ඔබ භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවි වල පොදු ගැටලු මොනවාද යන්න හරි හැටි දැන සිටියාද ?

0
5333
girl_with_social_media

Facebook , Tweeter , Google +, Instragrm, වැනි ඔබ එදිනෙදා භාවිතා කරන සමාජ ජාල වෙබ් අඩවි සෑම එකක් පාසාම පොදු ගැටලු ඇති අතර එම ගැටලු ඔබටද ගැටලුවක් බවට පත් වීමට ඉඩ ඇත. එසේ නම් එම සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇති වන පොදු ගැටලු මොනවාද යන්න දැන ගැනීම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ඔබ සියලු දෙනාට අත්‍යවශ්‍ය වේ යයි මා සිතමි.
අද Womanly.lk මගින් ඔබ වෙතට ගෙන එනු ලබන්නේ මා ඉහත සඳහන් කරන ලද සමාජ ජාල වෙබ් අඩවි තුල පැණ නැගෙන පොදු ගැටලු කිහිපයකි.

Cyber Stalking හා ස්ථානය අනාවරණය


Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි වල නිර්මාණයත් සමඟ බොහෝමයක් දෙනා තම පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා වෙනත් උදවිය සමඟ හුවමාරු කර ගැනීමට වැඩි සැලකිල්ලක් දක්වනු ලබයි. මෙම තොරතුරු බොහොමයක් යාවත්කාලීන කරනු ලබන්නේ සයිබර් අවකාශය හරහාය. එහිදී ඔබගේ තොරතුරු වලටද ඔබගේ පෞද්ගලික ආරක්ෂාවටද තර්ජනයක් වනු ඇත.

වෙස් වලාගත් නියෝජිතයන්


ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි තුල ඇති තොරතුරු  ලබා ගැනීම සඳහා  වෙස් වලාගත් නියෝජිතයන් පෙනී සිටීම මෙම සමාජ ජාල වෙබ් අඩවි තුල පවතින තවත් ගැටලුවකි.  මෙමගින් රට තුල ලෝකය තුල සිදුවන බොහෝමයක් නීති විරෝධී ක්‍රියාවන් හසු කර ගැනීමට හැකි අතර එහිදී ඔබ වරදකරුවකු නොවුනද ඔබගේ පෞද්ගලික තොරතුරු එවැනි වැරදිකරුවකු මගින් පෙනී සිටීම තුලින් ඔබ වරදකරුවකු වීමට ඉඩ ඇත. එම නිසා ඔබගේ පෞද්ගලික තොරතුරු නාදුනන උදවිය සමඟ හුවමාරු නොකර ගත යුතුය.  යම් අයුරින් මෙම වෙස් වලාගත් නියෝජිතයන් ඔබගේ යහළුවකු, පවුලේ සාමාජිකයකු, හිතවෙතකු ලෙස ඔබට සමීපව සිට ඔබගේ පෞද්ගලිකත්වය පිළිබඳව ද ප්‍රශ්න මතු කිරීමට ඉඩ ඇත. මොවුන් නීති මාර්ගෝපදේශක, අධිකරණ හා CID නිලධාරීන් විය හැකිය.

ප්‍රහාරකයන්


හැකර්ස්ලා නම් වු ප්‍රහාරකයන් සියලු සමාජ ජාලා වෙබ් අඩවි සඳහා ඇති තවත් ගැටලුවකි.  තම පෞද්ගලික තොරතුරු සොරා ගැනීමට හෝ වෙනත් අයුරින් ඔබගේ ගිණුමට රිංගා ඔබගේ තොරතුරු වෙනස් කොට ඔබට අපහසුතාවට පත් කිරීම මොවුන් සිදු කරන අතර එමගින් ඔබගේ චරිතයට පවා කැළලක් ඇති වීමට ඉඩ ඇත.

නීති කෙටුම් පත්


මේ වන විට සමහර ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතනද සමාජ ජාල වෙබ් අඩවි මත රැදී සිටිමින් මෙම වෙබ් අඩවි සඳහා යම් යම් නීති ක්‍රම හඳුන්වා දීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. එහිදී ඔබගේ තොරතුරු ප්‍රසිද්ධියේ ඔවුන් සමඟ බෙදා නොගත විට ඔවුන් ඔබට විරුද්ධව මහජන වීරෝධී නීති බලාත්මක කිරීමට පියවර ගනු ඇත. එයට   සහාය නොදෙන උදවිය සැකකරුවන් ලෙස හා නීති විරෝධී කල්ලි මෙහෙවන්නන් ලෙස සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධියට පත් කරනු ලබයි.

ෆේක්  සාමාජිකයන්


ඔබගේ නමින්,ඔබගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කරමින් ඔබගේ ජායාරූප යොදා ගනිමින් වෙනත් උදවිය ඔබ ලෙසටම තවත් ගිණුම්‍ පවත්වාගෙන යන අතර එහිදී ඔබගේ යහළුවන්ව එකතු කර ගනිමින් ඔබ ලෙසටම ඔවුන් සමඟ කුළුපග වී ඔබගේ නමට කැළලක්    සිදු කිරීමට පවා ඉඩ ඇත . එම නිසා ඔබගේ තොරතුරු , ජායාරූප සමාජ ජාල වෙබ් අඩවි තුලට මුදා හැරීමට පෙර මොහොතක් නැවතී සිතන්න.

මෙවැනි ගැටලු කිහිපයක්ම සමාජ ජාල වෙබ් අඩවි තුල ඇති පොදු ගැටලු ලෙස හදුනා  ගත හැකි අතර එම ගැටලු  අපගේ පෞද්ගලිකත්වයට  ගැටලුවක් නොවන ආකාරයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුලදී නුවණක්කාරීව කටයුතු කිරීම අප සතුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here