jean එකේ pocket වටේ පුංචි බොත්තම් ඇයි? හේතුව නම් පුදුමයක් තමා …

jeans

ජීන්ස් කියන්නේ  මේ වෙනකොට බොහෝ කාන්තාවන් සහ පුරුෂයන් දෙපාර්ශවයම කැමති ඇඳුමක්…ගුණාත්මක බව අනුව විවිධ වර්ණ සහ මිල ගණන් වලට ජීන්ස් මිලට ගන්න පුළුවන්.එදිනෙදා අඳින පහසු ඇඳුමක් නිසා ඇඟලුම් කර්මාන්තයේ සුවිශේෂී ස්ථානයක් ලබාගන්න මේ ජීන්ස් සමත් වෙලා තියෙනවා.කාර්යාලයේ වුවත් කැෂුවල් ඩේ එකකදී ජීන්ස් අඳින්න පුළුවන්.අපි කවුරුත් ඒවා අඳින්න කැමතියි.ඒත් හැම ජින් එකකම pocket වටා  කුඩා බොත්තම් ඇත්තේ  ඇයි කියා ඔබට හිතිලා තියෙනවද?

ජීන්ස් ඉස්සර කාලයේ තිබුනේ නිල් පැහැයෙන් වුනත් දැන් විවිධ පාටින් ජීන්ස් වෙළඳ පොලට එනවා.full,half සහ three quarter  යන ප්‍රමාණ වලින් ජීන්ස් නිෂ්පාදන වෙනවා.ඒවගේම ශරීරයට තද වන ලෙසින් සහ ලිහිල් (baggy) ලෙසින් වුනත් මේවා නිර්මාණය වෙනවා.උත්සව අවස්ථා,කාර්යාල කටයුතු වගේම එදිනෙදා ගමන් වලදීත් පිරිමි ගැහැණු භේදයෙන් තොරව ජීන්ස්  තෝරාගැනීම අද සුලබ දෙයක්.ඕෂන් බ්ලූ,කාකි පැහැය,නේවි බ්ලූ ආදී වර්ණ වලින් සහ තවත් විවිධ වර්ණ වලින් ජීන්ස් සමන්විතයි.

බොත්තම් වල රහස…


විවිධ ප්‍රමාණ,හැඩ,වර්ණ වලින් එන මේ ජීන්ස් පහසුවෙන් ඇඟ ලා ගැනීමට හැකි නිසාම ගොඩක් දෙනා අතර මෙය ජනප්‍රියයි.සමහර ජීන්ස් වල පිටුපස pocket වල කුඩා බොත්තම් දකින්න ලැබෙනවා.ඉදිරි සාක්කු  වල වුනත් දකින්න පුළුවන්.මේ බොත්තම් සාදා ඇත්තේ තඹ වලින්.මේවා රිවට්( rivet )  විධියට පාවිච්චි කරන්න හැකි බව ඔබ දන්නවද?

මේ රිවට්ස් වල ඇති වැදගත්කම මොකක්ද ?


මේ පුංචි බොත්තම් ලස්සනට,පෙනුමට තිබුනත් ඒවා rivets ලෙසයි සැලකෙන්නේ.ජීන්ස් ශරීරයට ලිහිල් ආකාරයට හෝ තද ආකාරයට නිර්මාණය කරත් කලක්  යද්දී ඉරී යා හැකි නිසා මෙන්ම ජීන්ස් වලට යොදාගන්නා රෙදි ගෙවී යන එක,ඉරී යන එක වලක්වගන්නයි මෙලෙස රිවට් යොදා තිබෙන්නේ.මේ නිසා අවුරුදු ගණනක් වුනත් හොඳ තත්වයෙන් ජීන්ස් පවත්වාගන්න පාරිභෝගිකයාට හැකියාවක් ලැබෙනවා.
jeans_reverts

මේ තඹ රිවට්ස් හඳුන්වා දුන්නේ කවදද ?


මේ තඹ රිවට්ස් වලට ඉතිහාසයක් තියෙනවා.1872 දී ඇමෙරිකානුවන් තමයි මේවා නිෂ්පාදනය කරන්න පටන්ගන්නේ.පසුව බටහිර අනෙකුත් රටවල් මේ රිවට්ස් නිපදවන්න පටන්ගන්නවා.සන් ෆ්රැන්සිස්කෝ වල ජිවත් වූ ජෙකොබ් ඩේවිස්  නම් ඇඳුම් මසන්නා ලඟට දිනපතා මිනිසුන් සිය ජීන්ස් රැගෙන පැමිණෙන්නේ ඉරී යාම,මැහුම් කැඩී යාම සහ ඉක්මනින් ජීන්ස් වලට damage වීම නිසා.ඉතින් මේවා මසන අතරතුර ඔහුට හොඳ අදහසක් එනවා.ඔහු කුඩා තඹ බොත්තම් පාවිච්චි කරමින් මහන්න පටන් ගත්තා..මේවා පසු කලෙකදී හැඳින්වුණේ තඹ රිවට්ස් ලෙසින්.මෙය ඔහුට ටිකක් වියදම් අධික වුන වැඩක් නිසා පසු කලකදී තවත් ඇඟලුම් ව්‍යාපාරිකයෙක් වගේම ෆැබ්රික් නිර්මාණ කරුවකු වුන ලෙවි ස්ට්‍රවුස් (Levi Strauss) ව සම්බන්ධ කරගන්නවා.

කොහොමද ලෙවි ඔහුට උදව් කලේ ?


ඔහුගේ නව නිපැයුමට ගෙවන ලෙවි  තමන්ගේ අදහසත් එකතු කර මහා පරිමාණයෙන් තඹ රිවට්ස්  සාක්කු වලට යොදමින් කලිසම් මහන්නට ව්‍යාපාරයක් ආරම්භ කළා.මෙය විශාල වශයෙන් ලාභ ලැබූ ව්‍යාපාරයක් වූ අතර මිනිසුන් වැඩි වැඩියෙන් මිලදී ගන්න පටන්ගත්තේ පහසුව සහ කල් පැවැත්ම නිසාමයි.මේ සාර්ථකත්වය සන් ෆ්රැන්සිස්කෝ වලින් පටන්ගත්තත් පසුව මුළු ලෝකයම පුරා මෙය විශාල ප්‍රසිද්ධියක් ලැබූ නිෂ්පාදනයක් වුනා.වර්තමානයේදී ජීන්ස් වලට මේ බොත්තම් නැත්නම් හරියටම කිව්වොත් තඹ රිවට්ස් යොදාගන්න එක සුලබ වගේම අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා.

ඔබේ ජීන්ස් වල ඇති  මේ රිවට්ස්  වල තිබෙන වැදගත්කම  ගැන තව දුරටත්…..

ඇත්තටම මේවයේ තව වැදගත්කම් තියෙනවද? ඒවායෙන් යම් අපහසුතා ඇතිවෙලා තියෙනවද? ඇත්තටම මේ බොත්තම්  ජීන්ස් වල හැඩය පවත්වගන්නත් විශාල උපකාරයක් වෙලා තියෙනවා.මහන්සි වී වැඩකරන කම්කරුවන් වෙනුවෙන් තමයි මුලින්ම ජීන්ස් නිෂ්පාදනය වුයේ.ඒ ඔවුන් වැඩි කාලයක් දිවා රෑ නොබලා අවුව වැස්ස නොබලා වැඩ කල  නිසයි.ඉතින් ජීන්ස් වලට යොදාගන්න අමුද්‍රව්‍යත් එක්ක  එය කල් පවත්නා ඇඳුමක් නිසා කම්කරුවන්ට තමන්ගේ වැඩවලට එය ලොකු  රුකුලක් වුනා.මේ කුඩා බොත්තම් යෙදීමෙන් තවත් ඇඳුම ශක්තිමත් සහ පහසු වීම තුල කම්කරුවන්ට එය සිය රාජකාරි පහසු කරන්නත් හේතු වූ කරුණක් වුනා.

ඉතින් අදත් මේ රිවට් බොත්තම් ජීන්ස් වලට යොදන්නේ අන්න ඒ නිසයි…අපි ස්තුති කරන්න ඕනේ ජෙකොබ් ඩේවිස් ට වගේම ලෙවි ස්ට්‍රවුස් ට.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here