හෙළ රන් දෙරණේ මහා පුරුෂයන් ආචාර්ය පණ්ඩිත් අමරදේව ගාන්ධර්වයාණන්ගේ ජීවිතයෙන් බිඳක්

0
2825
wd_amaradewa_master
” තන්හා ආශා ඔලගු කරේයා 
මඟතොට නොබලා 
මඟතොට නොසොයා
කොයිබද මේ යන්නෙ…. “

1927 දෙසැම්බර් මස 05 වැනි දින  දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස දොන් ගිනෝරිස් පෙරේරා හා මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මාපියන්ට දාව උපත ලද ඒ පිංවත් කුමරා  නමින් වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නම් විය. ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද මෙම දරුවා පසුව කළුතර විද්‍යාලයෙන් හා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබුවාය.  පසුව තම පියාගේ ආභාෂය ලමින් ඉන්දියාවේ ලක්නව් නුවර බාත්කන්ඩේ අධ්‍යාපන ආයතනයෙන් ලැබූ පරිචයත් සමඟ ලංකාවට පැමිණෙන ඇල්බට් පෙරේරා  සිතාරය , තබ්ලාව, හාර්මෝනියම වැනි ශ්‍රාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින් සිංහල ජන සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනු ලැබුවාය.  එතැනින් තම සංගීත දිවියෙහි ප්‍රතිභාව මැනවින් පෙන්නුම් කල මෙතුමා සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහි කිරීමට ගත් උත්සහාය අපරිමාණය.

මහගමසේකර නම් වූ පද්‍ය රචකයාණන් සමඟ එක්ව ස්වභාවික සංගීතය යොදා ගනිමින් පරිසරයේ ස්වභාවන් මනා ලෙස ඉස්මතු කරමින්  ස්වභාවික සංගීතය සමස්ත ජාතියකම භාවමය ආත්මයන් ප්‍රවර්ථනය වන අයුරින් නිර්මාණ බිහි කිරීමට මෙතුමා සමත් විය. ඒ අතර  කරදිය, නළ දමයන්ති  ආදී කාව්‍යමය නාට්‍ය වලටද  රන් මුතු දූව, ගම්පෙරළිය, රන් සළු, රෑන ගිරවු, ගැටවරයෝ යන චිත්‍රපටි වලටද  වෙස්සන්තර වැනි නූර්ති නාට්‍ය වලටද  ගීත ගායනා කිරීමට මෙතුමාණන්ට හැකි විය.  සරල ලෙස මනාව සියලුම පැතිකඩ පෙන්වා දෙමින්  සිය භාවාත්මක කටහඩින් හා විපුල සංගීත ඥානයෙන් රසික සිත් අමන්දානන්දයට පත් කල මෙම විශිෂ්ට කලාකරුවාණන්  2001 වර්ෂයේ පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානයද , ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය හා ශ්‍රී  ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානයද  , 1998 දී දේශමාන්න්‍ය සම්මානයද දිනා ගත් අතර  ගවුම් සලාම් නම් මාලදිවයිනේ ජාතික ගීයේ තනු නිර්මාණයද  මෙම යුග පුරුෂයා අතින් නිර්මාණය වුනී.

අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද  අමරදේව නම් වූ ඒ විශිෂ්ඨ නාමය මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් ලබා දෙන ලදී.  විශාරද නන්දා මාලනී, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් බොහොමයකට සරල ගී විෂයෙහි නිර්මාණ මෙතුමා අතින් නිර්මාණය වූවාය.  ජාතික ආලය , දරු නැළවිලි , ස්වභා සෞන්දර්ය විදහා පාමින් සරල ගී නිර්මාණයේ නියමුවන් ලෙස මෙම හෙළ යුග පුරුෂයා හදුන්වා දීමට හැකිය.

” පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා…
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝළ බැලුම් හෙලුවා… “

මෙවැනි සරල ගී රාශියක් එතුමාගේ කටහඩින් රසවත් කර රසික සිත් සතන් කුල්මත් කර වූ මෙම හෙළයේ මහා ගාන්ධර්වයාණෝ හෙළ සංගීතය ආලෝකමත් කිරීමට දැරූ වෙහෙස හා කැපවීම රසිකයන් ලෙස අප අගය කල යුතුමය. සිංහල සංගීතයට අපරිමිත සේවයක් ඉටු කල  හෙළයේ මහා ගාන්ධර්වයාණෝ  පණ්ඩිත් අමරදේව ගුරු පියාණන් පසුගිය 03 වැනිදා දින හදිසි හෘදයාබාධයක් වැලදීම හේතුවෙන් දැයෙන් සමු ගන්නා ලදී.යුග යුග සැනසූ මෙම උත්තම මිනිසාගේ නික්ම යෑම සංගීත කේෂ්ත්‍රයේ සිදු වූ මහාත් අඩුවක් ලෙස දැනෙනු ඇත.

” සසර වසන තුරු 
නිවන් දකින තුරු 
පිංකෙත හෙළ රන් දෙරණේ 
යලි උපදින්නට හේතු වාසනා  වේවා …. “

අප හෙළ පුරුෂයාණනි , ගාන්ධර්වයාණනි, ගුරු පියාණනි, ඔබ නික්ම ගියද ඔබ මතු මතු ද අප හදවත් තුල සදානුස්මරනිව ජීවත් වනු ඇත.  යලිත් මේ දෙරණේ  උපදින්නට  ඔබ සිදු කල යුග මෙහෙය හේතු වාසනා වේවා..

පණ්ඩිත් අමරදේව හෙළයේ මහා ගාන්ධර්වයාණන්ට Womanly.lk  අප සියලුම දෙනා  අජරාමර නිවන් සුව පතන්නෙමු. ඔබ වෙනුවෙන් ලියවුන මෙම ලිපිය ඔබට උපහාරයක්ම වේවා…

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here