කාලය හැමදේම විසඳාවි

love-breakup

මම ඔයාගෙන් දෙයක් අහන්නද?
මාව තෝරගත්ත  එක  ගැන ඔයා ඉන්නේ කලකිරීමෙන්ද?මට  ආදරේ  කලේ  අකමැත්තෙන්ද?ඔයාගේ හදවත මට දෙන්න අකමැති වුනාද?මම ඔයාට ආදරේ නැහැ,ඔයා ගැන බැලුවේ නැහැ කියල ඔයාට හිතිලා තියෙනවද?මම ඔයාගෙන් ඈත් වුන එක ගැන ඔයා සතුටු වෙලා තියෙනවද?මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්න පටන්ගත්තු එක ගැන ඔයාට සතුටක් දැනිල තියෙනවද?

ඔයා තනියෙන් ඉන්න හිතුව වෙලාවලට මගේ එක ඇමතුමක්,මැසේජ් එකක් හරි බලාපොරොත්තු වුනාද?මට මැසේජ් කරන එක කෝල් කරන එක සැප දුක අහන්න විතරක් ඇතියි කියල ඔයාට  හිතල තියෙනවද?මම ගැන කාත් එක්ක හරි කතාකරල තියෙනවද?මම කරන්නේ ඔයාගේ කාලේ නාස්ති කරන එක කියල ඔයාට හිතුනද?ආදරේදී,ඉවසිමේදී මම කරන්නේ කාලය නාස්තියක් කියල ඔයාට දැනුනද?

මේවා මෙච්චර ප්‍රශ්න වුනේ කොහොමද කියල ඔයාට හිතෙනවා ඇති.ඒත් මේවා කවදාවත් මට උත්තර නොලැබුණු ප්‍රශ්න.ඇත්තටම මම ඔයාට මේ දේ කියන්න  හිතුවේ නැහැ.මම දන්නවා මම  ඒ දේ  කරන්න ඕනේ කියල නමුත් මට කරන්න බැරි දෙයක් ඒක.මං ඔයාට ගොඩක් දේවල් පොරොන්දු වුනා.මම ඔයාට පොරොන්දු වුනා හිතාමතා හෝ රිදවන්නේ නැහැ කියල… පොරොන්දු ගොඩක් දුන්න.මම ඔයා වෙනුවෙන් සටන් කරනවා කියල පොරොන්දු වුනා.අපි දෙන්න වෙනුවෙන් අරගල කරන්න ටිකක් හරි ඔයාවත් මම යොදාගත්තා කියල මම දන්නවා ඒත් ඒක අහන්නත් දෙයක්ද? අපි වෙනුවෙන් අපි දෙන්න නැතුව වෙන කවුරු සටන් කරන්නද?

හැම දෙයකටම පස්සේ අපේ මතකයන් ටික මම එකතු කරන්න උත්සහ කළා.ඒ අළු අතරෙන් මම හොඳ දේවල් එලියට ගන්න හැදුවා.මම ඔයා වෙනුවෙන් ඕනෙම දේකට මුණ දෙන්න බලාපොරොත්තුවෙනුයි හිටියේ.මොකද මම එච්චරට ඔයාට ආදරේ  වගේම ඔයා ගැන තියපු විශ්වාසය  නිසා.ඒත් තවදුරටත් මට එහෙම විශ්වාසයක් තිබ්බේ නැහැ.මම මෙය ලියන මොහොතේ වුනත් මට තේරෙන්නේ නැහැ මම ඉන්න තත්වේ.මම ඇත්තටම ඔය කියන තරම්  එච්චරටම නපුරු කෙනෙක්ද?ආදරය කරන්න,අඩුම තරමින් ඒකට උත්සහ කරන්නවත් මට බැරිද?ඔයාගේ ඉවසීම සිමාව පැන්නද?මම නිසා ඔයාගේ හදවත ගලක් වුනාද?ඒක මගේ වරදක්ම වෙන්න පුළුවන්.මගේ පිස්සු වැඩ නිසා වෙන්නත් පුළුවන්.ඒ නිසයි මම හිතන්නේ බිඳුණු හිතක්,හැඟීම් නැති හිතක් ඔයාට ලැබුනෙත්.ඒවගේම ඔයා හිතුවෙත් ඔයා නිසා ලස්සනට ඉන්න පුළුවන් කෙනෙක් විනාශ වෙලා ගියා කියලයි.කොහොම වුනත් ඒ බිඳුණු විශ්වාසය මාව ශක්තිමත් කළා.ඔයාට ඒකට ගොඩක් ස්තුතියි.උදේ අවදිවුනාට පස්සේ ඉඳන් හැමදෙයක්ම සාමාන්‍ය විධියට කරගෙන යන්න මට ඒක ධෛර්යයක් වුනා.මුලදී මට හුඟක් අමාරු වුනා…නමුත් ටිකෙන් ටික ඔයා නැතුව ජිවත් වෙන්න මට පුළුවන් වුනා.කාලයත් එක්ක  මම ජිවිතේ ඉගෙනගත්තා.ජිවිතේ අපිට ලොකු පාඩමක් කියල දෙනවා.මගේ ජිවිතේ ලස්සන කරගන්න ඔයා කරපු හැම පුංචි දේකටම ගොඩක් ස්තුතියි.කවුරුවත් නැති වෙලාවේදී මට මාවම අමතක වෙච්ච වෙලාවේදී මගේ ලඟින් හිටපු ඔයාට ගොඩක් පින්.ඒත් හැමදෙයක්ම පටන්ගත්තනම් අවසානයකුත් තියෙනවා කියන එක අපි දෙන්නටම අමතක වුනේ අපි අතර එච්චර ආදරණිය බවක් තිබුන නිසා.කාලය හැම ප්‍රශ්නයක්ම ඇතිකළා වගේම හැම දෙයක්ම යතා තත්වයට පත්කලා.

ඔයාගේ අමාරු කාලවලදී මම ඔයාව වැළඳගෙන ආදරෙන් ඔයා ලඟ හිටියා.මම දන්නවා ඒවා ඔයාට අමතක නැහැ කියල.ඒත් නොගැලපීම් දිගටම තියෙද්දී අපි දෙන්නම එකතුවෙලා තීරණය කළා වෙන් වෙන්න.එක දිගටම නොගැලපීම් දැක්ක අපි අන්තිමට අපිට යහපත් තීරණයක් අරගත්තා.හදාගන්න බැරි නොගැලපීම් එක්ක ඉස්සරහට යනවට වඩා කතාබහ කරලා වෙන්වෙලා අපි දෙන්නගේ ගමන යන එක හොඳයි කියල අපි හිතුව.

දැන් ඔයත් මමත් වෙන වෙනම.ඒත් අපි ශක්තිමත්.අදටත් දැක්කොත් හිනාවෙලා කතාකරන්න තරම් අපි අපිට අවංක වෙලා.කාලය අපිව වෙනස් කළා.ආදරෙන් ඉඳල ආදරෙන් වෙන් කළා.ඒත් ඒ කාලයම අපිව ශක්තිමත් කළා.මම හිතන්නේ ඔයයි මමයි වගේම ආදරෙන් පැරදෙන හැමෝම හිතන්න ඕනේ ජිවිතේට පණක් දෙන්න මිස ඒ ජිවිතේ නැතිකරගන්න නෙමේ.අද අපි දෙන්නම මොනවා වුනත් අපේ ජීවිතවල සතුටක් හොයාගෙන තියෙන්නෙත් ඒ නිසයි.

කාලය ඔයාට ගොඩක් ස්තුතියි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here