Table manners ගැන දැනගනිමුද ?

අපි විවිධ අවස්ථාවලදී සමාජයත් එක්ක ගනුදෙනු කරනවා..සතුටු සාමිචිය,සාකච්චා,සුහද හමුවීම්,ගමන් බිමන්,සම්මේලන,රැස්වීම්, විවිධ උත්සව අවස්ථා වුනත් අපේ ජිවිතයේ අපට හමුවෙනවා.එකට ආහාර ගද්දි අපි කරන පුංචි පුංචි වැරදි නිසා අපි ගැන වැරදි ප්‍රතිරූපයක් මැවෙන්න පුළුවන්කමක් තියෙනවා.විශේෂයෙන්ම නිල මට්ටමින් කටයුතු කරද්දී අපිට විවිධ භෝජන සංග්‍රහයන් වලට සහභාගී වෙන්න සිදුවෙනවා… ඒවගේ වෙලාවට මෙන්න මේ table manners ගැන අවබෝධය අඩුවෙන එක ඒතරම් හොඳ දෙයක් නෙමේ..ඉතින් අපි කතාකරමු,දැනගනිමු table manners ගැන…කෑම මේසෙකදී කරන්න ඕනේ දේවල් වගේම කරන්න අනවශ්‍ය දේවල් වෙන වෙනම දක්වන්න මා මෙහිදී බලාපොරොත්තු වෙනවා..

ආහාර  ගන්නා  ආකාර  දෙකක්  තියෙනවා  අපි  මුලින්  ඒ  ගැන  කතාකරමුකෝ…

1. යුරෝපා ක්‍රමය


මෙහිදී ගැරුප්පුව වම් අතටත්,පිහිය  හෝ  හැන්ද දකුනතටත් ගත යුතුයි.එක  ගැරුප්පුවකට වඩා  දකින්න ලැබෙනවානම්  එළියෙන්  තියෙන  ගැරුප්පුව තමයි  ඔබේ  අතුරුපසට  වෙන්වෙන්නේ..ඇතුලට  වෙන්න  තියෙන  ගෑරුප්පුව තමයි  ඔබේ  ප්‍රධාන  ආහාරයට  වෙන්වෙන්නේ.කෑම  කපන්න  ඕනේ  වුනොත්  දකුනතට  පිහිය අරගෙන  දබර  ඇඟිල්ල  පිහියේ  උඩ  කොටසට  වෙන්න  තබා තදකරගෙන  ආහාර  කැබලි  කරන්න.මේ  ක්‍රමය  ආහාර  ගැනීමේ ආකාර  දෙකේදීම  අනුගමනය කරනවා.

europe_style

යටිපැත්තට  හරවා වමතින් ගෑරුප්පුව  අල්ලගන්න.එහිදීත්  දබර ඇඟිල්ල කෙලින්  අල්ලගන්න ඕනේ.අතේ  අනික්  කොට  ගෑරුප්පුවෙ පිටුපසට  වෙන්න  තබාගන්න.ආහාර  පිහියෙන් කපද්දී  ගෑරුප්පුවෙන් ආහාරය හෙමින් පසුපසට  අදින්න.ගෑරුප්පුව  යටි  අතටම  හරවාගෙන  ආහාරය ලබාගන්න.ගාරුප්පුවේ  දැති  කොටස්  වලින්  සුළු  ප්‍රමාණයක්  කටට  ඇතුල්වෙන්න  තබාගන්න.

2. ඇමෙරිකානු ක්‍රමය


මෙහිදී  ගෑරුප්පුව  අල්ලන්නේ  සම්පුර්ණ  වමතේ  ඇඟිලි  සියල්ලම  එකට  සිටින  ලෙසයි.යුරෝපා  ක්‍රමය  අනුව  නම්  දබර ඇඟිල්ල මඳක්  ඉස්සරහට  එනවනේ. ආහාර  කපන  විටදී  පමණක්  ඔබේ  පිහිය  දකුණට  ගන්න.මෙහිදී  ආහාර  කපද්දී  හැරෙන්න  ගෑරුප්පුව  තබාගත  යුත්තේ  ඔබේ දකුනතෙයි..ගෑරුප්පුව  මුඛයට  ලං කරද්දී  ගෑරුප්පුව  උඩු  අතට  හරවගන්න..

american_style

කෑම  කන  අතරේ  ඔබට  විවිධ  ආහාර  වලට  යන්න  අවශ්‍යයි  නම්  හැඳි  ගෑරුප්පු  හෝ  ඔබ  ආහාර  ලබාගන්නා  ටූල්ස් දෙක එකිනෙක  ක්‍රොස්  වෙන  ලෙස  තබන්න.
යුරෝපිය  ක්‍රමයට  අනුව-පිහිය  මත  හෝ  හැන්ද මත  ගෑරුප්පුව  ක්‍රොස්  වෙන  ලෙස  තබන්න.

british_style

ඇමෙරිකානු  ක්‍රමයට අනුව නම් ගෑරුප්පුව  උඩු  අතට  උල්  කොටස  උඩට  සිටින  විධියට  පිඟානේ වම  පසින්  ටිකක්  ඇලව  තබන්න..පිහිය හෝ  හැන්ද පිඟානේ දකුණු පස  මදක්  ඉහලට  වෙන්න  තබන්න.

ආහාරය  ගෙන  අවසන්  නම්  යුරෝපා  ක්‍රමයට  අනුව ගෑරුප්පුව  සහ  හැන්ද හෝ  පිහිය  එකලඟ  යටි  අතට  තබන්න,ඇමෙරිකානු  ක්‍රමයට  අනුව නම් ගෑරුප්පුව  සහ  පිහිය  හෝ  හැන්ද එකලඟ  තිබ්බත්  තියන්න  ඕනේ  ගෑරුප්පුව  උඩ  අතටයි.

american_style

දැන්  අපි  කෑම  මේසයේ  කරන්න සුදුසු දේවල් ගැන මුලින් කතාකරමු…
  1. කෙලින් හොඳට වාඩිවෙන්න
  2. ප්‍රියමනාප කතාබහක යෙදෙන්න,ධනාත්මක දේවල් කියන්න
  3. ඔබේ උකුල මත නැප්කින් එක (සර්වියට්) එළාගන්න
  4. හැමකෙනෙක්ම වාඩිවෙලා ආහාර ගන්න සුදානම් වෙනතුරු  සිටින්න
  5. සමහර  ආහාර  ගන්න  අවස්ථාව වෙනස් වෙන්න පුළුවන්..විවිධ සංස්කෘතීන් තියෙන්න පුළුවන් නිසා.එහෙම අවස්ථාවක ඒ ගැන දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්න එක වැදගත්
  6. මේසේ නැඟිටලා ව්‍යංජන බෙදාගන්න යන්නේ නැතිව ඒ අවශ්‍ය දේ ඔබ වෙතට එවන්න කියා මේසයේ ඉන්න අයගෙන්ම ඔබට අහන්න පුළුවන් (pass කරන්න )
  7. මුඛය තුල නොපෙනෙන සේ ආහාර හපන්න
  8. මස් කැබලි කරගන්න පිහිය හෝ ගැරුප්පුව භාවිතා කරන්න
  9. ආහාර ගන්න අතරවාරයේ කියන්න අවශ්‍ය දෙයක් තිබෙනවානම් සමාවෙන්න යැයි පවසා එය ප්‍රකාශ කරන්න අමතක කරන්න එපා.
  10. “ස්තුතියි,එපා”  කියන දේ ඔබට ආහාර  අනවශ්‍ය මොහොතේදී  කියන්න පුරුදුවෙන්න
කරන්න සුදුසු නැති දේවල්…
  1. වල්පල් කතාකරන්න යන්න එපා
  2. මට දෙන්න මට දෙන්න කියා නොයෙක් දේවල් අන් අයට පෙර ඉල්ලන්න යන්න එපා..හැමවිටම සුහදශිලිව ඉඩදෙන්න
  3. නිතර නිතර කෑම ගන්න එපා
  4. ඕනෙවට  වඩා  පිඟාන පුරවගන්න එපා
  5. සද්දේ  දාල  කෑම ගිලින්න යන්න එපා.හොඳින් කෑම  සපා  ගිලින්න
  6. කටේ  කෑම තියෙද්දී  කතාකරන්න  යන්න එපා
  7. කෑමත් එක්ක  සෙල්ලම්  කරන්න යන්න එපා.
  8. කෑම මේසයේදී සින්දු කියන්න,කෑගහන්න යන්න එපා
  9. ආහාර කැබලි කෑම මේසයේදී හෝ  පුටුවේදී  හෝ  ඉහිරවන්න එපා
  10. ඔබ ආහාර  ගෙන  අවසන් වූ විට  පිඟාන ඉදිරියට  තල්ලු  කරන්න  එපා

මෙන්න මේ දේවල් ආහාර ගද්දි ඔබේ පිළිවෙලට එකතුකරගත්තොත් ඔබේ table manners වඩාත් හොඳ වේවි…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here