පච්ච යුගය පසු කර ආ ටැටූ කලාව

0
6252
tatoo_girl

ඉස්සර නම් පච්ච ගහගෙන ඉන්න අය දිහා සමාජය දිහා බැලුවේ හොද ඇහැකින් නම් නොවේ. සමාජය ඔවුන් හැදින්වුයේ අයි.ආර්.සී කාරයෝ කියලා. තරමක් ප්‍රචන්ඩ, දරුණු අය පච්ච කොටන් ඉන්න බව මතයක් තිබුණා. නමුත් අද නම් තරමක් ඒ මතයන් වෙනස් වෙලා තිබෙනවා. ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් වල ටැටූ කලාව ඉතාමත් ජනප්‍රියයි. මේක එක්තරා කලාවක්. තම සිතැගි දේවල්, අමතක නොවන දෙයක්, තම ප්‍රියතම රූපයක් ආදීය ටැටූ ලෙස කොටා ගන්න පුළුවනි. ගොඩක් තරුණයන් තමන් ආදරේ කරන පෙම්වතියගේ නම් ගහ ගන්න කැමතියි. ඇතැම් පිරිස් ජිවිතේ එක් විශේෂ සිදුවීමක් සිහිපත් කර ගන්න ටැටූ ගහ ගන්නවා. අද වෙනකොට නම් පිරිමි අය විතරක් නම් කාන්තාවන් අතරත් ටැටූ කලාව ජනප්‍රිය වෙලා.

2වන ශත වර්ෂයේ මිසරයේ මමිවල පවා ටැටූ තිබුණු බවට පර්යේෂකයින් විසින් සොයා ගෙන තිබෙනවා. ක්‍රි.පු. 300දි පමණ පැරණි අයිස්මෑන් ඔඩිස් නැමැති ශරීර කොටස් මත පච්ච වැනි දේවල් නිර්මාණය කර ඇති තිබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා. නමුත් ලංකාවට නම් ටැටූ කලාව එන්නේ ඉංග්‍රීසින්ගේ පැමිණත් සමගයි. විශේෂයෙන්ම නාවිකයන් ලංකාවට පැමිණත් සමග තමයි ලංකාවට ටැටූ කලාව එන්නේ.

ටැටූ වර්ග ගොඩක් තිබෙනවා. පොලිනේසියන් ටැටූ, ට්‍රයිබල් ටැටූ, හයිඩා ටැටූ ආදී ලෙස විවිධ ටැටූ වර්ග තිබේ. ටැටූ ගහන එතරම් ලෙසි පහසු කාර්යයක් නම් නොවේ. මේ සදහා යම් ප්‍රමාණයකින් මුදල් වියදම් වෙනවා. අතේ මුදලට සරිලන ප්‍රමාණයේ ටැටූ ගහගන්න පුළුවන්. නමුත් ඉතිං මුදල් අඩු වන විට ටැටූ එකේ තිබෙන ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන්. ටැටූ ගහන්න හැමෝටම බෑ. ඊට දක්ෂතාවය තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම වර්ණ ගැලපීමේ හැකියාව, සෙවණැලි ඇදීම, විස්තරාත්මක බවින් වැඩි ටැටූ එකක් කරනකොට මේ කියන දක්ෂයෝ අදක්ෂයෝ අතර වෙනස දැක ගන්න පුළුවනි. ටැටූ එකේ ප්‍රමාණය, එකේ තියෙන විස්තර සහ වර්ණයන් ප්‍රමාණය සහ සංකීර්ණ බව අනුව තමයි බොහෝවිට ටැටූ එකක් මිල ගණන් තීරණය වෙන්නේ. ටැටූ එකක් ගහනකොට ඔබේ අතේ තිබෙන මුදල් ප්‍රමාණයද වැදගත් වෙනවා.

යුරෝපය වගේ රටවල් වල සමග සසදන විට නම් ලංකාවේ එතරම් ටැටූ කියවීමක් නැති බව තම ටැටූ කලාවේ නිරත වෙන අයගේ අදහස්. තවත් කෙනෙක් ටැටූ එකක් ගහල තිබෙනවා නම් තමාටත් එවැනි ටැටූ එකක් ගහ ගන්න අය ඉන්නවා. සමහරු නම් ටැටූ ගහන්නේ හොද අවබෝධයෙන්.

බොහෝ වෙලාවට ටැටූ කියන එක පවතින්නේ ජනප්‍රිය සංස්කෘතියක් එක්ක තිබෙන දෙයක්. ගොඩක් දුරට ගාල්ල, නුවර, කොළඹ වැනි සංචාර ප්‍රදේශවල මේ ටැටූ කලාව වැඩිපුර දකින්නට පුළුවන්. ටැටූ ගහනකොට ටැටූ ගහන පුද්ගලයාට වර්ණ පිලිබදව දැනුම, නිර්මාණශිලිත්වය ටැටූ පිලිබදව හොද අවබෝධයක් තිබීම හරිම වැදගත්. ටැටූ ගහන අය ඕනෑ තරම් හිටියත් ඉතාමත් දක්ෂ ටැටූ නිර්මාණ ශීල්පින් ඉන්නේ තරම අඩුවෙන්. ඒ කොහොම වෙතත් ටැටූ ගහනවා නම් ඒ පිලිබදව හසල දැනුමක් තිබෙන කෙනෙක් ලවා ගහගන්නවා නම් හොදය.

අදටත් ලංකාවේ ටැටූ ගහල තියෙන කෙනෙක් දිහා බලන විදිය තරමක් වෙනස්. ගොඩක් අය ටැටූ ගහල තියෙන කෙනා දිහා බලන්නේ චන්ඩියෙක් විදියට. ලංකාවේ පවතින සමාජ වටපිටාව, සංස්කෘතිය මිට හේතු වෙලා තිබෙනවා. කාලයත් එකක් මෙය වෙනස් විය හැකිය. ටැටූ කියන්නේ කලාවක් කියල අප සමාජයේ බොහෝ පිරිසට අවබෝධයක් නෑ. නමුත් ටැටූ ගහගෙන ඉන්න අය නරක පුද්ගලයන්  නම් නොවේ.

About The Author

Previous articleජලය වැඩිපුර පානය කරමු
Next articleසෙල්ෆි නිසා වැනසෙන ජිවිත
මේ මාලිනි යාපා.දැනට ඇය කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරමින් සිටිනවා. මේ ඇගේ අවසාන අවූරුද්දයි. අවූරුදු හතරක් තිස්සේ නිදහස් ජනමාධ්‍යවේදිනියක් හැටියට විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කරමින් සිටිනවා. මේ වන විට ඇය "Young Media" සඟරාවේ ද වැඩ කරමින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here