ඔයාට ඔයාව අමතක නම්..ඉන්න ..මම මතක් කරලා දෙන්නම්….

boy_consoling_girl_friend

අපේ ජිවිතයේ අපි හැමෝටම ආදරය කරන්න ආදරය ලබන්න අවස්ථාවක් ලැබෙනවා.ඒ හැම අවස්ථාවකම  අපි සාර්ථක වෙන්නේ නැතිවෙයි.ඒත් එහෙමයි කියල අපිට අපිව නැතිකරගන්න බැහැ. හොඳ ආදරවන්තයෙක්ට,ආදරවන්තියකට  මෙතැනදී අනෙකාගේ ජීවිතය යහපත වෙනුවෙන්  වෙනස් කරන්න හැකියාව තියෙනවා.වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න එක හොඳ සැබෑ ආදරයක්  හොඳටම ප්‍රමාණවත්.ඔයත් එහෙම කෙනෙක්ද?එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාගේ ආදරය  වෙනුවෙන් කරන්න දේවල් ටිකක් මම කියන්නම්.ඔයාගේ ආදරයට  මෙන්න මෙහෙම එයාගේ වටිනාකම පහදන්න ඔයාට පුළුවන් නම්……

මම මතක් කරන්න ඕනේ…ඔයාට හැමෝම ආදරෙයි කියල…

ඔයාගේ පවුලේ අය ඔයා වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියි.ඔයාව සතුටෙන් තියන්න මම,ඔයාගේ යාලුවෝ,අපි ඕනෙම දෙයක් කරනවා.ඔයාව ජිවිතේ එකපාරක් හරි හමුවුණු අය ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ.මොකද ඔයා ඒතරම්ම මතකයේ රැඳෙන කෙනෙක්.ඔයා ගොඩක් බුද්ධිමත්,ඔයා ගොඩක් සංවේදියි.මම  ඔයාට ගොඩක් ආදරෙයි….ඉන්න…ඒ ඇයි කියල කොහොමද කියල මම පෙන්නන්නම්…

ඔයා ඉන්නේ තනියම නෙමෙයි කියල මතක් කරන්න ඕනේ…

මම ඔයා එක්ක ඉන්නවා..ඒ වගේම ගොඩක් අයත්.ඔයාට තියෙන්නේ එක දෙයයි.ඇහුම්කන් දෙන්න විතරයි.ඔයා බයට තනියෙන් මුනදෙන්න ඕනෙකමක් නැහැ.ලෝකෙම බර තනියෙන් ඔයාගේ උරහිසේ පටවගන්න ඕනේ නැහැ.හැමදේකටම උත්තර තනියෙන් හොයන්න ඕනෙත් නැහැ.අපි හැමෝම අතරමං වෙන වෙලාවල් තියෙනවා.අපි හැමෝම නාඳුනන දේවලට බයයි.ඕනෙනම් අපිට එකටම අතුරුදහන් වෙලා යන්නත් පුළුවන්.ඒත් හොඳම විසඳුම එකතුවෙලා උත්තර හොයන එක නේද?

ඔයා දක්ෂ කෙනෙක්…

ඔයාට අරමුණක් තියෙනවා.ඔයාගේ හීන වලට යන්න ශක්තියක් තියෙනවා.කොච්චර තරගකාරී පරිසරයකදී වුනත්,ඔයාට පුළුවන්කම තියෙනවා අනෙක් අයගේ අවධානය යොමුකරගන්න.මම මතක් කරන්න ඕනේ..කවදාවත් ඔයා වෙනුවෙන් මම බලෙන් අවදානය යොමුකරේ නැහැ.ඔයාගේ යාලුවෝ,පවුලේ හැමෝම ත් එහෙමයි.ඔයාගේ හැම ප්‍රශ්නෙකදිම ඔයා වෙනුවෙන් මං ඉන්නවා.ඔයාගේ ලොකුම රසිකයා වෙලා.

ඔයා හොඳම කෙනා වෙන්න උත්සහ ගන්න ඕනේ නෑ..ඔයා ඔයාම වෙන්න..ඒක තමා ඔයාව සාර්ථක කරන්නෙත්..

ඔයා වෙනස් කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නෙමේ.ඔයාව කවුරු වැරදියට වටහාගෙන තියෙනව වුනත් ඒකෙනුත් ගැටළුවක් නැහැ.මට ඔයාට ආදරේ කරන්න ඉඩදෙන්න.ඔයාව මට වැරදියට පේන්නේ නැහැ.මට දැනෙනවා මගෙන් විතරක් ඔයාගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියල.ඒත් මම ඔයා වෙනුවෙන් ඉන්නවා කියන එක මතක තියාගන්න…

මම ඔයා බවට පත්වෙලා  නිසා ඔයා දකින අයහපත් දේවල්,ඔයාට දැනෙන දුක,වේදනාව මටත් දැනෙනවා

ඔයාට නින්ද යන්නේ නැති තරම් තියෙන ප්‍රශ්න වලදී වුනත්,පුංචිම පුංචි වේදනාවකදී වුනත් ඕනෙම දේකට මං ඉන්නවා.මම ඔයා ලඟින් ඉඳගෙන ඒ හැම වෙලාවකදීම ඔයා කවුද? ඔයාට යන්න පුළුවන් දුර ගැන..ඔයාගේ ඉදිරිය ගැන මතක් කරලා දෙන්නම්…

“ඉතින් දුක් වෙන්නේ ඇයි? ඔයාට මම ගොඩක් ආදරෙයි…..”

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here