ඔබ ලබා ගන්නා ප්‍රධාන ආහාර වේල් තුන පිළිබඳව ඔබ දැනුවත්ද ?

0
8186

මිනිසාට ජීවත් වීමට අත්‍යාවශ්‍යම දේවල් අතර ආහාර කියන්නෙ ප්‍රධානතම දෙයක්. ඉතින් මිනිසාට ජීවත් වීමට වගේම එදිනෙදා තමාට කරන්න තියෙන කටයුතු හරි විදියට කර ගන්නත්  ශක්තිය අවශ්‍යයි. මිනිසා එම ශක්තිය ලබා ගන්නෙ ඔවුන් ලබා ගන්නා ආහාර වලින්.  ඉතින් ඔබ අප කවුරුත් දන්නවා අපට ප්‍රධාන ආහාර වේල් තුනක් තියෙනවා. ඒ තමයි උදේ, දවල් , රාත්‍රි  කියන ප්‍රධාන ආහාර වේල් තුන. ඉතින් මේ කියපු  ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව  ඔබත් සමහර විට  තවත් අමතර දේවල් පොඩි බඩගින්නට එකතු කර ගන්න පුළුවන්.  ඇත්තටම ඔබ මේ ප්‍රධාන ආහාර  වේල් තුන පිළිබඳව  හොඳින් දැන හිටියද?  මේ ප්‍රධාන ආහාර වේල් තුන ඔබ ලබාගත යුත්තේ කුමන ආකාරයෙන්ද කියලා ඔබ නිසි ආකාරයෙන් දැනගෙන හිටියද?

ඇත්තටම යහපත් ආහාර රටාවක් කියන්නෙ කාන්තා ඔබට වගේම පුරුෂ පාර්ශවයේ ඔබටත් තරබාරු බවෙන් මිදෙන්න වගේම  ඔබගේ  ඉදිරියට නෙරා ආ උදරයත් අඩු කර ගන්න හොඳ අවස්ථාවක්. අන්න ඒ නිසාම මම හිතුවා අද womanly.lk  ඔබගේ පවුලේ පිටුව තුලින්  ඔබ ලබා ගන්නා ප්‍රධාන ආහාර වේල් තුන ලබා ගත යුතු  නිවැරදි ආකාරය ගැන ඔබට කියන්න.

උදෑසන ආහාර වේල

ඇත්තටම උදේ ආහාර වේල කියන්නෙ දවසෙ ප්‍රධාන ආහාර වේල් තුනෙන් වැදගත්ම ආහාර වේල. ඔබත් අහලා ඇති නේ කතාවකුත් තියෙනවා උදේට නම් රජෙක් වගේ කන්න ඕන කියලා. ඇත්තටම අපි මොන ආහාර වේලෙත් කොයි තරම් හොඳට ආහාර ලබ‍ා ගත්තත් උදේ ආහාර වේල නම් මඟ හරවා ගන්නෙ නැතුව උපරිමයෙන්ම ලබා ගත යුතු වෙනවා. ඔබ දන්නවද අනෙත් ආහාර වේල් දෙකටත් වඩා උදෑසන ඔබ ලබා ගන්නා ආහාර වේලෙන් කියලා ඔබට අවශ්‍ය ශක්තිය ඔබේ ශරීරයට ලබා දෙන්නෙ.  ඇත්තටම අපේ ගොඩක් කාන්තාවන් උදේ නැගිටපු වේලාවෙ ඉඳලම  ගෙදර දොරේ වැඩ පලත් එක්ක උදෑසන ආහාර වේල ලබා ගන්නෙ  උදෑසන  නවය, දහයත් පහුවෙලා. ඇත්තටම ඒ වේලාවට උදේ ආහාරය ගන්න එක නම් ඒ තරම් සුදුසු නෑ. මොකද උදෑසන ආහාර වේල ඔබ අවදිවෙලා පැයකට පසු ලබා ගන්නේ නම් එය තමයි වඩාත් හොඳම විධිය වන්නෙ. ඉතින් උදෑසන ආහාර වේලකට සාමාන්‍යයෙන් මොනවද ලබා ගත යුත්තෙ කියලත් ඔබට කියන්න ඕන.
විශේෂයෙන් උදෑසන ආහාර වේලක් සඳහා
• රතු කැකුළු බත් සමඟ පොල් සම්බොල හා බැඳුමක්
• ඉඳි ආප්ප හා කිරි හොඳි
• පිට්ටු
• කඩල, මුං ඇට, කව්පි
• රොටී සමඟ උම්බලකඩ සම්බෝලයක්
• නූඩ්ලස්
• කිරි බත්
මෙවැනි ආහාර වේලක් ඇත්තටම උදෑසන ඔබගේ ආහාර වේලට එක් කරගත හැකි නම් ගොඩක් හොඳයි. ඔබගේ ප්‍රධාන ආහාර වේල් තුන අතරින් උදෑසන ආහාර වේල නම් මඟ නොහරවාම ලබා ගත යුතුයි.  ඒ වගේම උදෑසන ආහාර වේලට අමතරව
• නැවුම් පළතුරු යුෂ වීදුරුවක්
• කොළ කැඳ වීදුරුවක්
ලබා ගැනීමට ඔබට හැකි නම් ඇත්තටම හොඳයි.

දහවල්  ආහාර වේල.

දහවල් ආහාර වේල නම් ඉතින් අපි කවුරුත් හොඳ හැටි ලබා ගන්නවා නේ. නමුත් ඔබ දහවල් ආහාර ලබා ගන්නෙ කීයට විතරද? රැකියා වල නිරත වන අපේ සමහර උදවිය නම් වැඩ වලට හිර වුනාම කන එක ගැන නම් හිතන්නෙම නැති තරම්. ඇත්තටම ඔබ දන්නවද  දහවල් ආහාරය දහවල් 12ත් 12.30ත් අතර ලබා ගත යුතුයි කියලා.  එහෙම නොවුනොත් තමයි ගොඩක් දුරට ඔබට ගෑස්ට්‍රයිසිස්  කියන තත්වයට මුහුණ දෙන්න වෙන්නෙ. ඒ නිසා ඔන්න ආයෙ නම් දහවල් ආහාර වේල ලබා ගන්න එක දෙක වෙනකන් ඉන්න එපා. වැඩ කරන්නත් අපි කෙලින් ඉන්න එපැයි නේද ? .
ඒ වගේම දහවල් අහාර වේලට ඔබ ලබා ගන්නා ආහාර පිගාන වර්ණවත් බවින් යුතු විය යුතුයි කියලා ඇමරිකානු පරේෂකයන් පිරිසක් හොයා ගෙන තිබෙනවා. ඇත්තටම දහවල් ආහාර වේලකට

රතු කැකුළු බත් සමඟ පලා මැල්ලුමක්, මාළු ව්‍යාංජනයක් , පරිප්පු, අඹ ව්‍යාංජනයක් , එළවළු  ව්‍යාංජන දෙකක් වත් අඩු තරමින් තිබිය යුතුයි.
දහවල් ආහාර වේල දවසින් දවස වෙනස් වූ ආකාරයෙන් හදා ගන්න පුළුවන් නම් එයත් ගොඩක් දුරට වටිනවා. අද පරිප්පු හැදුවනම්, හෙට අල ව්‍යාංජනයක් හදන්න. පහු වෙනිදට මුං ඇට, කඩල ව්‍යාංජනයක් හදන්න. මේ වගේ වෙනස් ආහාර රටාවක් ඔබත් ඔබේ දහවල් ආහාර වේලට එක් කර ගන්න.

 රාත්‍රි ආහාර වේල

ඇත්තටම අනිත් ආහාර වේල් දෙකටම වෙනස් ආහාර   රටාවක් රාත්‍රියට තියා ගන්න. ගොඩක් අය නම්     කියන්නෙ අනිත් වේල් දෙකම නොකා හිටියත් රාත්‍රියට නම් හොඳටම කන්න ඕන නැත්නම් නින්ද යන්නෙ නෑ කියලා. ඇත්තටම ඔබ එහෙම හිතන කෙනෙක් නම් ඔබ බලෙන්ම ලෙඩ රෝග  වලට අත වනන කෙනෙක්. ඔබ දන්නවද ඔබ රාත්‍රියට හැම ජාතියෙන්ම කාලා කරන්නෙ එක තැනකට වෙලා නිදා ගන්න එක. ඉතින් එහිදී මේදය ඔබේ ඇගේ තැන්පත්     වෙන ප්‍රමාණය වැඩි    වෙනවා. අන්න ඒ වගේ අය තමයි ඔය දියවැඩියාව , කොලෙස්ටරෝල් වගේ ලෙඩ වලට ඉක්මනින් ගොදුරු වෙන්නෙ. ඒ නිසා රාත්‍රියට ඔබ ආහාර ලබා ගත යුත්තේ ඉතාම අල්ප ප්‍රමාණයයි. දවල්ට බත් හැදි තුනක් ගන්නවා නම් රාත්‍රියට ඔබ බත් හැන්දක ප්‍රමාණයෙන් ලබා ගන්න
නැතිනම් පාන් පෙති දෙකක්, ආප්ප දෙකක් හෝ තුනක්, කිරි වීදුරුවක් සමඟ බිස්කට් දෙකක්. මෙන්න මේ වගේ සැහැල්ලු ආහාර  වේලක් රාත්‍රියට ලබා ගන්න ඔබට හැකියි නම් ඔබට බොහොමයක් ලෙඩ රෝග වලින් වැළකී සිටින්න පුළුවන් .

ඉතින් මම හිතනවා ඔබත් ඔබ ලබා ගන්නා ප්‍රධාන ආහාර වේල් තුන පිළිබඳව යම් කිසි ආකාරයෙන් දැනුවත් වෙන්න අතැයි කියලා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here