විදෙස් සංචාරයන්ට පෙර ඔබට අවශ්ය එන්නත් රැකවරණය ගැන දැනුවත්වන්න

vaccination-before-go-abroad

වසරක් තුළ ව්‍යාපාර කටයුතු, විනෝද ගමන්, අධ්‍යාපන කටයුතු, වන්දනා ගමන් මෙන්ම ස්ථිර පදිංචිය සඳහා වගේම වෛද්‍ය ප‍්‍රතිකාර වැනි නොයෙක් හේතූන් මත වෙනත් රටවල් වෙත යන පිරිස මිලියන දහසකට ආසන්න වේ. ඒ නිසාම මෙවැනි අවස්ථාවලදී තමන් විසින් ලබාගත යුතු එන්නත් පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්ය. ඔබ, සැමවිටම ඔබේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතුමය. ලෙඩ රෝගවලින් වැළකීමට අවශ්‍ය වන ආරක්‍ෂාව නොමැතිව විදෙස් සංචාරවල නිරත වීමෙන් යම් යම් රෝගී තත්ත්වයන් රටවල් අතර හුවමාරු වීමේ තත්ත්වය අද වන විට වැඩිවෙමින් පවතී.

කෙටි කලකට හෝ විදෙස් ගත වන අයෙක් නිසි වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය එන්නත් ලබා ගැනීම අනිවාර්ය වේ. බටහිර රටවල මේ පිළිබඳ එම රටවල වෙසෙන ජනතාව නිසි ලෙස දැනුවත් කළද ලංකාවේ එසේ දැනුවත් කිරීම අඩු මට්ටමක පවතින නිසාම නිසි අවබෝධයක් ජනතාව තුළ නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේෂයන්ට අනුව කුඩා දරුවන්හට පුළුල් ප‍්‍රතිශක්ති වැඩසටහනට නියමිත එන්නත් මාලාව ලබා තිබීම අනිවාර්යය. එසේම විදෙස් ගත වන වැඩිහිටි පිරිස්ද සාමාන්‍ය ප‍්‍රතිශක්තීකරණ එන්නත් මාලාව හෝ ලබා තිබිය යුතුමය. සාමාන්‍යයෙන් එක් එක් අවස්ථාවලදී සහ ඔබ යාමට බලාපොරොත්තු වන රටවල්වලට අනුව ලබාගතයුතු එන්නත් පිළිබඳ යම් දැනුවත් වීමක් ඔබට ලබා දීම මේ ලිිපියේ අරමුණයි.

දඹදිව වන්දනාවට සහභාගී වන ඔබ,

දඹදිව වන්දනාවේදී ආහාර පාන, නවාතැන් මෙන්ම වැසිකිලි පහසුකම් සමහර අවස්ථාවලදී සෞඛ්‍යාරක්‍ෂිතව ඔබට ලබගැනීමට නොහැකි විය හැකිය. එසේම ඉන්දීය සෞඛ්‍ය පහසුකම් ශ‍්‍රී ලංකාවට වඩා ඉතා පහළ මට්ටමක පවතින බැවින් අප රටෙහි නොමැති රෝග රාශියක් එහිදී දැක ගත හැකිය. ඔබ එහි යන කාලවකවාණුව, නතර වන ස්ථානය, කොපමණ කලක් සිටිනවාද යන කරුණු මත ආරක්‍ෂාකාරී පිළිවෙත් අනුගමනය කළ යුතුය. එසේම එක් එක් එන්නත් ලබාදීමේදී එක් එක් කාල සීමාවන් පවතින බැවින් ඔබ විදෙස්ගත වීමට සැලසුම් කරන අවස්ථාවේදී සිටම එන්නත් ලබාගත යුතු ආකාරය පිළිබඳව තමා දැනුවත් වී ක‍්‍රියාත්මක විය යුතුය.

කූඩාරම් තුළ ඔබේ නිවාඩුව ගත කරන්නේ නම්,
උණසන්නිපාත එන්නත

හෙපටයිටීස් ඒ සහ බී එන්නත් (මාත‍්‍රා තුනකි. තෙවන මාත‍්‍රාව මාස හයකට පසු ලබාදේ.* මෙන්ම පිටගැස්ම එන්නත ලබාදේ

මක්කම වන්දනාව යන පිරිස් සඳහා

මේ සඳහා වසරකට වරක් සෞදි අරාබියාව වෙත විශාල පිරිසක් ගමන් කරයි. ඒ නිසාම ස්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝගවලට ලක්වීමේ අවධානම වැඩිය. ඉන්ෆ්ලූවෙන්සා එන්නත වයස අවුරුදු 60ට වැඩි අය ලබාගත යුතු අතර අපේ රටේ මොළයේ ආසාදනවලින් වැළකීමට ලබා දෙන මෙනින්ගොකොකොල් එන්නත අවුරුදු දෙකට අඩු දරුවන්ට සුදුසු නොවන නිසා ඔවුන්ට හැර අනෙක් පිරිස් මෙරටින් පිටත් වීමට දින දහයකට පෙර මෙනින්ගොකොකොල් එන්නත ලබා ගැනීම අනිවාර්ය වන අතරම ලබා ගත් බවට සාක්‍ෂි නොමැති නම් ඔවුන්ට වීසා බලපත‍්‍රය ලබා ගත නොහැකිය. වයස අවරුදු දෙකට අඩු දරුවන්ද රැුගෙන යන්නේ නම් ඔබ යන රටෙහි එන්නත් වැඩසටහනට අනුව මෙනෙන්ජි කොකොල් එන්නත ලබාදිය හැකිය.

ප‍්‍රතිකාර සඳහා විදෙස් ගත වේ නම්,

මෙවන් තත්ත්වයේ රෝගීන් සාමාන්‍ය පිරිස්වලට වඩා අඩු ප‍්‍රතිශක්තිකරණයක් සහිත අයයි. ඒ නිසා රෝග බෝවීමේ අවධානම වැඩිය. එවැනි පිරිස් වෙත විශේෂිත එන්නත් ලබා දිය යුතු අතරම ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන්ම වේ.

ස්වසන රෝග ඇති වැඩිහිටි අයෙක් නම්,

ශීත ඍතුවේ බටහිර රටවලට යනවා නම් ඉන්ෆ්ලූවෙන්සා එන්නත (Flushot) ලබාගන්න. ආසියාතික රටවලට සුදුසු ලෙස සැකසී ඇති අපේ සිරුර තුළ එවැනි රටවල පවතින වෛරස සමග ගැටී විනාෂ කර දැමීමට අවශ්‍ය ප‍්‍රතිශක්තිය නොමැති නිසා රෝගී තත්ත්වයන්ට ලක්වීමේ අවධානම වැඩිය.

අධ්‍යාපන කටයුතු සඳහා වෙනත් රටවල්වලට යන සිසු දරුවන්,

ඉන්දියාව, නේපාලය, පකිස්ථානය වැනි රටවල් වෙත යන සිසුන් – හෙපටයිටීස් ඒ සහ බී, උණසන්නිපාතය, පිටගැස්ම, එම්.එම්.ආර් එන්නත මෙන්ම පෝලියෝ මුඛ එන්නතද පැපොප එන්නතද අනිවාර්යෙන් ලබාගන්න.

ඇමරිකාව, බි‍්‍රතාන්‍යය,  ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් වෙතට යන සිසු දරුවන්,

මේ රටවල්වල විශ්වවිද්‍යාලයකට දරුවකු ඉල්ලූම් කළ විට ඒ සිසුන් ලබාගත යුතු එන්නත් පිළිබඳව දැනුවත් කරන අතරම එහිදී හෙපටයිටීස් බී, ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, එම්. එම්. ආර් සහ විශේෂයෙන්ම පැපොල එන්නතද නිර්දේශ කරයි.

සිසුන් විශාල පිරිසක් ඒකරාශී වීමෙන් බැක්ටීරියා මගින් මොළයේ ඇති විය හැකි ආසාදන තත්ත්වයන් නිසා ඇති වන භායානක තත්ත්වය මගහරවා ගැනීමට වසර තුනක ප‍්‍රතිශක්තිකරණ රැුකවරණය සලසන මෙනින්ගොකොකොල් එන්නත ලබාගැනීම අනිවාර්ය වේ.

අප‍්‍රිකාව, දකුණ ඇමරිකාව වැනි රටවල් වෙත ගමන් යන්නේ නම්,

කහඋණ සඳහා ලබා දෙන එන්නත අනිවාර්ය වේ. එමගින් වසර දහයක් පුරා රැුකවරණය සැලසෙනු ඇත. ඊඩිස් ඊජිප්ටයි යන මදුරුවන් මගින් පැතිරෙන කහ උණ, අක්මාව ආසාදනයට ලක් වී රුධිර වහනය ඇති කරවන ඉතා භයානක රෝගයකි. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අන්තාර්ජාතිකව නිර්දේශකරන ලද එකම එන්නත වන මෙය අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන අතරම එය ලබාගත හැක්කේ බොරැුල්ල වෛද්‍ය පර්යේෂණායතන පරිශ‍්‍රයේ ඇති සහකාර වරාය සෞඛ්‍ය නිළධාරී කාර්යාලයෙන්ම පමණි. විදෙස් ගත වීමට දින දහයකට පෙර එන්නත ලබාගැනීම අනිවාර්ය වේ. එන්නත ලබාදුන් පසු හිමිවන කහ කාඞ් පත තමාගේ විදෙස් ගමන් බලපත‍්‍රය සමග තබා ගත යුතුය.

ඉන්ෆ්ලූඑන්සා තත්ත්වය සඳහා,

අපේ රටේ දැනට ලියාපදිංචි කර ඇත්තේ දකුණු අර්ධ ගෝලයට පමණක් අයත් ඉනුෆ්ලූවෙන්සා තත්ත්වයට ආදාල එන්නත පමණි. උතුරු අර්ධ ගෝලයට අයත් රටකට ගමන් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය එන්නත ලබාගැනීම සුදුසුය. එසේම ප‍්‍රතිශක්තිකරණ හැකියාව අඩු මට්ටමක සිටින සෑම පුද්ගලයෙක්ම වයස් සීමාවකින් තොරව වසරකට වරක් මෙම එන්නත ලබාගැනීම වැදගත් වේ.

විදෙස් ගත වන ඔබේ සෞඛ්‍ය හා සම්බන්ධ දැනුවත් වීම අපේ රට තුළ කිසිදු අවධානමක් නොමැති රෝගී තත්ත්වයන් විදෙස් රටවලින් මෙරටට පැමිණීම වළක්වා ගැනීීමට අත්‍යවශ්‍ය වේ. ඔබේ සංචාරයට අනුව අවශ්‍ය එන්නත් පිළිබඳව කල් ඇතිව නිසි උපදෙස් වෛදයවරයෙකු හමුවී ලබාගන්න.

වෛරස හා එන්නත් රෝග පිළිබඳව ඡ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය සමග සකසන ලද ලිපියකි.

About The Author

Previous articleගබ්සාව නීතිගත කල යුතුද
Next articleගෙයක් ගන්නද යන්නේ? එහෙනම් මේ කරුණු හිතට ගන්න…
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here