රට යන්න කලින් බලන්නම ඕනේ ඔබේ ගමන් මල්ල

දැන් ඔයාගේ admission එකත් හරි.පවුලේ අය,යාළුවන් අත්හැරලා ඈතකට යන්න වෙන දවසත් ටික ටික ලං වෙනවා.විදේශ රටක ඉගෙනගන්න ඔයාට යන්න අවස්ථාව ලැබිල තියෙනවා.ඒක කොච්චර සතුටුදායි වුනත් ටිකක් හරි හිතේ චකිතයක් ඇතිනොකරනවා නොවේ.ඒත් අපි කාටත් ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තියෙනවා.මම pack කරගන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියන එක තමයි ඒ ගැටලුව.සපත්තු කීයක් අරන් යන්න ඕනෙද?ඔයාගේ බෑග් එක හැමදේටම හරියනවද? ගෙනියන්න පුළුවන් බර සීමාව අනුව pack කරගන්නේ කොහොමද?එහෙනම් රට යන්න කලින් ඔයාගේ travelling bag එක සුදානම් කරගන්න අපිත් පුංචි හරි උදවුවක් කරන්නම්කො…..

අත්‍යවශ්‍ය දෙයට අවදානය යොමුකරන්න

ඔබ ගෙනයන්න අවශ්‍ය සියලු වැදගත් ලියකියවිලි ගැන මුලින් අවදානය යොමු කරන්න.පාස්පෝර්ට්,වීසා,ගුවන් ටිකට්පත්,ලිපිනයන් වල විස්තර,දුරකථන අංක ආදී ඔබට නිතර ඕන වෙන දේවල් පහසුවෙන් ගත හැකිවෙන්න ඕනේ නිසා ඒවා සියල්ල  ඔබ ළඟ තබාගන්නා බෑගය  තුල තබාගන්න.ඔබ මුදල් බොහෝ ප්‍රමාණයක් රැගෙන යන්න ඉන්නවනම් එයට කුඩා පර්ස් එකක් (hand pouch) වෙන්කරගන්න.සමහර පර්ස් ඉනේ බැඳ තබාගන්න හැකිවන අයුරෙන් වෙළඳපොළට පැමිණෙනවා.එය ඔබට වඩා පහසු වේවි.

සැහැල්ලුවෙන් තියාගන්න

ගොඩාක් අය මොකක් හරි ඇඳුමක් ඕනේ වෙයි කියල හිතෙනකොටම ඒ සේරම ඇඳුම් ගමන් මල්ල ට දමාගන්න පෙළඹෙනවා.අත්‍යවශ්‍ය ඇඳුම් මොනවද කියන එක මුලින් ලැයිස්තුවක් හදාගත්තාම ඒ ගැන වදවෙන්න ඕනේ නැතිවෙයි.එවිට තෝරාබේරා ගෙන ඇඳුම් සුදානම් කරගන්න ඔබට පහසුවේවි. ඇඳුම භාවිතාකරන අවස්ථාව අනුව ඔබට ඇඳුම් ඇසිරීම පිළිවෙලකට හදාගන්න පුළුවන්.යට ඇඳුම්,සාමාන්‍ය ඇඳුම්,ඔෆිස් වෙයාස්  ආදී ලෙස ඔබට එකම ගමන් බෑගය තුල වුනත්  වෙන් කරගන්න පුළුවන්.ඔබේ මේස්,ටයි පටි,අත් මේස්,තුවා,පිහිනුම් ඇඳුම්,ජැකට්ස්,සීත ඇඳුම් පහසුවෙන් ගත හැකිවන ලෙස වෙනම තබන්න.ඉක්මනින් ඕනේ වෙන දේවල් උඩට ත් අවශ්‍යතාවයේ මූලිකත්වය අනුව ඊළඟට අවශ්‍ය ආදී ලෙසින් ඔබේ ඇඳුම් පෙළගස්වා අසුරා ගන්න එක ගොඩක් වැදගත්.දැන් කොච්චර ඉඩක් තව ගන්න පුලුවන්ද? බර ප්‍රමාණයට සෑහෙන්න තියෙනවද කියන එකත් බලන්න.ඇඳුම් වලට ගොඩක් ඉඩ ගිහින් තියෙනවනම් අත්‍යවශ්‍යම ඇඳුම් වලට පමණක් මුල් තැන දෙන්න.සමහර ඒවා ඔබට අඩු මිලට එහෙත් මිලට ගන්න ලැබෙනවා.ඒ නිසා මුලින් ටිකක් ඒවා ගැන හොයලා බලන්න.එවිට ඔබේ අත්‍යවශම ඇඳුම මොකක්ද කියල ඔබටම තීරණය කරගන්න පුළුවන්.පුළුවන් තරම් අත්‍යවශ්‍යම අංග ගැන පමණක්ම උනන්දු වෙන්න.බර ප්‍රමාණය අඩුකරගන්න එක ගමනට වුනත් එක්තරා පහසුවක්.අනික පිළිවෙල නිසා ඔබට පහසුවෙන් ඕනේ මොනවද එච්චර ඕනේ නැත්තේ මොනවද කියල දැනගන්නත් පුළුවන් නේ.

ඉඟි:

ඇඳුම් මලුවල ඉඩ ඉතිරි කරගන්න හුඟක් බර ගතියක් තියෙන වැඩි ඉඩක් වෙන්වෙන ජැකට් එක පිටත් වන දිනයේ  ඔබ ඇඟ ලා ගන්න.

ඔබේ ගමනාන්තය සීතලයි නම් ප්‍රමාණවත් තරම් උණුසුම් ඇඳුම් ගෙනයන එක වැදගත්.ගමනාන්තයට ලඟා වෙද්දීම ඔයාට ඕනේ වෙන්නත් පුළුවන්.

අවශ්‍යතාවය අනුව භාණ්ඩ පිළිවෙලට අසුරා ගන්න.ඒක මම නැවත නැවතත් මතක් කරන දෙයක්.මොකද උදාහරණයක් විධියට ඔයා නවාතැනට ගියාම ඔයාට තුවාය අවශ්‍ය වුනොත් සේරම ඇඳුම් ටික අදින්න ඕනේ නැහැ ඔයා තුවා වගේ අත්‍යවශ්‍ය දේ උඩින් අසුරලා තියෙනවනම් නේද?

සේරම ඇඳුම් ඔයාගේ baggage එකේම අසුරන්නත් එපා (ඒ කියන්නේ ඔයාගේ විශාල බෑගයේ )…. ඇඳුම් වලින් කොටසක් අත්‍යවශ්‍යතාවය මත පිළිවෙලට ඔයාගේ hand luggage එකෙත් අසුරගන්න,මොකද ඔයාට හදිස්සියෙවත් තාවකාලික නවාතැනක (hotel room වැනි ) නවාතැන් ගන්න සිදුවෙන්න පුළුවන්.එහෙම වෙලාවට වොෂ් එකක් දාගන්න,නිදහසේ විවේක ගන්න ඇඳුම් එහෙම තියෙන්න ඕන නේ.

රැගෙන යන්න පහසු විදියේ බරෙන් අඩු බෑගයක් මිලදී ගන්න.. උදාහරණ විධියට සූට් කේස් එකකට වඩා ට්‍රොලි බෑග් එකක් පහසුයි.

formal ඇඳුම් නම් ගොඩක් අසුරගන්න ඕනෙත් නැහැ මොකද ඒවා නිතරම ඔයාට ඕන වෙන්නේ නැහැනේ.දිගු අත් සහිත ෂර්ට් දෙකක්,බ්ලේසර් එකක්,ටයි පටියක්,ෆෝමල් කලිසම් දෙකක් බොහෝ ප්‍රමාණවත්.ඔබ ඒවා අඳින්නේ නිල උත්සවයක් වෙලාවට විතරයි..නිල හමුවක් වගේ අවස්ථාවකටනේ.

ඔයාට අවශ්‍ය නැහැ කියල හිතෙන ඕනෙම දෙයක් ඔයාගේ ලිස්ට් එකෙන් ඉවත් කරන්න.නිකමට හරි හිතෙන්නේ ඕන වෙන්නේ නැහැ,අරන් ගියත් වැඩක් වෙන්නේ නැතිවෙයි කියල නම් තවත් හිතන්න එපා.අයින් කරන්න.මොකද බොහෝ එවැනි දේවල් ඔබ යන රටෙන් මෙහෙට වඩා අඩු මිලට ගන්නත් අවස්ථාවක් ලැබෙනවා.මොකද ඇතැම් දේවල් අපේ රටට වඩා විදේශ රටවල බහුලව දකින්න පුළුවන් නිසා.

බිඳෙනසුළු, ප්‍රවේශමෙන් රැගෙන යන්න අවශ්‍ය  ලැප්ටොප්,කැමරා වගේ භාණ්ඩ ඔබ ළඟ තබාගන්නා hand luggage එකේ අසුරාගන්න.

ඉලෙක්ට්‍රොනික උපකරණ 

යුනිවර්සල් පවර් ඇඩප්ටර් එක රැගෙන යා යුතු බොහෝ වැදගත් උපාංගයක්.එය ඔබේ ඉලෙක්ට්‍රොනික් උපාංග කිසිදු අවහිරයකින් තොරව ක්‍රියා කරවා ගන්න ඔබට උදවුවක් වේවි.ලැප්ටොප්,ටැබ්,කැමරා වලට අමතරව ඒවා චාර්ජ් කරගන්න අවශ්‍ය චාර්ජර්ස් වලටත් ඔබ ඉඩක් වෙන් කරගන්න ඕනේ.

විකල්ප උපාංග 

සමහර දේවල් තියෙනවා ගෙනියන්නත් ඕනේ-ගෙනියන්න ඕනත්  නෑ වගේ කියල හිතෙන දේවල්. ඒවගේ දේවල් අත්‍යවශ්‍යම දේවල් අසුරද්දී පුංචි ඉඩක් ගන්න පුළුවන් නම් විතරක් ඒ ඉඩේ අසුරාගන්න.

මේක් අප්,ක්‍රීම් වර්ග,බොඩි ලෝෂන් වර්ග ආදිය ඔබට හුඟක් නිතර පාවිච්චි කරන්න වෙන දේවල්.ඒවගේම අනිවාර්යයෙන් ඔබට සපත්තු,සෙරෙප්පු එහෙමත් ඕනේ වෙනවා.නමුත් ඔබේ බෑගය ඉඩ අනුව ඒවා ගණනින්  යම්තාක් සීමා කර රැගෙන යන්න.ඒතරම් ඕනේ වෙන්නේ නෑ කියල හිතෙන,ඉඳහිට ඕනි වේවි කියල හිතෙන දෙයක් තියෙනවනම් ඒවගේ දේවල් ගෙනියන එකේ තේරුමක් නැහැ.අවශ්‍ය වුනාම එහෙන් මිලදී ගන්න එක ඊට වඩා ඵලදායී වේවි.

මොනවයින්ද මම වළකින්න  ඕනේ ? 

  • ආභරණ ආදිය අසුරන්න එපා. සාපේක්ෂව ඒවා පැළඳගෙන යන එක ඊට වඩා හොඳයි.
  • පිහි,බ්ලේඩ්,ආයුධ,කතුරු ආදී දේවල් රැගෙන යන්න එපා.හැම ගුවන් සේවාවකම වගේ ඒවා ගෙනයන්න දෙන්නේ නැහැ.
  • ඒ වගේම ඇතැම් ගුවන් සේවා වල සුවඳ විලවුන් ගෙනයාම,ලික්විඩ්ස් ආදිය තහනම්.ඒ ගැන සොයාබලන්න අමතක කරන්න එපා.
  • ආහාර,නැත්නම් ලීක් වෙන දේවල් අසුරන්න එපා.ඔබ ගමන් ගන්නේ ෆ්ලයිට් එකකනේ….
  • අමතරව ඩියෝඩ්රන්ට්,අමතර ෂැම්පු, සබන් ආදිය ගෙනයාමෙන් පලක් නැහැ.ඉස්සෙල්ලාම  ගුවන් සේවයෙන් ඒවා රැගෙන යන්න ඉඩ දෙනවද කියන එක ගැනත් ටිකක් සොයා බලන්න. කොහොමත් ඒවා ඔබට එහෙදිත් මිලදී ගන්න පුළුවන් නේ.අමතර බරක් එකතුවෙනවා විතරයි.
  • බෙඩ් ෂීට්,බ්ලැන්කට්,කොට්ට උර ආදිය ගෙනයාමෙන් වළකින්න  පුළුවන්.මන්ද ඔබේ නවාතැනින් ඒවා කොහොමත් ඔබට ලැබෙන නිසා.

සුභ ගමන්…..


sathya_wijewardena_womanly_2016_11_003b

ඔබ අසුරන උපකරණ,ඇඳුම් ආදියේ ලැයිස්තුවක් පිළිවෙලට සකස්කරගෙන එය ඔබ ළඟ තබාගන්න hand luggage එකේ හෝ ඔබේ කුඩා පර්ස් එකේ හෝ තබාගන්න.යම් අවස්ථාවලදී ඔබේ විශාල ගමන් මල්ල ගුවන් තොටුපල තුලදී collect කරගන්න ගියාම යම් ආකාරවලින් එහෙමෙහෙ වෙලා තියෙන්නත් පුළුවන්.නැතිවෙන්නත් පුළුවන්,නැත්නම් ලැබෙන්න මාසයක් දෙකක් යනවා කියල කියන්නත් බැරි නැහැනේ.ඉතින් ඒ නිසා ඔබ ඇසිරු භාණ්ඩ ආදියේ ලැයිස්තුවක් තියාගැනීමෙන් ඔබට අත්‍යවශ්‍ය වෙන්නේ,දැන් ඕනේ වෙන්නේ මොනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න හරි ලැයිස්තුව ඔබ ගාව තියෙන නිසා එතරම් ගැටලුව බරපතල නොවේවි.බොහෝ වෙලාවට මෙවන් ගැටළු අහිවෙනවා අඩුයි.නමුත් එහෙම නොවේවි කියල අපිට හරියටම කියන්න බැරි නිසා සුදානම කෝකටත් හොඳයිනේ නේද?

අපි හිතනවා මේ පුංචි කරුණු කාරණා තුලින් ඔබට ඔබේ ගමන් මලු සකස්කරගන්න යම් උදවුවක් වුනා කියල. එහෙනම්…පරිස්සමින් ගිහින් එන්නකෝ……

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here