියවීමට මුල් කර ගන්නේ සමාජයේ ඉහල තානාන්තර හොබවන උදවිය වේ. නමුත් සියලු දෙනාටම වඩා    තම දරුවාගේ යහපත, සුභ සිද්ධිය ගැන හිතන දරුවාගේ මව හෝ පියා මෙයට මූලික වනවා නම් එය ඉතා හොඳය.  තම දෙමාපියන්ගේ ප්‍රාර්ථනා සමඟ දරුවාගේ අධ්‍යාපනයට අඩිතාලම දැමීමට තම මවට , පියාට හැකියාව ඇත.

අකුරු කියවීමේදි  මුදල්, පොත් පෑන් පැන්සල්, රන් ආභරණයක්, සෙල්ලම් බඩුවක් වගේ දේවල් එම ස්ථානයෙන් තබන්න.අකුරු කියවීමෙන් පසු ඒ දේවල් අතුරින් කැමති දෙයක් දරුවන්ට තෝරා ගැනීමට ඉඩ හරින්න.
එමෙන්ම දරුවන් හට අකුරු කියවීමේ සුභ හෝරාව උදෑසන හිමිදිරි පාන්දර සතුන් හැඩලීමට පෙර යොදා ගන්න. එය ඉතා උචිත චාරිත්‍ර ක්‍රමයක්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here