වාහන පදවන කාන්තාව සහ පිරිමියා අතර වෙනස

0
4311
Young woman driving her car

පිරිමින්ට වඩා ගැහැනුන් වාහන පදවන්නේ තරමක් වෙනස් ආකාරයකටය. ඇය තරමක් සන්සුන්භාවයෙන් යුතුව වාහන පදවනු ලැබේ. නමුත් පිරිමි නැමි නැමි වංගු සහිතව, වේගයෙන් පාරවල්වල වාහන පැදවීමට රුචිකත්වයක් දක්වන බව අපි අනන්තවත් දැක තිබෙනවා. ඒ සදහා හැකියාවක් ඔවුන් සතු වේ. ගියර් පද්ධතිය, ක්ලච් සහ තිරිංග වංගු වලට උචිත ආකාරයකට හසුරවමින් ඉතාමත් වේගයෙන් වාහන පැදවීමේ හැකියාව පිරිමින්ට තිබෙනවා.

පිරිමි වාහන පදවන විට ඔවුන් නොදන්නා පාරකින් ගමන් කරන්නේ Mobile Map එකෙන් දිශාව බලා ගෙනය. එසේ ගමන් කරන විට ඔබේ පෙම්වතා නිවැරදි දිශාවන් ඔබට පෙන්වන්න යැයි කියන්න පුළුවනි. එවැනි අත්දැකිම් ඔබට තිබෙනවා නම් ඔබේ පිරිමි යහළුවාට මෙන් ඔබේ පෙම්වතියට නිවැරදි දිශාව පෙන්වීමට තරම් අපහසු වන්නට ඇත. ඔබ නිවැරදි දිශාව පෙන්වන්න යැයි කියන විට ඇය තරමක් අපහසු වන්නට පුළුවනි. නැත්නම් නිහඩව පාර සොයා ගන්නට උත්සහා දරනවා ඔබ දැක ඇත. අද වන විට පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ පිරිමින්ට මෙන් සිතියම් කියවා ගන්නට කාන්තාවන්ට අපහසුය. මේ නිසා ඔබ දෙදෙනා අතර ගැටළු පවා ඇති වන්නට පුළුවනි. වාහනයක් ගමන් කරන විට ඇයට නිවැරදි දිශාව පෙන්වන්න යැයි කියන්න එපා.

එසේම කාන්තාවකට වාහනයක් පදවන ආකාරය කියා දීමද තරමක් අපහසුය. එක්වරක් තම බිරිදට වාහනය පදවන්න ආකාරය කියා දෙන්න ගිය සැමියෙකු අවසානයේදී තම බිරිදගෙන් දික්කසාද විය. ඇතැම් විට ඔබට එය පුදුමයක් ගෙන්වන්නක් විය හැකිය. කාන්තාවන්ට එකවරම දිශාවන් හදුනා ගැනීමේ අපහසුතාවයක් පවතී. ඔබ ඔබේ බිරිදට හෝ පෙම්වතියට වාහනය පදවන ආකාරය කියා දෙන විට වාහනය වමට හරවන්න, දෙන දකුණට, ගියර් මාරු කරන්න, පාරේ යන ඇය ගැන හිතන්න, හිත එක තැන තියා ගන්න ආදී ලෙස විවිධ උපදෙස් ගණනාවක් දිය හැකිය. ඇතැම් විට ඔබ මෙවෙනි ආකාරයට උපදෙස් ලබා දෙන විට ඇය බියට පත් වුවහොත් දැන් බයේ දගලන්න එපා යැයි අනිවාරයෙන්ම පවසාවි.

පිරිමින්ට මේ කාන්තාවන්ට වාහන පදවන්න තරමක් අපහසු වන අතර ඔවුන් ඉතාමත් ප්‍රවේශයෙන් වාහන පදවනු ලැබේ. එමෙන්ම කාන්තාවන් රිය පදවන විට සිදු වන අනතුරුද අවම වනු ලැබේ. ගැහැනුන් පිරිමින්ට වඩා තරම් ආරක්ෂාකාරීව වාහනය පදවනු ලැබේ. ඒ කෙසේ වෙතත් පිරිමියාට කාන්තාවට වඩා නිවැරදි මාර්ගය සොයා ගෙන ඉක්මනින්ම තමන්ට අවශ්‍ය ස්ථානයට ලග විය හැකිය. පිරිමියාට ගැහැණිය සහ තමා අතර පවතින මේ වෙනස හදුනා ගත නොහැකි නිසා ඔබට කේන්ති යන අවස්ථාද ඇති විය හැකිය.

ඔබේ පෙම්වතිය ඔබෙන් යම් ස්ථානයකට ලගා වන ආකාරය පිලිබදව අසනවා යැයි සිතන්න. වමට හැරිලා උතුරට, කිලෝමිටර් 05ක් විතර යන්න ලෙස කවදාවත් උපදෙස් දෙන්න එපා. ඔබේ එසේ පැවසුවහොත් එය කාන්තාවට නොතේරෙනවා නියතය. ඔයාට දැන් බැංකුව දකින්න පුළුවන්, රතු පාට ගේට්ටුවක් සහිත ගෙදරක් තියෙනවා. ආදී ලෙස හදුන්වා දෙන්න. එසේ වුවහොත් ඇයට ඔබ කියන දේ වැටහේවි.

එමෙන්ම පිරිමියාට මෙන් නොව ගැහැණියට පසුපසට වාහනය පැදවීමේ හැකියාව ඉතාමත් අඩු බව තමා පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ. මන්ද වාහනය පදවන විට විවිධ අවස්ථා අනුව වාහනය පිටුපසට ගැනීමට සිදු වන අතර ගැහැනියෙකුට එක්වරම එවැනි අවස්ථාවක් ගැන සිතිය නොහැකිය. ඔබ බිරිදට හෝ පෙම්වතියට එක්වරම වාහනය පිටුපසට ගැනීමට සිදු උනොත් ඇයට චකිතයක් ඇති වනු ඇත. කාන්තාවකට අධික වාහන තදබදයක් තිබෙන ස්ථානයක් නම් ඇයට එය කිරීමට තරමක් අපහසු වනු ඇත. බොහෝ කාන්තාවන් විශාල ඉඩක් සහිත තැන වල වාහනය නවත්වා ඉතිරි ටික පයින් යන්නට කැමතිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here