වේගයෙන් මතක තියාගන්න කැමතියිද?

memory_boost

වේගයෙන් මතක තියාගන්නේ කොහොමද කියල තව කෙනෙක්ගෙන් අසන්න.ඔහුගෙන් හෝ ඇයගෙන් බොහෝදුරට  ඔබට ලැබෙන පිළිතුර තමයි “නැවත කිරීම” නැත්නම් repition … ඒත් කාර්යාලයේදී වගේ බොහෝ  training  වලදී අපිට ඉක්මනටම මතක තියාගන්න වෙනවා..නැවත කිරීමකදී අපි මුලින් කල යුත්තේ ඒ පිළිබඳව ඉගෙනීමයි..ඒත් අපි මතක  ආවර්ජනය  හෙවත්  recall කරන්නේ විවිධ ක්‍රමවලින්..විශ්වයේ  සම්මත වුනු මතක ආවර්ජන ක්‍රම කිහිපයක් පාඩම් කරන,උපාධියට ඉගෙනගන්න,කාර්යාලයේ පුහුණුවීම්  ලබන, විවිධ තරග  විභාග වලට පෙනී ඉන්න ඔබටයි මේ ඉදිරිපත් කරන්නේ….

හැබැයි වැඩේ  පටන්ගන්න කලින් ඔබ  ඔබව හඳුනාගන්න ඕනේ…ඔයා ඇහුම්කන් දීමෙන් ඉගෙනගන්න කෙනෙක්ද? නැත්නම් කියවල තේරුම් ගන්න කෙනෙක්ද? ඔබ සවන්දීමෙන් පමණක් ඉගෙනගන්න කැමැත්තක් දක්වනවා නම් ඔබට ගැලපෙන්නේ ඒ සම්බන්ධව යන ක්‍රියාකාරකම්..ඔබ යමක් කියවා තේරුම්ගන්න කැමති කෙනෙක් නම් ඔබට ගැලපෙන්නේ එයට අදාලව යන ක්‍රියාකාරකම් තමයි.ඇතැම් අය ප්‍රයෝගික අත්හදා බැලීමෙන් ඉගෙනගන්නවා..එය හැම අවස්ථාවටම යොදන්න අමාරු වුනත් මේ කාට කාටත් ක්‍රියාවලියක් තමයි මා ඉදිරිපත් කරන්න යන්නේ…

සුදානම් වීම

නැවත මතක් කරගැනීමේ ක්‍රියාවලියේදී ඔබ මුලින් එයට උචිත පරිසරය සම්පාදනය කරගත යුතුයි.මෙයින් අදහස් කරන්නේ ඔබව වෙනතකට යොමු නොකරන අන්දමේ පරිසරයක් සකස් කරගැනීමයි.ඇතැම් අය පොදු ස්ථානවල, ඒ කියන්නේ පුස්තකාලයේදී වගේ පාඩම් කරන්න කැමතියි,ඇතැම් අය නිස්කලංක ස්ථානවල පාඩම් කරන්න කැමැත්තක් දක්වනවා.මා ප්‍රිය කරන්නේ සෞම්‍ය සංගීතයකට සවන් දෙන අතරේ පාඩම් කරන්නයි…ඒ නිසා ඔබේ රුචිකත්වය මත ස්ථානය තෝරාගැනීම වැදගත්.

ඔබ ඉගෙනගන්න දේ  පටිගත කරගන්න

මේක හුඟක් වටිනවා දේශනයකට සවන් දෙනවිට.වැදගත් කරුණු සියල්ල ග්‍රහණය කරගන්න tape recorder එකක් භාවිතා කර පටිගත කරගන්න එක වඩා පැහැදිලියි.ඔබ තනිව පාඩම් කරන විටදී ඔබේ කටහඬින් අදාළ කරුණු කියවන්න,පැහැදිලි කරගන්න.සවන්දීමෙන් ඉගෙන ගන්න කැමති අයට මෙය හොඳ ක්‍රමයක්.මම කරන්නේ නම් තනිව පාඩම් කරන විට මගේ කටහඬින් මට  ඇසෙන්න කරුණු පැහැදිලි කිරීමයි.එවිට  අදාල කරුණු  මගේ මතකයේ රැඳෙනවා වැඩියි.ඒ වගේ පාඩම් කරද්දී ඔබේ කටහඬ record වෙන්න දාන්න.පසුව අවශ්‍ය වෙලාවලදී එය සවන්දීමෙන් මතකය අලුත් කරගන්න පුළුවන්.

හැමදේම ලියල ලියල මතක් කරගන්න

මතක ආවර්ජනය කරද්දී ඔබේ මතකයේ රැඳෙන හැම දෙයක්ම නැවත මතක් කරගන්න.ඒ දේවල් වෙනම පොතක් අරන් ලියන්න.නැවත නැවත ලියන්න.මෙයින් ඔබ මතක් කරගන්න උත්සහ කරන දෙය මතකයේ රඳවා තියාගන්න ලැබෙන හැකියාව වැඩි කරනවා.කියවා තේරුම් ගන්න කැමති අයටත් මෙය හුඟක් වටිනවා.මොකද ඔබ කියවන දෙය තමයි ඔබ මතකයෙන් ලියන්නේ.ලියද්දි මුලාශ්‍රයේ තිබෙන විධියටම ලියන්න අවශ්‍ය නැහැ.ඔබ තේරුම්ගත් දෙය සරල බසින් ලියන්න.එම වචනයෙන්ම තියෙන කරුණු (නිර්වචන වගේ) ඒ විධියටම මතකයෙන් ලියා පුරුදු වෙන එක වඩා සුදුසුයි.

Notes  ටික  වර්ග කරගන්න

දැන්  එහෙම  ලියාගත්තු විවිධ කරුණු ඔබ ගාව තියෙනවා..දැන් ඒවා වර්ග කරන්න..ඉතිහාසය,දේශපාලනය,විද්‍යාව,සාමාන්‍ය දැනීම මේ වගේ ඔබ ලියු විවිධ කරුණු වර්ගීකරණය කරගන්න.දැන් ඒ notes නැවත අරගෙන තවත් කෙටිකර ලියන්න..එවිට ඔබට ඕනෙම තැනක අරගෙන යන්න පුළුවන් විධියට හදාගන්න පුළුවන්.කාර්යාලයේ,බස් එකේ,පන්තියේ වුනත් කොහෙහරි ගමනක් යද්දී වුනත් රැගෙන යන්න පහසු වෙනවනේ…ඔබට වර්ණ වලින් වෙන් කරගන්නත් පුළුවන්..ඒ ක්‍රමය දෙයක් දැකීමෙන් මතක තබාගන්න අයට වඩාත් ගැලපෙනවා…විවිධ පෑන් වලින් විවිධ වර්ණ කඩදාසි වල ලියද්දි දකින දකින වෙලාවට මතකයේ තියාගන්න පුළුවන් හැකියාවත් වැඩියි.

නැවත කිරීම (repitition) අනුගමනය කරන්න

හැම පේලියක්ම එක පාරක් කියවල ආපහු බලන්නේ නැතුව නැවත නැවතත් මතකයෙන් කීම මෙහිදී කලයුතු දෙයයි.ඔබ පාඩම් කරද්දී ඒ කාරණයට අදාලව ඔබ ඉගෙනගෙන ඇති තවත් යම් දෙයක් තිබේනම් එයත් එකතු කරගන්න.අපි හිතමු ඔබ පාඩම් කරන්නේ පුද්ගලයෙකු ගැන හෝ ඉතිහාසය ගැන නම් ඔබ කියවන කරුණට අමතරව ඔබ අසා ඇති,දැනගන්නට ලැබී ඇති තවත් යම් දේවල් ඔබ එයට එකතු කරගන්න.මෙය දිගටම නැවත නැවතත් කරන්න….

දැන් මතකයේ රැඳුනු ඒවා ලියන්න

දැන් මතකයේ රැඳුනු කරුණු කොලයක් අරගෙන ලියන්න..ඔබ එකතු කල ඒවත් ලියන්න.

තව කෙනෙක්ට කියල දෙන්න

මේ ක්‍රමය මා ප්‍රිය කරන ක්‍රමයක් වගේම හුගක් දේවල් මතකයේ තියාගන්න පහසුම ක්‍රමයක්,මොකද අමුතුවෙන් ඔලුවට දාගෙන stress එකෙන් පාඩම් කරන්න ඕනෙත් නැති නිසා.ඔබට පුළුවන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් ඔබටම කියාදෙන්න.නැත්නම් ඔබ ඉදිරියේ ඉන්න කෙනෙක්ට කියල දෙන්න..එය අදාල කරුණු ඉගෙනගන්න අවශ්‍ය කෙනාටත් ඔබෙන් වෙන එක්තරා සේවයක්.මෙහිදී උගන්නනකොට,කියල දෙනවිට ඔබට ගැටළු සහගත තැන් එන්නත් පුළුවන්..අන්න ඒවගේ වෙලාවලදී ඔබටත් යමක් අලුතෙන් ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙනවා..සොයන්න අවස්ථාවක් ලැබෙනවා…එය හුඟක් වැදගත් දෙයක්.ඒවගේම ඔබට පුළුවන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරන්න.මෙතැනදී ඔබ කියවූ දේ නැවත කියවෙනවා වගේම ඔබේ දැනුමින් ප්‍රශ්න සෑදීමෙන් මතකය අලුත් වෙනවා..තවත් කෙනෙක්ට ඉගෙනගන්නත් අවස්ථාවක් සැලසෙනවා…ඒ නිසා කිසිදෙයක් මතකයෙන් ගිලිහෙන්නෙත් නැහැ..

Recordings වලට නිතර ඇහුම්කන් දෙන්න

අපි සින්දු අහන්න පුරුදුවෙලා ඉන්න වෙලාවේ පුළුවන් මේ දේ කරන්න.සින්දු වෙනුවට ඔබේ පටිගත කිරීම් වලට සවන්දෙන්න.මෙය ඔබට කොහේ වුනත් කරන්න පුළුවන් දෙයක් නිසා කරුණු මතකයට එන එක පහසුවෙන් සිද්දවෙනවා

විවේකය

දැන් ඔබේ මනසට විවේකයක් දෙන්න.දැන් ටික වෙලාවක් විවේකයෙන් ඉන්න..හුඟක් මහන්සි නම් පොඩි නින්දක් ගන්න..තේ එකක් බොන්න..නැත්නම් සින්දුවක් අහන්න..ආපහු පාඩමට ආවම කොච්චරක් ඔයාට මතකද කියල බලාගන්නත් පුළුවන් වේවි.එතකොට ඔබේ දුර්වලතාත් හඳුනාගන්න හැකිවේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here