ඔබ මෙවැනි ලිංගික කරුණු පිළිබදව දැන සිටියාද

0
31182
husband-and-wife

අපිට අනන්‍ය වූ සංස්කෘතිය, සදාචාරය නිසා අපි ලිංගිකත්වය පිලිබදව කතා කිරීමට තරමක් මැලිවෙති. නමුත් විවාහ දිවියට එළඹෙන කාන්තාවට සහ පිරිමියාට ලිංගික ජිවිතය පිලිබදව අවබෝධයක් තිබීමෙන් ඔවුන් දෙපලටම යහපත් පවුල් ජීවතයක් ගෙන යා හැකිය. මන්ද පවුල් ජිවිතයක් රදා පැවැත්මට ලිංගිකත්වය ප්‍රබල ලෙස බලපාන නිසාය.

ලිංගික සංසර්ගයේ යෙදෙන විට ඔබේ සිරුරේ මාංසපේෂීශක්තිමත් වන අතර යහපත් කොලොස්ටරෝල් සපයන ඔබේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහල යයි. ලිංගික කරුණු පිලිබදව කරුණු ගෙන එන බෙවරල් විපල් කියන්නේ එන්ඩොර්ෆන් සිරුරේ ස්වභාවික වේදනා නාශකයක් බවයි. එය නිදහස් වන්නේ ලිංගික සංසර්ගයේ යෙදීමෙනි. එයින් හිසරදය, බෙල්ලේ ඇතිවන වේදනාවන් හා ආතරයිටස් ආදියට සහනය ලැබෙන බවත් මොහු පෙන්වා දේ. උපරිම ලිංගික සතුටක් ලැබූ විට එමගින් ප්‍රතිශක්තිකරණය වැඩි වේ. මෙකි ලිංගික සංසර්ගය නිසා විඩාවෙන් තොර දිගු කලක් ජිවත් වීමටත් ඉතා ශක්තිමත් ජිවිතයක් ගත කිරීමටත් බලපානු ලැබේ.

පිරිමින්ට මෙන් නොව ගැහැණියට සෑම විටම ලිංගික සංසර්ගයේ යෙදීමට කැමැත්තක් නැත. ඇයට යම් කිසි ගැටළුවක් තිබේ නම්, රැකියාවේ ගැටළු, දරුවෙකු අසනීප වී සිටිනම් තම හොදම මිතුරෙකුට කරදරයක් වී ඇත්නම් ඇයට ලිංගික එක්වීම ගැන කුඩා හැගිමක්වත් නැත. ඇයට එවැනි අවස්ථාවක් අවශ්‍ය වන්නේ බොහෝ දුරට හොදින් නිදා ගැනීමයි.

නමුත් පිරිමියා මිට වඩා හාත්පසින්ම වෙනස්ය. ඔහු ගැහැණිය මුහුණ දුන් ප්‍රශ්න වලට මුහුණ දුන්නේ නම් ඔහු එම ප්‍රශ්න වලින් මිදෙන්නට බලාපොරොත්තු වන්නේ ලිංගිකව එක් වීමෙනි. මෙවෙනි අවස්ථාවල දෙදෙනා අතර ගැටළු හට ගැනීමේ අවස්තාව වැඩිය. පිරිමින්ගේ ලිංගික අසාවන් ගැන බැලු විට 8%ක් ලිංගික සතුටට ලොල් වෙති. නමුත් ගැහැණු 3%කටත් අඩු බව පර්යේෂණ මගින් පෙන්වා දේ. නමුත් මෙය වෙනස් විය හැකිය. ඇතැම් කාන්තාවන් පිරිමින්ට වඩා ලිංගිකත්වයට ලොල් වෙති.

පිරිමින් නිතරම බලන්නේ තම ඇස සතුටු කිරීමටය. එම නිසා ලිංගික දර්ශන ඔවුන්ට විශාල බලපෑමක් සිදු කරයි. ඔහු ඉතා ලැදී බවක් ඇගේ සිරුරට දක්වයි. නමුත් කාන්තාව නිතරම කන පිනවීමට කැමති නිසා ලිංගික එක්විමකදී පවා පිරිමියා ආදර වචන කියනවාට ඇය කැමති වේ. නමුත් පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ ලිංගික කාර්යයන් වලදී පිරිමින් කතා කරන්නේ ඉතාමත් අඩුවෙන් බවයි. ලිංගික කාර්‍යයේදී පිරිමියා භාවිතා කරන්නේ ඔහුගේ දකුණු මොළයයි. ඔහු එම කාර්යයේ දැඩි ලෙස බැදී සිටින නිසා ඔහුට අවටින් කියන දේ එතරම් වැදගත් නැත.

නමුත් ගැහැණු ලිංගික එක් වීමට පෙර ආදර බස් දෙඩවීමටවීමට ඉතාමත් ප්‍රිය කරයි. ඇයට වචනය ඉතාමත් වැදගත් වන අතර මේ නිසා පිරිමියා කතා නොකරන විට ඇය සිතන්නේ ඇයට පිරිමියා ප්‍රිය නොවන බවයි. එවැනි කාර්යයන් වලදී යම් ආදර බස් කතා කිරීම වැදගත්. එමගින් ඇය සතුටක් ලබයි. කාන්තාවන් ලිංගිකව එක් වන විට  අවට ශබ්ධය පිළිබදවද හොද  අවධානයකින් සිටි. නමුත් පිරිමින්ගේ අරමුණ ඒ කාර්යය ගැන පමණි.

සතුටෙන් විවාහ වූ ගැහැනියකුට තවත් ප්‍රේම සම්බන්දයක් ඇති වන්නේ කලාතුරකිනි. නමුත් සතුටෙන් විවාහ වුවද තවත් කාන්තාවන් සොයා යන පිරිමි සිටිනවා. පෙම් සබදතාවලින් 90%ක් පටන් ගෙන ඇත්තේ පිරිමින් විසිනි. නමුත් 80%ක් ම අවසන්න්නේ ගැහැනුන්ය. එසේ සිදු වන්නේ ගැහැණියට සම්බන්දතාවයක් දිගටම පවත්වා ගෙන යෑමට අවශ්‍යය. නමුත් මිනිසාගේ මොලයේ ආදරය හා ලිංගිකත්වය ලෙස කොටස් දෙකකට බෙදී පවතිනවා. පිරිමින්ගේ මොලයේ මේ අංශ දෙක අතර සම්බන්දතාවයක් නැති නිසා ඔහුට ආදරේ කිරීමට අවශ්‍ය වන විට එම අංශය අවධි වන අතර ලිංගික මධ්‍යස්ථානය අවධි කොට ලිංගිකත්වය විදිය හැකිය. ඇතැම් විට මේ දෙකම එකවර සිදු කරයි. නමුත් කාන්තාවන්ට මේ දෙකම ඒකකය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here