ඔබත් ඔසප් වේදනාව නිසා කනස්සල්ලෙන් පසුවන කාන්තාවක්ද? එසේනම් මේ දේවල් ඔයාටත් ප්‍රයෝජනවත් වේවි.

0
4267
sick-girl

ඇත්තටම කාන්තාවක් කියන්නෙ උතුම් මව් පදවියට වාසනාව ලබන කෙනෙක්. ඉතින් ඒ උත්තරීතර මව් පදවියට පලමු අඩිතාලම තමයි ඔසප් ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු වීම. ඕනෑම යුවතියක් මල්වර වීමෙන් පසුව මාස් පතා සිදුවන මෙම ඔසප් ක්‍රියාවලිය නිසා බොහෝමයක් කාන්තා උදවිය ගොඩක් අපහසුතාවන්ට මුහුණ දෙනවා. අන්න ඒ අපහසුතා මඟ හරවා ගන්න අද Womanly.lk තුලින් අප ඔබට පොඩි උපදෙස් ටිකක් දෙන්න කැමතියි. ඉතින් ඔසප් දිනවලදී  ඔබත් මුහුණ දෙන මේ පොඩි පොඩි අපහසුතා මඟ හරවා ගන්න ඔයත් මේ දේවල් අනුගමනය කරන්න.

හොඳින් වතුර පානය කරන්න

ඇත්තටම ඔසප් අවස්ථා වලදි ගොඩක් කාන්තාවන්ට දරාගත නොහැකි බඩේ වේදනාවන් ඇති වෙනවා. මෙහෙම වෙන්නෙ ගොඩක් දුරට ඔසප් ක්‍රියාවලියේදී  පිටවන රුධිරය  කැටිති ලෙස පිට වීම නිසා. ඉතින් එහෙම කැටිති ලෙස තියෙන රුධිර කැටිති දිය වෙන්න දිය වෙන්න ඔබට ඇති වෙන වේදනාව සමනය කර ගන්න ඔබටත් පුළුවන්. අන්න ඒ හේතුව නිසා ඔබ හොඳින් වතුර පානය කළ යුතු වෙනවා. ඔබ වැඩියෙන් වතුර පානය කරන්න කරන්න ඔබට ඇති වෙන බඩේ වේදනාවත් මඟ හරවා ගන්න පුළුවන්.

පිරිසිදු බව

ඔසප් දින වලදී ඔබ වෙනදාටත් වඩා පිරිසිදුව සිටිය යුතුයි. ඇත්තටම ඔසප් දින වල නෑම අගුණයි. නමුත් ඇඟපත සෝදා  ඔබේ සනීපාරක්ෂක තුවා දවසට තුන් වතාවක් වත් මාරු කිරීම තුලින් ඔබට ඇතිවෙන අපහසුතා  මඟ හරවා ගන්න ඔබට පුළුවන් වේවි.

සැහැල්ලු බව

ඔබ වේදනාවෙන් , අපහසුවෙන් ගෙවන ඔසප් දින කිහිපය තුලදි පුළුවන් තරම් සැහැල්ලු වැඩ වලට පමණක් යොමු වෙන්න. දර පලන්න, බර ඔසවන්න, උස් ස්ථාන වල නගින්න එහෙම යන්න එපා. මොකද ශරීරය ගොඩක් තෙහෙට්ටු වෙද්දි ඔබට ඇති වෙන වේදනාවල් ද වැඩි වෙනවා. ඒ වගේම තමයි ඒ දවස් වලට පුළුවන් තරම් සැහැල්ලු ඇඳුම් අඳින්න. මොකද පමණට වඩා ශරීරය තද වෙන ඇඳුම් ඇඳීමෙන් ඔබට ඇති වෙන අපහසුතා වේදනා  වැඩි වෙන්න පුළුවන්.

වේදනා නාශක භාවිතයෙන් අත් මිදෙන්න

ගොඩක් කාන්තාවන් ඔසප් දිනය ලබන දවසෙ ඇති වෙන දැඩි වේදනාව නිසාම වේදනා නාශක භාවිතයට හුරු වෙලා ඉන්නවා. ඇත්තටම ක්ෂණික සහනයක් බලාපොරොත්තුවෙන් ඔබ වේදනා නාශක භාවිතා කරත් පසුවට එය ඔබට ලොකුවට බලපාන කරදරයක් වේවි. ඒ නිසා ආයේ කවදාවත් ක්ෂණික සහනයට වේදනා නාශක පෙති බොන්නෙ නැතිව  වේදනාවක් දැනුන විටදි  අයිස් කැට කිහිපයක් ගෙන පොට්ටනියක් සාදා  ඔබගේ උදරය අවට හොඳින් තබා තවන්න. එමගින් ඔබට ඇති වෙන  වේදනාව අඩු කරගන්න පුළුවන් වේවි.

ගැලපෙන ආහාර තෝරා ගන්න

ඇත්තටම අනිත් දවස් වලදි   වගේ නම් නෙවෙයි ඔසප් දින වලදි ඔබ ලබා ගන්නා ආහාර පිළිබඳවත් ගොඩක් සැලකිලිමත් විය යුතුයි. වේදනාවෙන් අත් මිදෙන්න නම් ඒ දිනවලදි  තෙල් බැදුම් කෑම වලින් වගේම  අන්නාසි, රතු අල, ඉස්සො, දැල්ලො වගේ කෑම වලින් ටිකක් දුරට ඈත් වෙලා ඉන්න. ඒ වගේම කොළ ජාති, සුප්, කොළ කැඳ, බිත්තර, සව්, වගේ කෑම ඒ දවස් වලදි ආහාරයට ගැනීම ගොඩක් සුදුසුයි.

ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔසප් දින වල ඔයාට ඇති වන අපහසුතා වේදනා මඟ හරවා ගන්න ඔයාට උදව්වක් වේවි. ඇතැම් අය එතරම් නොසිතන පොඩි පොඩි දේවල් පවා ඔසප් වේදනාවෙන් පසු වෙන ඔයාට අපහසුතාවක් වෙන්න පුළුවන්. ඒ නිසා එම අපහසුතා මඟ හරවා ගෙන සාර්ථක කාන්තාවක් ලෙස ඔයත් ලෝකය ඉදිරියට යන්න ඔයාගේ ජීවිතේ ජය ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here