පිරිමි සහ ගැහැණුන් මෙතරම් වෙනස් වන්නේ ඇයි

0
8833
man-and-woman

පිරිමියා විවිධ භාණ්ඩ වලට කැමති වන විට ගැහැණිය මිනිසුන් අතරට කැමති වේ. ගැහැණු දරුවන්ගේ මොලය සකස් වී ඇත්තේ මිනිසුන්ගේ මුහුණු වලට ප්‍රතිචාර දැක්වීම සදහාය. පිරිමි ළමයින්ගේ මොලය සකස් වී තිබෙන්නේ විවිධ භාණ්ඩ වලට ප්‍රතිචාර දැක්වීමටය. ගැහැණු අය අන් අයගේ මුහුණවල් කෙරෙහි ඇල්මක් දක්වනා මෙන්ම පිරිමින්ට නොව දෙතුන් ගුණයක කාලයක් අන් අයගේ ඇස් දෙස බලා සිටීමේ හැකියාව ඇත.

වයස අවුරු 12 පමණ විට ගැහැණු දරුවන් තම පවුලේ පින්තුර එකතු කරන්නට පටන් ගනී. ඔවුන්ට තම පවුලේ ඇයගේ පින්තුර , අනෙකුත් පින්තුර පිරිමි දරුවන්ට වඩා හදුනා ගැනීමේ හැකියාවක් තිබේ. පිරිමි දරුවෙකුට ගැහැණු දරුවන් එලෙස හදුනා ගැනීමට නොහැකි වුවත් තමන්ගේ නැති උණු සෙල්ලම් බඩුවක් නම් ඉක්මනින්ම හදුනා ගන්න පුලුවනි. එමෙන්ම ගැහැණු දරුවන් රවුමට වාඩි වී කතා කිරීමට කැමැත්තක් දක්වනු ලැබේ. මන්ද ගැහැණු දරුවන් අනෙක් අයගේ මුහුණවල් බැලීමට, හැගීම් දන ගැනීමට කැමැත්තක් දක්වනවා. ගැහැණු දරුවන් සෙල්ලම් ගෙවල් සකස් කරන අතර ඔවුන් තරමක් කුඩා හුරුබුහුටි හැඩයෙන් යුත් ගෙවල් සකස් කරන්න කැමතියි. නමුත් පිරිමි දරුවන් මෙම ගෙවල් සකස් කර විට  අනෙක් අය අතරින් කැපී පෙනෙන, තරමක් වෙනස උස ශක්තිමත් සෙල්ලම් සකස් කරයි. මෙහිදී පිරිමින් කාන්තාවන්ට වඩා බලය පිලිබදව සිතනු ලබයි.

පිරිමි දරුවන් ගැහැණු දරුවන් මෙන් නොව තරග කරනවා, පොර කනවා. බදා ගන්නවා ආදී ලෙස සෙල්ලම් කරයි. ඔවුන් කැමති ආකාරයට සෙල්ලම් බඩු සකස් කර ගෙන කටයුතු කරනවා. ඔවුන් කැමති ආකාරයට සෙල්ලම් බඩු සකස් කර ගෙන එකිනෙක අතර තරග වදිමින් සෙල්ලම් කරනු ලබයි. නමුත් ගැහැණු දරුවන් එසේ නොවන්නේ එකිනෙක සමග එක් වී අනෙක් අයගේ දේවල් කතා කරන්න, තමන් කැමති පිරිමි ළමයෙකු සිටි නම් ඒ ගැන කතා කරන්න කැමති වේ. තමන්ගේ පන්තියට අලුතින් ගැහැණු ළමයෙකු පැමිනියහොත් ඇගේ හැඩරුව පෙම්වතෙක් සිටිනවාද යන්න ඔවුන් යුහුසුළුව සොයා බලයි.

පිරිමි දරුවෙකුට යම් භාන්ඩයක් ලබා දුන්නහොත් ඔහු එය කඩා විසිකර එහි මොනවා තිබෙන්නේ දැයි නිරීක්ෂණය කර බලයි. නමුත් කාන්තාව් එසේ නොව. එම භාණ්ඩය තම අසල තබා ගෙන පරිස්සම් කරයි. එසේම ඔබ විවාහ උත්සවයකට ගියහොත් ඔබ පිරිමියෙක් නම් ඔබට එහි සිටින මිනිස්සු ගැන, සැරසිලි, ඇදුම් පිලිබදව ඔවුන් කතා කරන්නේ නැත. ඔවුන් කතා දෙන්නේ එම දෙපල රාත්‍රී කාලය ගත කරන ආකාරය ගැනයි.

එමෙන්ම ගැහැණු  දරුවන් එකතු වී කතා කරනවාට වඩා  පිරිමි ළමුන් එකතු වුවාම කතා කරන දේවල්වල තරමක් වෙනසක් පවතී. ගැහැණුන් අල්ලපු ගෙදර සිදුවන සියල්ල දනී. ඒ ගෙදරට එන්නේ කවද, ඒ පිරිමියා අදින් ඇදුම් ප්‍රේම සබදතා මේ සියල්ලම දනී. ඔවුන් මේ දේවල් පිලිබදව එකට එක් වී කතා කරයි. ඔවුන් සියලු රහස් පිලිබදව කතා කරන අතර එමගින් ඔවුන් අතර පවතින බැදීම් තවත් වැඩි වේ.

පිරිමි ළමුන් වඩා කතා කරන්නේ විවිධ ක්‍රියාවන් ගැනයි. කවුරුන් හෝ ක්‍රීඩා කරන විට හොදට සෙල්ලම් කළා නම් එවැනි ක්‍රියා පිලිබදව වැඩිපුර කතා කරයි. එසේම තම රැකියාව, කාලින තොරතුරු, තාක්ෂණය ආදී දේ පිලිබදව කතා කරයි. එසේම පිරිමින්ට ගැටළුවක් පැමිණි විට ඇතිවන විඩාවත් සමග ඔහු නිහඩ වේ. ඔහු සිදු කරන්නේ සිය දකුණු මොලය භාවිතා කරමින් සිය ප්‍රශ්න විසදීමට උත්සහ ගැනීමයි. මේ නිසා ඔහුට වම් මොලයෙන් කෙරෙන් සවන් දිම, කතා කිරීම තරමක් නවතී. ඔහුට ප්‍රශ්න විසදන අතරේම සවන්දිය නොහැකිය. ඔහුට වරකට එක දෙයක් පමණ කල හැකිය. නමුත් කාන්තාවන් තම ගැටළු හමුවේ කතා කරමින් සිතට සැහැල්ලුවක් ලබා ගනී.

මේ ආකාරයට ගැහැනුන් සහ පිරිමින් එකිනෙකට වෙනස්ය. මෙකි වෙනස්කම් අනුව ඔවුන්ගේ සිරුර සකස් වී ඇත. මේ වෙනස්කම් වටහා ගැනීමට නොහැකි වූ විට ගැටළු හට ගැනේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here